රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 14, අඟහරුවාදා 13:30

ජීවිතයේ සිහින සැබෑකරගත් ගැහැනියක්

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
දුක් විඳින තරමට සිතට ලැබෙන දිරිය විශාලයි     ජීවිතය පිළිබඳ සුබ සිහින දකින්නට මෙන්ම එම සිහින සෑබෑ කරගන්නට ද ඔබට අයිතියක් ඇත.

 

එහෙත් අපේ කාන්තාවන් බොහොමයක් සැම විටමත් හිතන්නේ අසුබවාදී ලෙසය. ජීවත්වන්නේ ද අසුබවාදී ලෝකයක් ගොඩනගාගෙනය. එපමණක් නොව හැමදෙයක් දිහාම බලන්නේ ද අසුබවාදී රූපයකිනි.

මෙලෙස සැමවිටම අසුබවාදී වීම ජීවිතය අසුබවාදීවීමට සෘජුවම බලපෑම් කරයි. ඒ නිසා පළමුව ඔබ කළ යුත්තේ ඔබේ සිතේ තිබෙන මේ අසුබවාදී බව සදහටම ඉවත්කර ගැනීමයි. සාර්ථක ජීවිතයක් උරුමකර ගන්නට සිතේ පුංචිම හෝ බලාපොරොත්තුවක් ඇතිකර ගත යුතුයි. ඒ පුංචි බලාපොරොත්තුව ඉටුකරගන්නට වෙහෙස විය යුතුයි. අද අපේ කතාවේ නායිකාව ද මෙලෙස පුංචි අවදියේ පුංචිම පුංචි බලාපොරොත්තුවක් සිත දල්වාගෙන හැම බාධකයක්ම මැඩගෙන ඉදිරියට ගොස් සාර්ථකත්වයේ හිණිපෙත්තටම නැඟි දිරිය කාන්තාවකි. අද දවසේ දී අනන්ත දුක් විඳින අපේ දියණියන් ට ඇය කදිම ආදර්ශයක් සපයනු ඇත.

‘ශානියා ට්වේන්’ නම ලාංකේය ඔබට එතරම් හුරු නොවනු ඇත. එහෙත් පොප් සංගීතයට මෙන්ම රොක් සංගීතයට ඇල්මක් දක්වන බටහිර ගීත රස වින්දනය කරන්නන්ට නම් මේ නම ආගන්තුක නැත. ඇය කැනේඩියන් ගායිකාවකි. සාර්ථකත්වය පිළිබඳ කතා කිරීමේ දී දිරිය ගැහැනියක් ලෙස හමුවන ශානියා ට්වේන් ගේ කතාව අපි කියවමු.

අවුරුදු දෙකේ දී

ශානියාගේ අම්මයි තාත්තායි දික්කසාද වෙන කොට ඇයට අවුරුදු දෙකයි. ශානියායි ඇයගේ බාල සහොදරියෝ දෙනනයි එක්ක අම්මා ඔන්ටාරියෝවල වින්ඩ්සර් ගමේ ඉඳලා ටිමින්ස් ගමට යනවා. ඇය එහිදී හමුවන ජෙරී ට්වේන් සමඟ විවාහ වෙන අතර සිය දියණියන්ට ද මේ අලුත් තාත්තාගේ වාසගම හිමිවෙනවා. ඊටත් පස්සේ පවුලට පිරිමි දරුවකුත් එකතු වෙනවා. මේ පවුල බොහොම දුප්පත්. ඒ විතරක් නෙමේ තමන්ට අලුතින් ලැබුණූු සුළු පියා බොහොම රළු ගති ගුණ තිබුණු ප්‍රචණ්ඩකාරී අයෙක්. ඒ ප්‍රචණ්ඩත්වය අම්මට වගේම මේ දියණියන් තිදෙනාටත් විඳින්න සිද්ධ වුණා. ගෙවුණු ළමා කාලය පිළිබඳ ඇය මෙහෙම කියනවා.

“බඩගින්නේ ඉස්කෝලේ ගිය වාර ගණන ගණින්න බැරි තරම්. කෑමක් කියලා දෙයක් ගෙනිච්චත් ඒ පාන්පෙත්තක් මොනවා හරි පුංචි දෙයක් එක්ක. ඇපල්, රෝසට් කරපු මස් සමඟ පාන් ආදිය දිවා ආහාරයට අරගෙන එන පන්තියේ ළමයි දිහා මම බලාගෙන හිටියේ ඊර්ෂ්‍යාවෙන්. මට කන්න දෙයක් නැති වුණාම බඩගින්න ඉවසගන්න බැරි වුණාම මම ළමයි නොකා ඉතිරි කරන දේවල් ඉල්ලගෙන කන්න පුරුදු වුණා. ඒක කරන්න මගෙ හිතට ධෛර්යයක් තිබුණා. මම හිතන්නේ නැහැ ඒක නින්දාවක් කියලා. අදත් මම ඒක නරක දෙයක් කියලා හිතන්නේ නැහැ. ඒ වගේම මගේ ළමා කාලය ගැන කණගාටු වෙන්නෙත් නැහැ. ඒ හැම දෙයකින්ම මාව ශක්තිමත් වුණා. මගේ ධෛර්යය වැඩි වුණා. දුක් දරාගන්න වගේම අනාගතය ගැන සුබ සිහින දකින්නත් මගෙ හිත ශතක්තිමක් කළා. මම වගේම මගේ සහෝදර සහෝදරියනුත් මේ තත්ත්වයට මුහුණ දුන්නා.

සුළු පියාගේ ප්‍රචණ්ඩත්වය

 

ඒ විතරක් නෙමේ අපේ සුළු පියා අපිට නොසෑහෙන්න පහර දුන්නා. ඒක අපේ ළමා හිත්වලට පුදුම පීඩනයක් ගෙනාවේ. ඔහු ගෙදර ඉන්නවා නම් අපි බයේ වෙව්ලනවා. අපිට විතරක් නෙමේ අම්මාටත් ගහනවා. ඒ ගහන වෙලාවට මට හිතුනේ අම්මා මැරෙයි කියලා. මම කල්පනා කළා අම්මා ඇයි මේ තරම් දුක් විඳින්නේ කියලා.

අපිට අඳීන්න හරි හැටි ඇඳුමක් තිබුණෙත් නැහැ. අපේ පවුලේ දුගීබව අපේ ගුරුවරු දැනගෙන හිටියා. මම හැමවෙලාවෙම හිතුවේ මේ දුගීබවින් මිදෙන්නේ කොහොමද කියලයි. අම්මාට ශක්තියක් වෙන්න, අපිට කන්න හොයාගන්න මම මොනවා හරි කළ යුතුයි කියලා හැමවෙලාවෙම හිතුවා. ජනේලයෙන් ඈත බලාගෙන අපේ මේ ජීවිත ගැන හිතුවා. ඒ සිතිවිලි සිංදු විදිහට ලියලා ගායනා කළා. ඒ කාලෙම මට ගායිකාවක් වෙන්න ඕනේ වූණා. මම අම්මාගේ ජීවතේ ගැන ලියලා ගායනා කළා. ඒවා අහගෙන ඉඳලා අම්මා මාව ධෛර්යයවත් කළා. මම ගායිකාවක් වෙනවා දකින්න ඇයටත්

ඕනේ වුණා. ඉතිං මම පුංචි කාලෙම බාර්වල, වගේම විවිධ උත්සව අවස්ථාවල දී ත් සිංදු කියන්න පටන් ගත්තා. මමම ලියන සිංදුත් කිව්වා. ඒවායින් ලැබෙන මුදල් අම්මාට දුන්නා.

නිදහස සොයා

මම තරුණ වියට එළබුණාම අම්මා කිව්වේ නිවෙසින් පිටවෙලා ගිහින් නිදහස් ජීවිතයක් හොයාගන්න කියලා.

 

මේ ජීවිතේ තවත් දුක් විඳීන් එපා කියලා. ඇය මට කිව්වේ නිතරම ජීවිතේයට මුහුණ දීලා ශක්තිමත් වෙන්න කියලා. මම කල්බ්වල සිංදු කිව්වා. අවන්හල්වලට ගියේ සිංදු කියන්න තියෙන කැමැත්තටයි. ඇත්තටම මම ඒවාගේ තැන්වලට යන්න කැමැති වුණේ නැහැ. ඒත් අපේ දුප්පත්කමට, අපේ බඩගින්න නිවාගන්න ඒ දේවල් කරන්න සිද්ධ වුණා. ඊටත් පස්සේ මම ගෙදරින් ඇවිත් ටොරෙන්ටෝ නගරයේ නතරවෙලා මැක්ඩොනල්ඩ් ආපන ශාලාවකත් වැඩකළා. වැඩියෙන් මුදල් හොයන්න පුංචි පුංචි රැකියා ගොඩක් කළා. ඒ අතර රිය අනතුරකින් අම්මයි සුළු පියායි මිය ගියා. ඊට පස්සේ පාසල් යන මගේ සහෝදරියන් හා සහෝදරයා වෙනුවෙන් වගකීම් ඉටුකරන්න මම ආයෙත් ගෙදර ගියා. ඒ අය වෙනුවෙන් වියදම් හොයන්න මම ආයෙත් අවන්හලක ගායිකාවක් වුණා. ඒත් ගායිකාවක් වීමේ මගේ සිහිනය අත්හැරියේ නැහැ. මගේ සහෝදර සහෝදරියන්ට තනියෙන් ජීවිතේ ගෙනියන්න පුළුවන් වුණාම නැවතත් මම මගේ හීනය සැබෑ කරගන්න වෙහෙස වුණා.

ප්‍රතික්ෂේප කිරීම් වැඩියි

 

මම සිංදු ලිව්වා. සිංදු කිව්වා. මම මොනතරම් හොඳට ගායානා කළත් ප්‍රතික්ෂේප වීම් වැඩි වුණා. තනි සිංදු ගොඩාක් ගායනා කළා. ඒවා ටිකක් ජනප්‍රිය වුණා. පළමුව නිකුත් කළ ගීත ඇල්බමය සඳහා එතරම් ඉල්ලුමක් තිබුණේ නැහැ. ඒත් මම පසුබට වුණේ නැහැ. තව තවත් දිරිමත් වෙමින් ගීත ගායනා කළා. සිංදු ලිව්වා. ඒ අතර පොලිගන් රෙකොඩ්ස් සමඟ අත්සන් කර නිකුත් කළ දෙවැනි ස්ටූඩියෝ ඇල්බමය වූ ‘ඊඩඥ එධථචද ඪද ර්ඥ’ කැනඩාවේ පමණක් නෙමෙයි මුළු ලෝකයේම ජනප්‍රිය වුණා. එහි පිටපත් මිලියන හතළිහක් පමණ අලෙවි වුණා. මගේ නම සංගීත ලෝලීන් අතර රැව්පිළිරැව් දෙන්න වුණා.”

මේ විදිහට සාර්ථකත්වය අත්පත් කරගත් ශානියා ඊටත් පස්සේ පිටපත් මිලියන සිය ගණන් අලෙවි වූ ගීත ඇල්බම් නිකුත් කළා. ඇල්බම් 13 ක් පමණ නිකුත්නර ඇති ඇය තනි සිංදු ද හතළිහක් පමණ ගායනා කර තිබෙනවා. අද 51 වැනි වියේ ඉන්න ශානියාගේ විවාහයත් බිඳ වැටුණා. ඒත් ඇය අධෛර්යවත් වුණේ නැහැ. තමන්ගේ සැමියා තමාව දාලා තමන්ගේ හොඳම මිතුරිය සමඟ ගියත් ඇය ඇදගෙන වැටුණේ නැහැ. නැවතත් විවාහ වුණා. මේ වන විට ග්‍රැමී සම්මාන පහක් හිමිකරගෙන ඉන්න ශානියා ලොව ඉහළම ඉපැයීමක් ලබන ගායිකාවන්ගේ ලැයිස්තුවේ නමවැනි තැන හමිකරගෙන ඉන්නවා. කැනඩාව් පෝප් ගීත රාජිණිය ලෙසින් හැඳුනුම් ලබන ශානියා විවිධ ගරු නම්බුනාමවලින් ද පිදුම් ලබා තිබෙනවා. අද ඇයට ලොව ඉහළම සුඛෝපභෝගී දිවියක් හිමි වුණත් තමන් විඳී දුක් ගැහැට මෙනෙහි කරනවා. ඒ හින්දාම ඇය, දුක් විඳීන දරුවන් සඳහා උපකාර කරන්න ඇගේ නමින් අරමුදලක් පිහිටුවා තිබෙනවා.

ශානියා ජීවිතේ දිනලා තියෙන්නේ බොහෝ දුක් කරදරවලට මුහුණ දීලා. අද දවසේ දී ඔබත් දියණියක්, තරුණියක්, ගැහැනියක් වීම නිසාම විවිධ දුක් කරදරවලට මුහුණ දෙනවා ඇති. ඒත් අධෛර්යයවත් වෙන්න එපා. ජීවිතේ ගැන සුළුවෙන් හිතන්න එපා. ඔබ ඔබ වෙනුවෙන්ම සිහිනයක් ගොඩනගාගෙන ඒ සිහිනය යථාර්ථයක් කරගන්න. ඔබේ පුංචි සිහිනය දිනක සැබෑ වෙනවා නියතයි.

 

 

1028 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 13:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න