රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 06, සඳුදා 16:10

මුත්‍රා අශ්වරී හෙවත් මුත්‍රා ගල්

ලිව්වේ  පමිතා කුමාරි ගුණතිලක
අගයන්න
(0 මනාප)
මුත්‍රා පද්ධතිය තුළ හටගන්නා ගල් මුත්‍රා අශ්වරී නම් වේ. වකුගඩු ආශි‍්‍රතව සෑදෙන මේ ගල් මුත්‍රානාළ දිගේ මුත්‍රාශයට ගමන් කිරීම නිරායාසයෙන් සිදුවන අවස්ථා ද පවතී.

 

මුත්‍රා පෙරීමේ ක්‍රියාවලියේ දී ජලය අඩු වීම නිසා වියළි ස්වභාවයකින් පෙරීම මේ රෝගයට හේතු වේ. ආයුර්වේදයේ සඳහන් වන්නේ දුක සේ මුත්‍රා පහ කිරීම මේ රෝගයට මුල් වෙන බවයි. ආමවාත, රක්තවාත වැනි රෝග නිසාද මුත්‍රාගල් හටගනී.

මේ රෝගය ඇති බව පෙන්වන ලක්ෂණ නම් තුනටිය වේදනාව, ඉණ පෙදෙසේ සිට කලවා දක්වා පැතිරී යන වේදනාව, මුත්‍රා තද පාටින් පිටවීම, වමනය යන අතර බොහෝ විට තුනටියේ එක් පැත්තක පමණක් බොහෝ විට වේදනාව හටගනී. ගැහැනු පිරිමි දෙපක්ෂයටම මුත්‍රා ගල් හට ගත්තත් වැඩි වශයෙන් පුරුෂ පක්ෂයට මෙය වැලඳේ.

මේ රෝගයට නුසුදුසු ආහාර ඇත. එනම් අඹ, ඇඹරැල්ලා, අන්නාසි, අච්චාරු, ලුණුදෙහි, රඹුටන්, මැංගුස් වැනි ආම්ලික ආහාරයි. සුදුසු ආහාර වන්නේ පිපිඤ්ඤා, රාබු, කැකිරි, නීරමුල්ලිය, සුවඳැල් කෙසෙල්, ඉදුණු පැපොල්, කටු අනෝදා ආදියයි. ජලය පානය අත්‍යවශ්‍ය වේ. මේ රෝගයට ප්‍රතිකාර කළ යුත්තේ මුත්‍රාගල්වල ස්වභාවය අනුවයි. බටහිර වෛද්‍ය ක්‍රමය මඟින් පරීක්ෂණ තුළින් ඉක්මනින්ම ඒවායේ ප්‍රමාණය තීරණය කරගැනීමට හැකිවීම ආයුර්වේදීය ප්‍රතිකාරවලටත් ඉතා පහසු වේ. 10ථථ අඩු මුත්‍රා ගල් හැලීමට ඉතා පහසු ප්‍රතිකාර ඇති අතර 10ථථ වැඩි විශාල ගල් කුඩු කිරීමට ද ප්‍රතිකාර ක්‍රම තිබේ. මේ විශාල ගල් හැලීමේ දී ඇතිවන වේදනාව සමනයට පිටතින් යොදන ආයුර්වේද ආලේපන තිබේ. මුත්‍රා ගල් ඇති අය අක්කපාන කෑම සුදුසු මුත් එසේ කෑ යුතු වන්නේ ගල්තලා මත සෑදෙන අක්කපානයි. එසේම කුප්පමේනියා ශාකය (උල් හැඩය ඇති කුප්පමේනිය පත්‍ර ඇති ශාකය නොව රවුම් හැඩැති පත්‍ර ඇති කුප්පමේනියා ශාකය) භාවිතයෙන් මුත්‍රා ගල් කුඩු කළ හැකියි. ආයුර්වේදයේ ප්‍රතිකාර වන කෂාය, ගුලි, චූර්ණ, කල්ක තුළින් අතුරු ආබාධ රහිතව මේ රෝගය සුව කළ හැකියි. මේ ප්‍රතිකාර කරන විට බඳුනකට මුත්‍රාකිරීමෙන් කුඩු වූ මුත්‍රා ගල් දැකගත හැකිය. රෝගය සුව වූ පසු මෙහි සඳහන් පත්‍ය එනම් සුදුසු ආහාර ගැනීමෙන් නැවත මුත්‍රාගල් සෑදිම වළක්වා ගත හැකිය. මුත්‍රා ගල් ඇති අයටත්, එය තිබී සුව වූ අයටත්, මින් වැළකී සිටීමට කැමැති අයටත් ඖෂධීය ගුණැති, රසැති නිතර කෑමට ගත හැකි කැකිරි වෑංජනය පිළියෙල කරගත හැකි ආකාරය මෙසේය.

කැකිරි ඇට අඹරා හෝ බ්ලෙන්ඩරයකින් කොටා රෙදි කෑල්ලකින් හෝ දැලකින් පෙරන්න. එය කැකිරි මාළුවට එක්කර පිස ආහාරයට එක්කරගන්න.

 

 

උපදෙස්

දේශීය ආයුර්වේද වෛද්‍ය

සමිතා ප්‍රභාෂිණී එදිරිවීර

සෙත්සිරි වෙදගෙදර

අතුරුගිරිය

1029 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 06, සඳුදා 16:11
අදහස් එක් කිරීමට ලොග් වෙන්න