රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:49

දිවි සුරකින ඔසු කැඳවල ගුණ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
කාර්යබහුල රටාවත් එක්ක හැම කෙනෙක්ම අවිවේකී වෙලා. මේ අවිවේකී බවත් එක්කම ආහාර රටාවත් වෙනස් වෙලා.

 

පෝෂණ ගුණය ගැන හිතන්න වෙලාවක් නැති නිසාම ක්ෂණික ආහාර වේලකට හුරුවෙලා. ඒ හින්දම අද බොහෝ දෙනෙක් දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ ලෙඩරෝගවලින් පෙළෙනවා.

මේ තත්ත්වය තරමක් හෝ මඟහරවා ගන්න පුංචි උපදෙස් කිහිපයකි මේ. ආයුර්වේද විද්‍යාවට අනුව උදෑසන ආහාරවේලට කැඳ වර්ග එකතු කරගන්න පුළුවන් නම් මේ වගේ ලෙඩ රෝගවලින් යම් තරමකින් හෝ මිදෙන්නට හැකිවේවි. බාල, මහලු, තරුණ, ගර්භණි, කිරිදෙන මවුවරුන් මේ හැම කෙනකුටම අතුරු ආබාධවලින් තොරවූ මේ ඖෂධීය කැඳ පානය කරන්නට පුළුවන්. දැන් අපි බලමු මේ කැඳවලින් ජීවිතයට ලැබෙන්නෙ මොනවගේ ගුණයන් ද කියලා.

හාතාවාරිය

හාතාවාරිය කොළ කැඳ වඩාත්ම ගුණදායක වෙන්නෙ කාන්තාවන්ට. ඔවුන්ගේ ඊස්ට්‍රජන්, ප්‍රොජස්ට්‍රෝන් හෝමෝනය වර්ධනය කරන්න මේ කැඳ උදව් වෙනවා. ඒ වගේම අක්‍රමවත් ඔසප් චක්‍ර ක්‍රමවත් වෙන්නත් හාතාවාරිය කැඳ හොඳයි. මඳසරුභාවයෙන් පෙළෙන අයට වගේම ශරීර උෂ්ණත්වය වැඩි අයට හාතාවාරිය කැඳ ගුණයි. ශරීරය සිසිල් කරනවා වගේම ශරීර ශක්තිය ඇතිකරන්නත් දාහය නැති කරන්නත් උදව් වෙනවා. විශේෂයෙන්ම තරුණ බව රැකදෙනවා. හාතවාරිය කොළවලට අල පිටි ටිකකුත් එකතුකරගන්න පුළුවන් නම් වඩාත්ම ගුණදායකයි.

වැල් තිබ්බටු

කක්කල් කැස්සට, පෙනහලුගත සෙම ඉවත්කරන්න, පීනසට, හතියට, සෙම්ප්‍රතතිශ්‍යාව වගේ ස්වසන අපහසුතාවලට මෙම කැඳ පානය කිරීම සුදුසුයි.

මොනරකුඩුම්බිය

මලබද්ධය පාලනය කරයි. අක්මා රෝග වගේම මාන්දම දුරුකරන්නත් බඩගිනි නැති අයට බඩගින්න ඇති කරන්නත් ආහාර දිරවීම පහසු කරන්නත් මේ කැඳ හොඳයි. සෙංගමාලය ඇති රෝගීන්ට සහ රත්පිත් හා ඇඟ දැවිල්ල සහිත අයත් උදෑසන මොනරකුඩුම්බිය කොළ කැඳක් පානය කරනවා නම් එම රෝග පාලනය කරගන්න පුළුවන්.

දිවුල්

සර්පයන් දෂ්ඨ කළ අවස්ථාවකදී විස නැසීමට දිවුල් කොළ කැඳ භාවිත කරන ලබනවා. ඒවගේම ශරීරයේ ඇති විස වර්ග ඉවත් කරන්නත් අපූරුයි.

රණවරා

උදෑසන රණවරා කැඳ පානය කරනවා නම් සම පැහැපත් වෙනවා. මුත්‍රා දැවිල්ලට වගේම රක්තවාතය දුරුවෙන්නත් රණවරා ගුණදායකයි.

ඉරමුසු

දද, කුෂ්ඨ, කුරුලෑ ආදී සමේ ඇතිවන රෝග සඳහා මෙම කැඳ වඩාත් ගුණදායක වෙයි. එමෙන්ම ශරීරයේ දැවිල්ල දුරු කරන්නත් සම පැහැපත් වෙන්නත් ඉරමුසු කැඳ උපකාරි වෙයි. සමේ ඇතිවන කැසීම්, යටිපතුල් පැලීම්වලට ද සුදුසුයි.

ලුණුවිල, කීංකිරිදිය

බුද්ධි වර්ධනයට වගේම මතක ශක්තිය වැඩිවෙන්නත් මේ කැඳ වර්ග දෙකම යෝග්‍යයි. එසේම හමේ ඇතිවන දද, කුෂ්ඨ හා කුරුලෑවලට වගේම ලේ පිරිසුදු කරන ශෝධකයක් ලෙසත් මේ කැඳ සුදුසුයි.

ගොටුකොළ

ඔබ නිතරම සෙම සහිත අයෙක් නම් ඔබේ ඒ සෙම, පීනස, ප්‍රතිශ්‍යාව නැවැතීමට මෙම කැඳ වඩාත් යෝග්‍යයි. මේ තුළින් මතක ශක්තිය වර්ධනය වෙනවා වගේම බුද්ධිය වර්ධනය වෙනවා. තරුණ බව රැකදෙන්නත් ගොටුකොළ කැඳ පානය කිරීම වඩාත් යෝග්‍යයි.

කරපිංචා

විශේෂයෙන්ම කොලෙස්ටරෝල් සඳහා වඩාත් යෝග්‍යය. ශරීරයේ ඇති තෙල් දියකර හැරීමේ ගුණයක් කරපිංචා කැඳ සතුව පවතී. එසේම සර්ප විස නැති කරන්නත් දිරවීම පහසු කරන්නත් යෝග්‍යයි. අක්මා රෝග සඳහා ද කරපිංචා කැඳ දිව ඔසුවකි.

වැල්පෙනෙල

පුරුෂ ශක්තිය වර්ධනය වීමට බොහෝ සෙයින්ම වැදගත් වේ. එසේම ශරීර ශක්තිය වර්ධනය කරන අතර මඳසරු භාවයෙන් පෙළෙන අය මෙම කැඳ පානය කිරීමෙන් එම තත්ත්වයෙන් යම්තාක් දුරකට හෝ පාලනය කරගත හැකියි.

 

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය

මහේෂ් අතුරලිය

534 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 11:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න