රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ඔක්තෝබර් 15, සඳුදා 15:59

හෝමෝන අසමානතාවයන් පෙන්වන ලක්ෂණ විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
    මිනිස් ශරීරයේ වැඩීම සහ වර්ධනය තීරණය කරන මූලිකම සාධකය වන්නේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයයි. මේ පුංචි අණු තමයි ඔබේ හැසිරීමට, හැඟීම්වලට වගේම ඔබේ බාහිර පෙනුමටත් වගකිවයුතු වන්නේ.

 

 

කුරුලෑ

කුරුලෑවලින් පිරුණු මුහුණ ඇත්තටම අවලස්සනයි. එයට හේතුව සම ගැන නිවැරැදි සොයා බැලීමක් නොමැති වීම, සමබර නොවූ ආහාර වේල හෝ අක්‍රමවත් ඔසප් චක්‍රය වෙන්නත් පුළුවන්.

මේ දේවල් කෙසේ වෙතත් කුරුලෑ හැමදාම වගේ ඇති වෙනවා නම් එය ඔබේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍ය තත්ත්වයේ ලක්ෂණයකි.

 

අධික තරබාරුව

සමහරුන් තමන්ගේ ජීවිත කාලය පුරාම ශරීරයේ අධික බර අඩු කරගන්න කෑම පාලනය කරමින් ව්‍යායාම කරමින් මහන්සි වෙනවා.

තවත් සමහරු කිසිම මහන්සියක් නැතුවම කෙට්ටු වෙනවා. මෙයත් හෝර්මෝන අසමතුලිතතාවය නිසා ඇතිවන්නක්.

 

අධික තෙහෙට්ටුව

සෑහෙන කාලයක් පුරාවට පවතින මේ වෙහෙස බව එහෙමත් නැත්නම් තෙහෙට්ටුව ඔබේ හෝර්මෝන අසමතුලිත බවේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. පැය 8 ක සුව නින්දක් ලැබීමකින් පසුවත් කෙනෙකුට තෙහෙට්ටුව දැනෙන්නට පුළුවන්. ඉහළ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මෙයට මූලික වේ. සාමාන්‍ය රුධිර පරීක්ෂාවකින් පුළුවන් ඔබේ රුධිරගත ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය මැනගන්න.

 

දහඩිය දැමීම

අධික ලෙස දහඩිය පිටවීම සෑම විටම වාගේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වය සමඟ සම්බන්ධය. කෙසේ වෙතත් ඔබට අධික ලෙස දහඩිය දමනවා නම් ඔබේ හොර්මෝන මට්ටම පරීක්ෂා කරගැනීම නුවණට හුරුය.

 

ඇස් යට කළුවීම

ඔබ නිදාගන්නේ දවසට පැය තුනක් පමණක් නම් මොනම ෆවුන්ඩේෂන් එකකටවත් බෑ ඔබේ ඇස් යට කළුවීම වසා දමන්න. කාලාන්තරයක් තිස්සේ මෙසේ නින්ද නොයෑම හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිතභාවය නිසාම ඇති වෙන්න පුළුවන්. මෙයට මූලිකම හේතුවක් ලෙස කාන්තාවන් තුළ පවතින ප්‍රොජෙස්ටරෝන් සහ පිරිමින් තුළ පවතින ටෙස්ටෙස්ටරෝන් මඳකම දක්වන්න පුළුවන්.

විෂාදය

හෝර්මෝන අසමතුලිතතාවයේ තවත් එක් ලක්ෂණයක් ලෙස විෂාදය හඳුන්වන්න පුළුවන්. සාංකාව සහ විෂාදය කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් කරන්න බොහෝ සෙයින් බලපාන්න පුළුවන්. ඔබටත් එම තත්ත්වය නිතර නිතර ඇතිවෙනවා නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න.

පියයුරුවල වෙනස්කම්

ඔබේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම පියයුරුවල මාංශ පේශීන්ගේ ඝණත්වය වෙනස් කරන්නට බලපානවා. අධික ඊස්ට්‍රජන් මට්ටම පියුයරුවල විසප්පු ගෙඩි හෝ ඉදිමුම් ඇතිවීමට බලපානවා. ඔබටත් ඔබේ පියයුරුවල වෙනස්කම් දැනෙනවානම් වෛද්‍යවරයකු හමුවන්න.

කොණ්ඩය ගැලවීයාම

අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීයාම හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ අසමතුලිත බවනිසා ඇතිවන පොදු ලක්ෂණයක්. ඔබ උසස්ම වර්ගයේ ෂැම්පු එකක් භාවිත කරත් මේ තත්ත්වය මඟහරවා ගන්නට බෑ. ඒ සඳහා සුදුසු ප්‍රතිකාරවලටப යොමුවිය යුතුමයි.

 

අනවශ්‍ය රෝම

සමහරු ගැලවී යන කොණ්ඩය නවත්වාගන්න උත්සාහ දරද්දී තවත් සමහරු අනවශ්‍ය ලෙස වැඩෙන රෝමවලට පිළියම් සොයනවා. සාමාන්‍යයෙන් රෝම වැවෙන්නේ නැති පියයුරුවල, මුහුණේ, අත්වල හෝ වෙනත් අවයවයන්වල තද කළු පැහැ රෝම ඇති වී තිබෙනවා නම් එය ඉතාමත් බරපතළ හෝර්මෝන අසමතුලිතතාවයක්.

හෝර්මෝන අසමතුලිතතාව වළක්වා ගන්නේ කෙසේ ද?

මිනිස් ශරීරයේ හෝර්මෝන අසමතුලිතතාවය කියන්නේ ඉතාමත් පරිස්සමට සහ ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. හෝර්මෝන අසමතුලිතතාවය ස්වභාවිකවම ඇති වන්නේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වන විටයි. බොහෝ අවස්ථාවල එසේ සිදුවන්නේ ශරීර අභ්‍යන්තරයේ පවතින ශිරා සහ අන්තරාසර්ග පද්ධතීන්ගේ තත්ත්වයන්ගේ ප්‍රශ්න නිසයි. මේ සම්බන්ධව සිටින විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගොස් ඔබේ හෝර්මෝන ගැටලුවලට නිසි ප්‍රතිකාර ලබාගන්න.

 

උපදෙස් - අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ

537 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 15, සඳුදා 15:59
අදහස් එක් කිරීමට ලොග් වෙන්න