රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 14, අඟහරුවාදා 14:00

පමණ ඉක්මවා බැදුම් කන්නේ බලාගෙනයි

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
තෙල්, බැදුම්, ටෝස්ට් කරන ලද ආහාර කන්න ගොඩක් දෙනා කැමැත්තක් දක්වනවා. වර්තමානයේදී එදිනෙදා කෑමවේලක මේවා අනිවාර්යය අංගයක් බවට පත්වී තිබෙනවා.

 

නමුත් පමණ ඉක්මවා පාන් ටෝස්ට් කිරීම, පමණ ඉක්මවා බදින ලද අලපෙති වැනි බැදුම් නිතර ආහාරයට ගැනීම පිළිකා අවදානමක් ඇතිකරන බවට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවා තිබෙනවා.

පිෂ්ටය සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක් යටතේ රත් කිරීම, බැදීම මෙන්ම පිලිස්සීම හේතුවෙන් ශරීරයට අහිතකර 'ඇක්‍රයිලමයිඩ්' නම් රසායනිකය නිපදවෙන බව බ්‍රිතාන්‍යයේ ආහාර තත්ත්ව පාලන ආයතනයේ විද්‍යාඥයෝ පවසති.

මෙහිදි විශේෂයෙන්ම පාන් ටෝස්ට් කිරීමේදී ඒවා තද දුඹුරු පැහැ වෙනතුරු ටෝස්ට් කිරීමත්, අර්තාපල් හා අලපෙති බැදීමේදී පමණ ඉක්මවා ඒවා පිලිස්සීමත් අවදානම් සහගත බව ඔවුහු පෙන්වා දේ. මෙවැනි ආහාර දීර්ඝ කාලයක් ගැනීමෙන් පිළිකා හටගැනීමේ අවදානම ඉහළ යා හැකි බව එම ආයතනය පවසයි. එමෙන්ම අර්තාපල් ශීතකරණයේ ගබඩා නොකරන ලෙසත්, එවැනි ආහාර ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයක් සහිත පරිසරයක් තුළ ගබඩා කිරීමෙන් ඒවායෙහි සීනි මට්ටම ඉහළ යෑමක් සිදුවන බවත් පැවසේ.

මේ නිසා එම ආහාර පිසීමේදී ඇක්‍රයිලමයිඩ් රසායනිකය ඉහළ යාමේ ඉඩක් පවතින බව බ්‍රිතාන්‍ය ආහාර තත්ත්ව පාලන ඒකකය වැඩිදුරටත් පෙන්වා දේ.

මේ නිසා ඔබ පාන් ටෝස්ට් කරන හෝ අලපෙති ගැඹුරු තෙලේ බැද හෝ ඔබගේ ආහාර වේලට, ඔබගේ දරුවන්ගේ, නිවෙසේ අනෙකුත් සාමාජිකයන්ගේ ආහාර වේලට නිතර එක්කර ගන්නේ නම් ඒ ගැන වඩාත් සැලකිලිමත් වන්න. ඉන් පිළිකා පමණක් නොව සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම වැනි රෝගවලට ද අත වැනීමක් බව සිහිතබා ගන්න.

 

 

The health සඟරාව ඇසුරිනි

 

 

674 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 14:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න