රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 අගෝස්තු 28, අඟහරුවාදා 13:23

රූපලාවණ්‍ය උපාධියට ප්‍රවේශයක් ලබාගන්න පාර කියන තේජානි හෙයා ඇන්ඩ් බියුටි ඇකඩමි

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කිරීම බොහෝ දෙනකුගේ හීනයක්. ඒත් එහෙම ආවාට ගියාට ඒ දේවල් කරන්නට බැහැ. ආසාව, උනන්දුව, හැකියාව වගේම හැදෑරීමත් අවශ්‍යමයි.

 

ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණවීමට බලා සිටින අයෙක් නම් ඇගේ උපදෙස් ඔබට බෙහෙවින් වටී.

රජරට පුරවරයේ ජනපි‍්‍රය නමක් දිනා සිටින රූපලාවණ්‍ය ශිල්පිනියක වන තේජානි පෙරේරා ගැනයි මේ කියන්නට යන්නේ.

ඇය මීට විසි වසරකට ඉහතදීයි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමුව තිබෙනුයේ. අද වන විට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ  Level - 4 සඳහා අනුමත කරන ලද ඇගේ ඉගැන්වීම් රූපලාවණ්‍ය උපාධියක් දක්වා හැදෑරීමට කැමැති අයට අත්වැලක් සපයයි. ඒ සඳහා හැදෑරීම් කිරීමට හැකි දක්ෂ රූපලාවණ්‍ය උපදේශිකාවක ලෙස ද ඇය ක්‍රියා කරයි.

"මගේ උපන් ගම කඩවත. උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවේ. ඒත් මගේ ඉලක්කයට යා නොහැකි වුණා. ඉන්පසුව මා විවාහ වී අනුරාධපුරයට ආවා. එකල මගේ සැමියා රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි අංශයේ ව්‍යාපාරයක් කළේ. එබැවින් මටත් රුපලාවණ්‍ය කෙරෙහි උනන්දුවක් ඇතිවුණා. මුලින්ම රූපලාවණ්‍ය ශිල්පිනී ජයන්ති හීයන්තුඩුව යටතේ හැදෑරීමක් කළා. පසුව NVQ Level 4, 5, 6  ලබා ගත්තා. දැන් මා විලේපනවේදී උපාධිය අවසන් අදියර දක්වාම හැදෑරීම් කළ අයෙකි. City and Guilds  සහ ඔස්ට්‍රේලියා රජයේ රූපලාවණ්‍ය සේවයට සුදුසුකම් ලබන ඒQජ් සහතිකය ද මා සතුයි."

අද වන විට ඇය උතුරු මැද පළාතේ NVQ Level 4  පාඨමාලා පැවත්වීමට රජයේ අනුමැතිය ලත් ප්‍රථම රූපලාවණ්‍ය ආයතනයේ හිමිකාරිණිය ලෙස කටයුතු කරයි. එලෙසම NVQ Level 4 ඇගැයීම් නිලධාරිනියක ලෙසද කටයුතු කරයි.

තේජානි බියුටි ඇකඩමියෙන් රූපලාවණ්‍ය පාඨමාලාව සාර්ථකව අවසන් කළ ඔබට දෙස් විදෙස් පිළිගත් සහතිකයක් හිමි වේ.

මේ සියලු දක්ෂතා ඇති ඇය 2007 වසරේ සිට මේ දක්වා වරින්වර අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳම ව්‍යවසායිකාව ලෙසින් රන්, රිදී සම්මාන ගණනාවකින්ම පිදුම් ලබන්නට වාසනා වන්තියක වී ඇත.

තේජානි ඔබට රූපලාවණ්‍ය උපදේශිකාවක ලෙස ගුරුහරුකම් ලබා දෙන අතරම අංක 2879, තුන්වැනි පියවර, සඝබෝ මාවත, අනුරාධපුරය යන ස්ථානයේත් වත්තල නගර මධ්‍යයේත් 'සැලෝන් තේජානි' නමින් රූපලාවණ්‍යාගාරය දෙකක්ද පවත්වාගෙන යනු ලබනවා.

එහිදී මනාලියන් හැඩගැන්වීම, රීබොන්ඩිං, රිලැක්සිං, ෆර්මිං, කලරිං, හෙයා ඩයි, හෙයා කටින්, හෙඩ් මසාජ් මෙන්ම ඉන්නන් ස්ථිර ලෙස ඉවත් කිරීම වගේම සිඟිති දියණියන්ගේ කන් සිදුරු කිරීමේ සුවිශේෂී කාර්යය ද හරි අපූරුවට කරගෙන යයි.

රූපලාවණ්‍ය කලාවේ හිණි පෙත්තට නැගී ඇය මේ සියලු කාර්තව්‍යයන් සමඟින් ආදරණීය බිරියක්, මවක් මෙන්ම සමාජ සේවිකාවක ලෙස ප්‍රසංශනීය ගමනක නියැළි දිරිය කතකි.

447 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 28, අඟහරුවාදා 13:24
අදහස් එක් කිරීමට ලොග් වෙන්න