රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 21, අඟහරුවාදා 13:37

ජීවිතය සාර්ථක කරන යතුර ‘අභිප්‍රේරණය’ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
ලස්සන ජීවිතයක ට හීන දකින පුද්ගලයන්ගේ මුවග රැව්දෙන දෙයක් වේ නම් ඒ සාර්ථකත්වයයි. ඉඳින් අපි ඔබේ සාර්ථකත්වයේ ගමනට අත්වැල් අල්ලමින් ජීවිතය ඒ දෙසට යොමු කළ යුතු අයුරු පියවරින් පියවර පැහැදිලි කර දෙන්නමු.

 

ඒ සඳහා එකිනෙකට වෙනස් ක්‍රම ද හඳුන්වා දෙන්නෙමු. එයට හේතුව අපි හැමෝම සාර්ථකත්වයට පත්වන්නේ එකම ක්‍රමයකට නොවන බැවිනි. එනිසා ඔබ ඔබේ ක්‍රමය හඳුනාගෙන සාර්ථකත්වය අත්විඳින්න.

මෙලෙස සාර්ථකත්වය කරා යාමට රුචියක් දක්වන අය වෙනුවෙන් යමක් කිව යුතුය. එනම් ඒ සඳහා පියවර තැබීමට අවශ්‍ය දෙයක් වන්නේ අභිප්‍රේරණයයි. නැත්නම් පෙලඹවීමයි. ඉංග්‍රීසි භාෂාවෙන් ර්ධපබඪමචබඪධද යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. කෙටියෙන්ම කියනවා නම් සාර්ථකත්වයේ යතුර වන්නේ අභිප්‍රේරණයයි. ඒ නිසාම අද අපි අභිප්‍රේරණය පිළිබඳ කතා කරමු.

අභිප්‍රේරණය මඟින් අප කළ යුතු දේවල් වඩාත් හොඳින් කරන්න පෙලඹවීමක් ඇති කරනවා. ඒ දේවල් පාසලේ, කාර්යාලයේ එහෙමත් නැත්නම් පෞද්ගලික දිවියේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. මේ කොයි දේ වුණත් හොඳින් ඉටු කළොත් විතරයි අපිට සාර්ථක වෙන්න පුළුවන්. අභිප්‍රේරණය කියන දේ සරලව පැහැදිලි කළොත් යම් පුද්ගලයකු යම් කාර්යයක් සඳහා දිරිගැන්වීමයි. මෙය පුද්ගලයන් තුළ උද්ගතවන මානසික ක්‍රියාවලියක්.

ඔබේ කැමැත්ත කොහොමද?

ඔබ යම් කිසි දෙයක් කරන්නේ ඒ දේ පිළිබඳ ඔබට කැමැත්තක්. ආශාවක් තිබුණොත් පමණයි. දැන් බලන්න, සමහර දරුවෝ ඉන්නවා ඒ අය ඉගෙන ගන්න උනන්දුවක් නැහැ. පාසලේ දෙන වැඩ කරන්නේ නැහැ. පාඩම් කරන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව ඒ දෙය කෙරෙහි ඒ අය තුළ අභිප්‍රේරණයක් නැතිකමයි.

දරුවා තුළ ඉගෙනීම කෙරෙහි කැමැත්තක් ඇතිකරවන්න ඕනේ. ඒ සඳහා ඔබ සිතන දේවල් හරි නොයන්න පුළුවන්. ඒ නිසා දරුවා කැමැති කුමකට ද කියා විමසා බලා එය සිදු කළ යුතුයි. ඒ සඳහා ස්වයං අභිප්‍රේරණයක් ඇති කළ හැකි දේවල් කළ යුතුයි. “ඔයා විභාගෙ හොඳට පාස් වුණොත් අපි ඔයාට පරිගණකයක් අරන් දෙනවා”. මේ ප්‍රකාශයෙන් සමහර දරුවෝ ඉගෙනීමට යොමු කරන්න පුළුවන්. ඒත් හැම දරුවෙක්ම යොමු කරන්න බැහැ. ඒ මොකද කියනවා නම් සමහර දරුවෝ පරිගණකට එතරම් මනාපයක් නොදැක්වීම එයට හේතු වෙන්න පුළුවන්. සමහර විට ඒ දරුවා පරිගණකවලට අකැමැති අයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවා කැමැති කුමකට ද යන්න පළමුව දැනගත යුතුයි.

ඒ වගේම තමයි ඔබ රැකියාවක් කරනවා. ඒත් රැකියාවේ කාර්යයන් හරි හැටි ඉටු නොකරන්න පුළුවන්. ඒකට හේතුව වේතනය පිළිබඳ ඔබේ ඇති අකැමැත්ත. හොඳ වේතනයක් ලැබෙන්නේ නැහැ. එහෙම නම් ඔබ සොයා බලන්න ඕනේ වැටුප වැඩි කරගන්න ක්‍රමයක්. ඒ නිසා සාර්ථකත්වයට පත්වෙන්න නම් පළමුව අභිප්‍රේරණයක් ඇති කරගන්න ඕනේ.

ඔබේ පෙලඹිමට හේතුව

ඒ නිසා පළමුව ඔබ අභිප්‍රේරණය වන්නේ කුමන හේතුවක් නිසා ද යන්න විමසා බලන්න. අපි සියලු දෙනා එකම කරුණක් නිසා අභිප්‍රේරණය වෙන්නේ නැහැ.

විවිධ පුද්ගලයන් සඳහා විවිධ හේතු බලපායි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එය අවබෝධකර ගැනීම මෙන්ම වටහා ගැනීමත් හරිම වැදගත්. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ යම් කිසි අවස්ථාවක දී අභිප්‍රේරණය වෙනවා. ඒත් ඒ කොයි මොහොතේ ද කියලා කියන්න බැහැ. ඒකට හේතුව සමහරු කෙටි කලකින් අභිප්‍රේරණය වන අතර තවත් සමහරෙක් අභිප්‍රේරණය වීමට දීර්ඝ කාලයක් ගත වීමයි.

අභිපේ‍්‍රරකයෝ වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් වන්නේ යමක් ලබාගැනීමට කැමැති පිරිසයි. අනෙක් වර්ගය වන්නේ යම් දෙයක් නැතිවේ යැයි බියෙන් ඉන්නා පිරිසයි. නැතිවේ යැයි බියෙන් ඉන්නා අයට සාර්ථක වෙන්න බැහැ. ඒ නිසා ඒ අය අභිප්‍රේරණය විය යුතුයි. අපි බලමු කොහොමද අභිප්‍රේරණය වැඩි දියුණු කරගන්නේ කියලා.

 

ධනාත්මකව සිතන අය සමඟ සිටින්න

ධනාත්මකව සිතන අය ඇසුරු කරන විට ඔබත් ඔවුන් වගේ වෙන්න එය බලපානවා. ඔබ පෙලඹෙන්නේ කෙසේද කියා ඉගෙනගැනීමට මුල්ම හා වඩාත්ම වැදගත් පියවර වන්නේ ඒ අය දෙස බැලීමයි.

සුපරීක්ෂාකාරීව බලා සිටින්න. ධනාත්මකව සිතන පුද්ගලයන් සොයා බලන්න. ඔවුන් එහෙම වෙන්න හේතුව හොයන්න.

ඔබ නොසිතුවාට ඔවුන් නිසා ඔබ මත ඇතිවන බලපෑම ප්‍රබලයි. ඒ අතර එම ධනාත්මක පුද්ගලයන් අභිප්‍රේරණයට පත්වන්නේ කෙහොමද කියලා සොයා බලන්න ඔබටත් හිතේවි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබත් ධනාත්මකව සිතන්න ඉගෙන ගනී.

ධනාත්මක සන්නිවේදනය

ඔබ හා අන් අය ගැන අවබෝධ කරගැනීම සඳහා සන්නිවේදන හැකියාවන් ප්‍රධාන වේ. ඒ සඳහා සරල ක්‍රමයක් වන්නේ ඔබ ධනාත්මක සන්නිවේදනයන් භාවිත කිරීමයි. සිනාසෙන්න. ධනාත්මක දේවල් කියන්න. යමක් කරන්න යැයි කියා කවුරුන් හෝ ඉල්ලා සිටි විට එය ඍණාත්මකව නොව ධනාත්මකව කරන්න. එය ඔබත් ධනාත්මක පැත්තකට යොමු කරවනවා. ‘නැහැ’, ‘බැහැ’ වෙනුවට ‘පුළුවන්’, ‘හැකියි’ කියන්න පුරුදු වෙන්න. යමෙක් සිනාසුණු විට ඔරවන්නේ නැතුව හිනාවෙන්න පුරුදු වෙන්න.

ධනාත්මක සිතිවිලි ඇතිකරගන්න

හෙට දවස පිළිබඳ යහපත් ඉලක්ක තබාගන්න. “මගේ අරමුණු සාක්ෂාත් කර ගන්නවා”, “මට ඉගෙන ගැනීමට සහ සාර්ථක වීමට අවශ්‍යයි” යනාදී ධනාත්මක සිතිවිලි ඇතිකර ගන්න. මෙම සිතිවිලි ඔබ තුළ සාර්ථක වීමට පෙලඹවීමක් ඇති කරයි.

ඔබ පෙලඹෙන්නේ කුමකින් ද?

සෑම පුද්ගලයෙක්ම වෙනස්. සමහරුන් මුදල් ඉපැයීම සහ මුදල් රැස් කිරීමෙන් අභිප්‍රේරණය වෙනවා. තවත් අය අන් අයට උපකාර කිරීමෙන් දිරි ගැන්වෙනු ඇත. තවත් පිරිසක් සමාජ සේවයෙන් අභිප්‍රේරණයක් ලබනවා. කුමක් වුවත්, සැබවින්ම ඔබ පෙලඹෙන්නේ කුමක් නිසා ද යන්න අවබෝධ කරගන්න.

ඉලක්ක ඇතිකර ගන්න

පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ, අභිප්‍රේරණයක් ඇති කිරීමට හොඳම ක්‍රමවලින් එකක් වන්නේ ඉලක්ක තබා ගැනීම හා පසුව එම ඉලක්ක වෙත ළඟා වීමට අවශ්‍ය පියවර ගැනීම බවයි.

මේ විදිහට ඔබ අභිපේ‍්‍රර්ණය වන ක්‍රමය හඳුනාගෙන පළමුව පෙලඹවීම් ඇති කරගන්න. එමඟින් සාර්ථකත්වය අත් කරගැනීමට කළ යුතු දේවල් කිරීම පහසු කරාවි.

 

පාලිකා දිල්රුක්ෂි

1167 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 21, අඟහරුවාදා 13:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න