රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:28

සිතින් වගේම ගතිනුත් තරුණ වෙන්න විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
උපන් දිනය ජීවිතයේ ප්‍රීතිමත් දිනයක් වුවත් ඒ දිනයත් සමඟ උදාවන නව වයස ගැන නම් පැවසීමට බොහෝ දෙනෙක් අකැමැතියි. ඒ මිනිස් ස්වභාවයයි. එහෙත් සමහරුන් කොපමණ සැඟවීමට උත්සාහ කළත් වයස සැඟවිය නොහැකියි.

 

තවත් අයට, තිබෙන වයසට ද වැඩි වයසක් පෙනෙයි. සිතේ කැමැත්තේ හැටියටම අඩු වයසක් පෙන්වීමට කැමැති නම්, එනම් කායික වයස අඩු කර පෙන්වීමට කැමැති නම් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කළ යුතුයි. තමන්ගේ උප්පැන්න සහතිකයේ වයසට වඩා කායික වයස අඩු ද කියා කෙනෙකුට පහසුවෙන් බලා ගැනීමට පුළුවන.

ප්‍රතික්‍රියා හැකියාව මනින්න

මිතුරකුට ඔබේ දකුණු අතේ මාපට ඇඟිල්ලටත්, දබර ඇඟිල්ලටත් සෙ. මී. 25 ක් ඉහළින් අඩි රූලක් අල්ලා එය බිම දමන ලෙස පවසන්න. ඔබ එය ඇල්ලීමට පෙර කොපමණ දුරක් වැටෙනවාදැයි මැන බලන්න. දුර සෙන්ටිමීටර් 15 ට අඩු නම් ඔබේ කායික වයස අවුරුදු විසි ගණනකි. සෙ. මී. 15 - 24 ත් අතර නම් වයස තිස් ගණනකි. සෙ. මි. 25 - 29 ත් අතර නම් වයස හතළිස් ගණනකි. සෙ. මී. 30 - 35 නම් පනස් ගණනක් වන අතර සෙ. මී. 40 ට වැඩි නම් කායික වයස අවුරුදු හැට ගණනකි.

ඇදෙනසුලු (ප්‍රත්‍යස්ථ)භාවය

අතෙහි පිටුපස සම හැකි තරම් ඇද එය යථා තත්ත්වයට පත්වීමට කොපමණ කාලයක් ගතවේදැයි බලන්න. තත්පරයකට අඩු කාලයක් ගත වේ නම් ඔබේ ජීව විද්‍යාත්මක වයස අවුරුදු විසි ගණනකි. තත්පර 1 - 2 ක් ගත වෙන්නේ ජීව විද්‍යාත්මක වයස අවුරුදු තිස් ගණනක් වූ අයටයි. වයස අවුරුදු හතළිස් ගණනේදී තත්පර 3 - 4 ක් ගත වේ. තත්පර 5 - 10 ක් ගතවන්නේ පනස් ගණන්වල පසුවන අයගේයි. තත්පර 11 -30 ත් අතරදී සම යථා තත්ත්වයට පත් වෙනවා නම් වයස අවුරුදු හැට ගණනකි. වයස අවුරුදු හැත්තෑ ගණන්වල පසුවන අයගේ සම තත්පර 33 - 45 කදී යථා තත්ත්වයට පත් වෙයි. කායික වයස අසූ ගණනක් නම් තත්පර 46 කට වැඩි කාලයක් ගත වෙයි.

මනසෙහි ජවය

අංක සියයේ සිට අංක හතක් පිටුපසට ගණින්න. උදා: 100, 93, 86 ලෙස පිටුපසට ගණින්න කොපමණ වේලාවක් ගත වෙනවාද? කායික වයස අවුරුදු හතළිහට අඩු නම් තත්පර 20 කට අඩු කාලයකදී ඔබට 0 දක්වා ගණින්නට හැකිය. කායික වයස අවුරුදු 40 - 60 අතර නම් ගතවන්නේ තත්පර 25 කට අඩු කාලයකි. මිනිත්තුවක කාලයක් තුළදී එළවළු පලතුරු හැකි තරම් ගණනක් මතක තබාගන්න. අඩු වශයෙන් එළවළු පලතුරු 15 ක් පමණවත් මතකයට නඟා ගන්න හැකි නම් කායික වයස අවුරුදු 60 ට අඩුයි.

සමබරතාව

දකුණු කකුල නවාගෙන වම් කකුලෙන් හිටගන්න. ඔබේ දෑත් උකුලේ තිබිය යුතුය. දෑස් පියාගෙන සිටීම ද වැදගත්ය. මේ අයුරින් සිරුරේ සමබරතාව කෙතරම් දැකගත හැකිදැයි බලන්න. තත්පර හැත්තෑවකට වැඩි කාලයක් සමබරතාව රැකිය හැකිම්ම (නොවැටී සිටිය හැකි නම්) ඔබේ ජීව විද්‍යාත්මක වයස අවුරුදු විසි ගණනකි. තත්පර 60 - 69 නම් කායික වයස අවුරුදු තිස් ගණනකි. වයස අවුරුදු හතළිස් ගණනක ජීව විද්‍යාත්මක වයසක් ඇති කෙනෙකුට සිරුර සමබරව තබාගත හැක්කේ තත්පර 50 - 59 ක් පමණි. සමබරව සිටින කාලය තත්පර 40 - 49 නම් සිටින්නේ පනහ දශකයේය. තත්පර 30 - 39 ත් අතර කාලයක් සමබරතාව රැකගත හැක්කේ කායික වයස අවුරුදු හැට ගණනක් වූ විටයි.

කායික වයස අවුරුදු හැත්තෑ ගණනක් නම් ඔබට සමබරව සිටිය හැක්කේ තත්පර 20 - 29 ක්ය. මෙසේ සිටිය හැකි කාලය තත්පර 20 ට අඩු නම් කායික වයස අවුරුදු අසූ ගණනකි.

 

 

 

සෙම්ප්‍රතිශ්‍යාව සහ හිසරදය

ස්නානය කරන විට දෙපා උණුසුම් ජලයෙන් තෙමීම සෙම්ප්‍රතිශ්‍යාවට සහ හිසරදයට සහනයක් ලබාගත හැකි මාර්ගයකි. සිසිල් ජලය නෑමේදී ලැවෙන්ඩර්, පෙපර්මින්ට්, ලෙමන් වැනි සුවඳැති තෙල් වර්ගයක් එක් කරන්න. මිනිත්තු 10 - 20 ක් නෑම ප්‍රමාණවත්ය.

 

රුධිර සංසරණය හොඳින් සිදුවීමට

 

උණසුම් සහ සිසිල් ජලය මාරුවෙන් මාරුවට නාන්න. නහර ගැට ගැසීම වැනි තත්ත්වයන්ට මෙය කදිමයි. උණුසුම් ජලයේ මිනිත්තුවක් දෙකක් දෙපා පොඟවන්න. ඉන්පසු තත්පර 30 ක් සිසිල් ජලයේ පොඟවන්න. අවසන් කළ යුත්තේත් සිසිල් ජලයෙන් සේදීමෙනි. එහෙත් මෙය හදවත් රෝගීන්ට නම් කොහෙත්ම හිතකර නැත. සතියකට වරක් නෑමෙන් සමෙහිත් කොණ්ඩයේත් නීරෝගිකම හොඳින් රැකගත හැකි බව අලුත්ම වෛද්‍ය මතයයි. දිනපතා නෑමේදී සමේ සහ හිස් කබලේ ස්වභාවික තෙල් විනාශ වී යයි.

සම වියළෙයි. තරුණ වියේ කෙනකු ස්නානය කළ විට සම වියළීම අඩු නමුත් වියපත් වීම සමඟම සමෙහි වියළීම ද වැඩි වෙයි.

 

ආසාදන

යීස්ට් ආසාදන වැනි ආසාදනවලින් සහනයක් ලැබීමට පැරැණි විනාකිරි කෝප්ප 3 - 4 ක් නාන ජලයට වත් කරන්න. සිරුරේ විස නැති කිරීමට ද විනාකිරි කදිමයි. මුළුතැන්ගෙයි මේ අපූරු දියරය අම්ල / ඇල්කේන් සමතුලිතතාව ද සුරකී. මේ සියලු ප්‍රතිඵල ලබා ගැනීමට විනාකිරි උණුසුම් ජලයට එක් කළ යුතුයි. ආසාදනවලින් මිදීම සඳහා මින්ත්තු 15 - 20 ක් ස්නානය කරන්න.

 

කොලෙස්ටරෝල් නිමිත්ත

කණ්ණාඩියක් ඉදිරියට ගොස් බලන්න. ඔබේ කළු ඉංගිරියාව වටා සුදු පැහැ රවුමක් ඇත්නම් එය ඔබ මැදි වයසට පැමිණි බවට ඉඟියකි. දිගටම මේද ආහාර ගැනීමෙන් මෙසේ සුදු රවුමක් හට ගනී. තුනී රවුමක් මුලදී ඇති වී පසුව ඝන වෙයි.

 

 

 

 

ගතේ ලෙඩ අඩු කරන ස්නානය කිරීමේ ක්‍රම

ස්නානය ගැන ජනවහරේ ඇති කතා නම් එතරම් සුබ නැත. ඇදගෙන නෑම ඊට හොඳම උදාහරණයකි. එහෙත් ජලය සැබෑවටම ස්නානය කිරිම නම් අත්‍යවශ්‍යය. දවසක් ස්නානය නොකර සිටියොත් බොහෝ දෙනෙකුට එය නොකා සිටීමට සමානය. එහෙත් නෑම අපේ සෞඛ්‍ය තත්ත්ව ඉහළ නැංවීමට විවිධාකාරයෙන් යොදා ගත හැකි බව වැඩි දෙනෙක් නොදනිති. ඒ වගේම නිසි අයුරින් ස්නානය නොකළොත් එය සෞඛ්‍යයට අහිතකර බව අවබෝධ කරගත් පිරිස ද අවමය. මේ නෑම ගැන ඔබ නොදත් කරුණු රැසකි. දවසේ වෙහෙස දුරුකර ගැනීමට බොහෝ දෙනා විසඳුමක් කරගෙන ඇත්තේ ස්නානයයි. මඳ උණුසුම් ජලය ස්නානය කිරීම සෞඛ්‍යයට බෙහෙවින් හිතකරයි.

 

 

 

විස නැසීමට

ශරීරයට ඇතුළු වූ විස නැති කිරීමට ෆැරන්හයිට් අංශක 90 - 95 ක (සෙල්සියස් අංශක 32 - 35 ක) උෂ්ණත්වයෙන් යුතු ජලය ස්නානය කරන්න. මෙවිට දහදිය දැමීම හොඳින් සිදු වී ශරීරගත විස දහදිය මඟින් පිටවීම හොඳින් සිදුවේ. උණුසුම් ජල ස්නානයෙන් රුධිරයේ සීනි මට්ටම අඩු වේ. සන්ධි හා මාංසපේශී වේදනාවට ද සහනයක් ලැබේ. අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වෙන නිසා මලබද්ධයෙන් පීඩා විඳින්නන්ට හොඳ ප්‍රතිකර්මයක් ද වෙයි. මිනිත්තු 10 - 20 ක් මඳ උණසුම් ජලය ස්නානය කිරීමෙන් මේ ප්‍රතිඵල ලබාගත හැකියි.

 

 

 

එක්සිමා

එක්සිමා, පීනස, පලුදැමීම වැනි අසාත්මිකතා ඇත්නම් නාන ජලයට බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) එක් කරන්න. සමේ කුහර විවෘත වී කැසීම වැනි අපහසුතා අඩු වේ. මඳ උණුසුම් ජලයට බේකිං සෝඩා කුඩු එක්කර ඔබත් මේ වෙනස අත්විඳ බලන්න. මිනිත්තු 10 - 20 ක් නෑම ප්‍රමාණවත්ය.

 

 

ආතතිය

ආතතියෙන් පීඩා විඳින නීරෝගි පුද්ගලයන්ට ඇති හොඳම විසඳුම සිසිල් ජලය ස්නානය කිරීමයි. උෂ්ණත්වය (ෆැරන්හයිට් 55 - 65) (සෙල්සියස් 12 - 18) නම් වඩාත් සුදුසුයි. සිසිල් ජලය ආතතිය සැණකින් දුරුකරන සුව ඔසුවකි. සිසිල් ජලය රුධිරයේ සීනි මට්ටම වැඩි කරයි. රුධිර නාල සිහින් කරයි.

තත්පර 6 - 30 ක් සිසිල් ජලය ස්නානය කිරීම හොඳටම ප්‍රමාණවත්ය.

 

විවේකය ලබා ගැනීමට

නාන ජලයට මුහුදු ලුණු රාත්තල් තුනක් පමණ එක් කරන්න. නාන්නේ සිසිල් ජලය නම් නාන කාලය කෙටි කර ගන්න.

මිනිත්තු 10 - 20 ක් නෑම ප්‍රමාණවත්ය.

අන්තර්ජාලයෙනි

529 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න