රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 12:17

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ කාර්යභාරය හඳුනාගන්න විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
රූපලාවණ්‍ය කලාව, කාන්තාවකට සුදුසුම ගෞරවනීය වෘත්තියකි. ඒ මඟින් තම තමන්ටත් ලස්සන විය හැකියි. එමෙන්ම විශාල ආත්ම තෘප්තියක් හා යහපත් ආර්ථික ශක්තියක් ගොඩනගා ගත හැකි වෘත්තියක් ද වේ.

 

ඒ නිසාම රූපලාවණ්‍ය කලාවට පිවිසීමට අදහස් කරන ඔබට, අවශ්‍ය දැනුම ලබාදෙන NVQ  ඹ්ඥමඥත - 3, 4 පාඨමාලාවල විෂය කරුණු මෙලෙස ගෙන එන්නෙමු. නිවැරැදි දැනුම හා මනා පුහුණුව තුළින් යහපත් වෘත්තිය ජීවිතයක් ගොඩනගා ගැනීමට රූපලාවණ්‍ය ශිල්පිනියකට හැකියාව ඇත.

NVQ  ඹ්ඥමඥත - 3, 4 විෂයය නිර්දේශය යටතේ රූපලාවණ්‍ය ශිල්පය හා කේෂාලංකාර ශිල්පය යන විෂයයන් දෙක යටතේ දී පළමුව ඔබ රූපලාවණ්‍ය ශිල්පිනියකගේ කාර්යයන් මොනවාදැයි හඳුනාගත යුතුයි.

ඕනෑම වෘත්තියක සාර්ථකත්වයට තම කාර්යයන් මැනවින් වටහාගැනීමත් හැදෑරීමත් ඉතාමත් වැදගත්.

අප ඇසින් දකිනා සෑම දෙයක්ම ඉක්මනින් මනසෙහි ලේබල් කරගනිමින් ඒ අනුව තත්පර කිහිපයකින් තීරණ ගනී. නමුත් ඔබ ලබා දුන් සේවය පිළිබඳ පාරිභෝගිකයාට තෘප්තිමත් බවක් ලැබී නැතිනම් ඒ ඔහු හෝ ඇය ඔබේ සේවය ලබාගන්නා අවසාන දවස විය හැකියි. මේ නිසා අප අපගේ වගකීම හරියාකාරව තේරුම් ගනිමින් ඔහුට හෝ ඇයට නිවැරැදි සේවයක් ලබා දීම වැදගත්.

මොකක්ද මේ රූපලාවණ්‍ය

පළමුව රූපලාවණ්‍ය කුමක් ද යන්න පැහැදිලි කර ගත යුතුයි. රූපලාවණ්‍ය යනු සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වීමයි. අපට උපතින්ම ලැබෙන යම් කිසි රුවක් නිවැරැදිව වැඩිදියුණු කර ගනිමින් පවත්වා ගෙන යාම නිවැරැදි රූපලාවණ්‍ය ලෙස හඳුන්වන්න පුළුවන්. එනම් මෙය තුන් ආකාරයකට ක්‍රියාත්මක වේ. එනම් සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත්වීම, සමබර ආහාර වේලක් ගැනීම සහ අංගාරක භාවිතය (ආලේපන භාවිතය) ලෙසයි.

සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම

සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත්වීම යන්නෙන් අදහස් කරන්නේ, අප උපන් දා සිට මරණය තෙක් හොඳින් ජීවත් වීමයි. එම කාලය තුළ දී අප උදෑසන සිට රාත්‍රී නින්දට යන තෙක් කරන ක්‍රියාකාරකම්වල කායික මානසික සිතුවිලිවල එකතුව බලපායි.

දෙවනුව සමබර ආහාර වේලක් ගැනීමයි. එනම් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, විටමින්, කැල්සියම්, පොස්පරස් හා තවත් විටමින් වර්ග රාශ්‍රියක් අප සිරුර පවත්වා ගැනීමට සහ ශක්තිය ගබඩා කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ දෙයාකාරය ගැනම හොඳ අවබෝධයක් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.

මේ ආකාර දෙකම හොඳින් පවත්වා ගතහොත් පමණයි අංගාරක හෙවත් රූපලාවණ්‍ය ආලේපනවලින් නිසි ප්‍රයෝජනයක් ලබා ගත හැකි වන්නේ.

NVQ  පාඨමාලාව හදාරන ශිෂ්‍යයකු ශරීරයේ ඇති පද්ධතීන් පහක් පිළිබඳත් හොඳ අවබෝධයක් ලබා තිබිය යුතුයි. ඒවා නම් සම, හිසකෙස්, නිය, මාංසපේශි පද්ධතිය හා හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය, රුධිර හා ස්නායු පද්ධතිය ඒ පද්ධති පහ වේ.

මේ පද්ධතීන් පහ හදාරන ගමන් තමා විසින් වර්ධනය කරගතයුතු කරුණු කිහිපයක් වේ. පළමුව ඔබ කවුද යන්නත් ඔබ කළ යුත්තේ කුමක්ද යන්නත් අවබෝධයක් ලබාගතයුතුයි.

ස්වයං විනයක් ලබා ගැනීම පිළිබඳත් ඉතා පුළුල් අවබෝධයක් ලබා ගත යුතුයි. ඒවා වර්ධනය කර ගැනීම තුළින් සේවාලාභියා සමඟ ඵලදායි සම්බන්ධයක් ගොඩනගා ගැනීමට හැකි වනවා සේම තමා තුළ ඇති අවබෝධය තුළින් පාරිභෝගිකයා තුළ ඔබගේ සේවාව පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ වගේම සේවාලාභියා කෙරෙහි හොඳින් ප්‍රතිචාර දැක්වීමටත් ඔබ පුරුදු පුහුණු විය යුතුයි. එවැනි ආකල්ප දියුණු කිරීම තුළින් සේවාලාභියා සමඟ සුහද වෘත්තිමය විලාසයක් ඇතිකර ගැනීමට හැකිවෙනවා.

අවශ්‍යතාව හඳුනාගන්න

සේවාලාභියාගේ අවශ්‍යතාව කෙරෙහි ඇහුම්කන් දීම තුළින්ම අවශ්‍යතාව නිරන්තරයෙන් සකස් වෙනවා.

එහිදී ඔබ රූපලාවණ්‍යාගාරය තුළ කුමන කාර්යයක් නිරත වුවද සේවා ලාභියා කුමක් හෝ ඇසූවිට එයට සුහදශීලීව ප්‍රතිචාර දැක්වීමයි සුදුසුයි. ඒ වගේම ඔබේ රූපලාවණ්‍යාගාරයෙන් සිදුවන සේවාවන් සහ ඒ සඳහා යොදන නිෂ්පාදනයන් හෝ අමුද්‍රව්‍ය පිළිබඳ විමසීමක් කළ විට නිවැරැදි තොරතුරු ලබාදීම කළයුතුයි.

අවබෝධය

"සෑම විටම යහපත් හැඟීමක් දැක්වීමට දෙවැනි අවස්ථාවක් නොලැබේ." ඒ නිසා සේවා ස්ථානයේ දී රූපලාවණ්‍ය ශිල්පියාගේ සෑම ක්‍රියාවක්ම හෝ ඉරියව්වක්ම ඔවුන්ට ලබාදෙන සේවයට සෘජුවම බලපානවා.

ඉහළ තත්ත්වයක සේවාවක් ලබා ගැනීමට හැකිවන්නේ ඔවුන් සමඟ සුහදශීලී වෘත්තිය සබඳතාවක් පවත්වාගතහොත් පමණයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෘත්තියේදී තමන් ඇති කර ගන්නා පුහුණුව හා වර්ධනය කළ යුතු ආකල්ප ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කිරීමයි. තවද තම පෞද්ගලික පෙනුම ගැන, හැසිරීම, පාරිභෝගික සේවාව ලබාදීම සමඟම හොඳ සන්නිවේදනයක් පවත්වා ගනිමින් තමා විසින් ලබාදෙන සේවාව පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි.

රූපලාවණ්‍ය ශිල්පියකු ප්‍රගුණ කළයුතු පෞරුෂය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් වැදගත්. ඒ වගේම මෙය දිනෙන් දින වෙනස් වන ක්ෂේත්‍රයක් නිසා නිතර ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම විෂයයකට අදාළ නීති රීති වන CPE, COSHH, HASAWA, RIDEDOR, EAW, DTA, BDA ආදිය ගැන වෙනමම දැනුවත් විය යුතුයි.

දැනුම යාවත්කාලීන විය යුතුයි

එමෙන්ම නවීන විලාසිතා ගැන දැනුවත් විය යුතුයි. අවංකභාවය ප්‍රගුණ කළ යුතුයි. තවද NVQ  හදාරන ශිෂ්‍යයකු තුළ පුද්ගලික සනීපාරක්ෂාව ගැන අවබෝධයක් තිබිය යුතුයි. දිනපතා ස්නානය, මුඛ සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු අතර උගුර හා කන ආශ්‍රිත රෝග ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගතයුතුය. ඒ වගේම හිසකෙස් සහ නිය හොඳින් පවත්වාගත යුතුයි.

හිසකෙස් ගැන කතා කරන විට හිසකෙස් මුහුණට නොවැටෙන පරිදි, සේවාව ලබා දීමේදී එය බාධාවක් නොවන පරිදි පවත්වා ගන්න.

සුවපහසුව

ඇතැම්විට සේවාවන් ලබාදීමේදී දිගු වෙලාවක් සිටගෙන සිටීමට ද සිදුවේ. ඒ නිසා අපහසු නොවන පාවහන් තෝරාගන්න. ඒ වගේම දහඩිය පාලනය කරන ක්‍රම භාවිත කරන්න.

සේවා ස්ථානයේදී නිල ඇඳුමක් භාවිත කරනවානම් වඩාත් සුදුසුයි.

නිතරම පිරිසුදුව සිටින්න. උද්‍යෝගයෙන් කටයුතු කරන්න.

සේවා දායකයා සේවා සැපයීමේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද අවබෝධයක් ලබා තිබිය යුතුයි. සේවා දායකයා පාරිභෝගිකයාට මුල් තැන ලබා දීම ප්‍රධානම කරුණක් වේ. ඒ වගේම සේවාලාභියාව සුහදශීලිව පිළිගැනීම වගේම සේවාවට උචිත ආකාරයට පරිසරය සකස් කර තිබිය යුතුයි.

එමෙන්ම එම සේවාව සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය ගැන අවබෝධයක් ලබා තිබිය යුතුවේ. එය NVQ  සහතිකයට ඉතා වැදගත් වේ.

ආරක්ෂාව

ඔබ සේවාවක් ලබා දෙන විටදී එයින් සේවාලාභියාට හානියක් නොවන ආකාරයට කළ යුතුයි. මොකද ඇතැම් ආලේපන භාවිතයෙන් ඇලජික් වීම වැනි තත්ත්වයන් උදාවිය හැකිය.

ඒ වගේම සේවාලාභියකු පැමිණෙන විට පළමුව ඔහුට සුබ පතන්න. සුබ උදෑසනක් මිස් හෝ සර් අයුරින් පවසන්න. එය සේවාලාභියා කෙරෙහි ඔබ ගැන හොඳ ආකල්පයක් ඇතිකරලීමට හේතුවක් වේ. ඔබ කළ සේවාවන් පිළිබඳ සේවාලාභියා යම් කිසි චෝදනාවක් නගයි නම් එය හොඳින් ඇහුම්කන් දී එය වහාම නිවැරැදි කරන්න.

ඒ වගේම සේවාලාභියා සමඟ නිවැරැදි සන්නිවේදනයක් පවත්වාගන්න. ඔහුගේ හෝ ඇයගේ ඇස් දෙස බලා සුහදශීලීව ආමන්ත්‍රණය කරන්න. තමාගේ කීර්ති නාමයට හානි නොවන පරිදි සේවා ස්ථානයේදී කටයුතු කරන්න. මේ කරුණු ප්‍රගුණ කිරීමත් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමත් NVQ  සහතිකය ලබා ගැනීමට පිටිවහලක් වේවි.

 

 

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

චාමලී කල්දේරා

 

 

 

728 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 04, අඟහරුවාදා 12:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න