තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 20, සඳුදා 14:34

ඉනාවක් වැනි සිනාවකට... විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
සමාජ සම්බන්ධතා පැවැත්වීමේ දී වඩාත් වැදගත් වන්නේ මුහුණයි.

 

මුහුණේ ඇති අංගයන්ගෙන් සන්නිවේදනයේ ප්‍රමුඛස්ථානය මෙන්ම මුහුණේ, රුවේ ලස්සන සඳහා වැඩියෙන් උපකාරී වන්නේ මුවයි. නැතිනම් කටයි. පිරිසුදු මුවක්, ලස්සන මුතුවන් දත් දෙපෙළක් මඟින් ඇති වන සිනාවක් ඉනාවක් මෙන් ඔබේ වටා පි‍්‍රයයන් එක්කරාවි.

අපිරිසුදු, මැලියම් බැඳුණු, දුර්ගන්ධයෙන් යුතු මුවකින් කොතරම් ලස්සන වදන් මිමිණුවත් එය අසා සිටින්නට, ළඟින් රැඳෙන්නට කිසිවකු කැමැති නැත.

මේ නිසා මුවේ ඇතිවන මෙම අප්‍රසන්න තත්ත්වය නොසලකා හැරිය නොහැකිය.

මන්ද එය ඔබේ රුවට මෙන්ම ඔබේ පෞරුෂයට ද බලවත් හානියක් ඇති කරවන බැවිනි. සුන්දර රුවක් ගැන සිහින මවනා ඔබ මුහුණේ සුදු පැහැය වැඩිකර ගැනීමට පමණක් සිත නොයවා සෞඛ්‍ය රැක ගැනීමෙන් ම සුන්දරත්වය දියුණුකර ගැනීමට සිතීම යහපත් වනු ඇති.

හේතු

මුඛයෙන් දුඟඳක් හමයි නම් පළමුවෙන් ම ඔබ කළ යුත්තේ එයට හේතුව දැන ගැනීමයි. සිරුරේ අධික ඌෂ්ණය නිසා හා ආමාශයේ නිසි ක්‍රියාකාරීත්වයෙන් තොරවීම නිසා ආහාර පල් වීමෙන් නැගෙන දුඟඳ මුවින් පිට වේ.

එමෙන්ම නරක් වූ දත් පවිත්‍ර නොකිරීම හෝ ඉවත් නොකිරීම නිසාත්, නිසි ලෙස දත් පවිත්‍ර නොකිරීමෙන් දත් අතර රැඳී ඇති ආහාර කැබැලි පල් වීමෙන් ඇතිවන බැක්ටීරියා ආසාදන නිසාත්, දත් මුල් දියවීමේ රෝගය ඇති විටත් මුවෙන් දුර්ගන්ධයක් ඇතිවිය හැකිය.

එමෙන්ම මේ හේතු නිසා දත්වල මැලියම් ඇති වීමත්, දත්වල කහ පැහැයක් ඇති වීමත් සිදු විය හැකියි.

ප්‍රතිකර්ම

මේ සඳහා සිදු කළ හැකි ප්‍රතිකර්ම බොහොමයක් ආයුර්වේදයේ දක්වා ඇත.

දීප්තිමත් බවට හා දත් මුල් දියවීමට

අරළු, බුළු, නෙල්ලි සම ප්‍රමාණවලින් ගෙන දර ළිපකට දමා පුළුස්සා ගන්න. කිසි ලෙසකින්වත් ගෑස් උදුනක මේවා පිළිස්සීම නොකළ යුත්තේ එයින් විසක් ඇති විය හැකි නිසයි.

මෙම පිළිස්සුණු ද්‍රව්‍ය හොඳින් කුඩුකර පවුඩර් එකක් සකසාගෙන එම කුඩුවලින් දත් මදින්න. මෙය දත්වල දීප්තිමත් බව ඇති කිරීමටත් දත් මුල් දියවීම සුව කිරීමටත් යෝග්‍ය වේ.

දත්මුල් දියවීමට

මූණමල් පොතු, පිල මුල්, කහට පුවක් තම්බා එයින් මුඛය සෝදන්න. ඒ සඳහා සිදු කළ හැකි තවත් ප්‍රතිකර්මයක් වන්නේ නුග පොතු, ඇහැළ පොතු, අරළු, බුළු, නෙල්ලි ආදිය සමප්‍රමාණවලින් ගෙන තම්බා ගන්න. පසුව එම වතුර විනාඩි 10 ක පමණ වේලාවක් මුඛය තුළ රඳවා තබා ගන්න. බෝ මුල්, පිල මුල්, කරඳ මුල් තම්බා එම වතුර මුඛයේ තබාගෙන සිටින්න.

දත් හිරි වැටීමට

තල තෙල් රත්කර විදුරුමස්වල ආලේප කරන්න. මෙය සම්බාහනයක් ලෙසින් සිදු කළ හැකියි. මඳ උණුසුම් ජලයට ලුණු කැට කිහිපයක් හා සින්නක්කාරං කැටයක් එක්කර ඉන් මුඛය සෝදන්න. මෙය දින කිහිපයක් සිදු කිරීමෙන් දත් හිරිවැටීම මඟහැරී යනු ඇති.

මුඛයේ දුර්ගන්ධයට

අරළු, බුළු, නෙල්ලි, බෙලිකොළ තම්බා එම වතුරෙන් මුඛය සෝදන්න.

සැවැන්දරා මුල්, මූණමල් පොතු, කිරිල්ල මුල් තම්බා මුඛය සෝදන්න.

කොමඩු මුල්, කුඹුක් මුල්, තැඹිලි මුල්, කටු කරඬු මුල්, තල මුල් තම්බා එම වතුරෙන් මුඛය සේදීමෙන් ද මුවේ ඇතිවන දුර්ගන්ධය දුරුකර ගැනීමට ඔබට පුළුවන්.

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර

1295 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 20, සඳුදා 14:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න