රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 ඔක්තෝබර් 15, සඳුදා 16:26

දරුවන් සඳහා එන්නත් ලබාදීමේ දී විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනි හෙට්ටිආරච්චි
අගයන්න
(0 මනාප)
නිරෝගී පැවැත්ම උදෙසා බිලිඳා, කලලයක් ලෙසින් වැඩෙන අවධියේ පටන් බොහෝ දේ සිදුකරයි. මෙලොව එළිය දකින දරුවා ඉපදුණු මොහොතේ පටන් එන්නත් සඳහා යොමුවන්නේ ප්‍රතිශක්තිකරණය අත්‍යවශ්‍ය අංගයක් වන නිසාවෙනි.

 

බාහිරින් එල්ලවන රෝග සමඟ සටන් කිරීමේ හැකියාව ඇත්තේ ප්‍රතිශක්තිකරණය යහපත් මට්ටමේ පැවතුණහොත් පමණි. උපතේ සිට නියමිත වයස්වල දී එන්නත් ලබාදෙන්නේ ප්‍රතිශක්තිකරණය මුළු ජීවිත කාලයටම වැදගත්වන නිසාය.

විවිධ රටවල ප්‍රතිශක්තිකරණ ලේඛණය එකිනෙකට වෙනස් වේ. මෙහිදී සජීවි එන්නත් මෙන්ම අජීවි එන්නත් ද ලබා දේ. සජීවි විසබීජ යොදා සකස් කරනුයේ සජීවි එන්නත්ය. සජීවි එන්නත් ලබාදුන්විට ක්‍රියාකාරිත්වය අඩපණ වේ. රෝග බෝවීමක් සිදුවන්නේ නැත.

අජීවි එන්නත්වල ප්‍රාණවත් බවක් නොමැත. මේවා මුළුමනින්ම අජීවි කරන ලද විසබීජ යොදා ගනිමින් නිපදවා ඇත.

සාමාන්‍යයෙන් එන්නත් ශරීරගත කරවන්නේ විදීම මඟිනි. නමුත් මුඛය මඟින් බිංදු වශයෙන් දෙනු ලබන එන්නත් ද තිබේ. ජාතික ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළු නොවන එහෙත් අවශ්‍ය අවස්ථාවලදී දරුවන්ට වුව ජලභීතිකා රෝගය සඳහාවන එන්නත ලබා දේ. මෙයට අමතරව රජයේ ප්‍රතිශක්තිකරණ ලේඛණයට අයත් නොවන පෞද්ගලික අංශයෙන් පමණක් දරුවන් සඳහා ලබාදෙන එන්නත් කිහිපයක් ද වේ.

 

විටමින් K

උපන් විගසම ඕනෑම දරුවකුට එන්නතක් මඟින් හෝ මුඛ බිංදු වශයෙන් විටමින් K  ලබා දේ. කුඩා දරුවන්ට රුධිර වහනයවන රෝග ඇතිවන්නේ විටමින් k අඩුවීම නිසාය. මෙය ලබා දෙන්නේ ඒ සඳහාය ය.

 

බී. සී. ජී. එන්නත

අලුත උපන් දරුවා රෝහලෙන් නික්මීමට පෙර ලබාදෙන්නේ ක්ෂය රෝගය වැළැක්වීම සඳහා වු බී. සී. ජී. එන්නත යි. පෙනහැල්ල පුරාම පැතිරෙන ක්ෂය රෝගය සහ මොළය ආශ්‍රිතව පැතිරෙන මෙනින්ජයිටිස් වශයෙන් ක්ෂය රෝගය වර්ග දෙකක් අවුරුදු 2 න් 3 න් පහළ දරුවන්ට ඇතිවීමට පුළුවන. බී. සී. ජී. එන්නත ලබාදෙන්නේ ඉහත කී තත්ත්වයන් සඳහා යි.

බී. සී. ජී. එන්නත ලබා දුන් ස්ථානය යම් පැසවීමකට ලක්වේ. ඉන්පසු එතැන කැලලක් හටගනියි. කැලැලක් හට නොගත්තේ නම් මාස 6 - 8 අතර කාලයේ නැවත වතාවක් බී. සී. ජී. එන්නත ලබාදිය යුතුවේ.

බී. සී. ජී. කැලල නැතැයි අවුරුදු 5 පමණ දරුවකු ගෙනආවෝත් එවැනි කෙනකුට මෙම එන්නත ලබාදෙන්නෙ නැත.

 

පංච සංයුජ එන්නත සමඟ පෝලියෝ බිංදු

මීළඟට ලබා දෙන්නේ මාස 2, 4, 6 න් ලබාදෙන ගලපලටය, පිටගැස්ම, කක්කල් කැස්ස සඳහා වූ ත්‍රිත්ව එන්නත, හෙපටයිටීස් බී, හිමොෆීලස් ඉන්ෆ්ලුවන්සා බී යන එන්නත් එකතුව සෑදුණු පෙන්ටා සංයුජ එන්නත සහ පෝලියො මුඛ එන්නත ලබාදේ. පුද්ගලික අංශයේ දී ඉහත රෝග පහ සහ පෝලියෝ සඳහා ද මුඛ එන්නතක් ලෙස නොව එන්නතටම එකතුකොට හෙක්සා එන්නත ලෙසින් ලබා දේ.

හුස්ම ගැනීම අපහසුවීම නිසා පෙනහලුවලට අවශ්‍ය වාතය නොලැබීමෙන් පෙනහලු හැකිළී මරණයට පත්වීම කක්කල්කැස්ස යි. ඇස්පෙනීමේ අඩුකම, ස්නායු ආබාධ, හෘදයාබාධ, ආහාර ගිලීමේ අපහසුතාව යන රෝග සියල්ල එක්ව හටගන්නේ ගලපටලය සෑදුණු විටයි.

 

M. M. R.

මාස 9 සම්පූර්ණ වූ විට ලබාදෙන්නේ සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝගවලින් වැළකීම සඳහා වූ ර් ර් අ එන්නත යි.

 

J. E.

මාස 12 සම්පූර්ණ වූ විට ජපන් නිදිකර්පථ ප්‍රදාහය හෙවත් ජැපනීස් එන්සෆලයිටිස් සඳහා වු එන්නතයි. මෙය සජීවි එන්නතකි. යම් හෙයකින් දරුවාට උණ වලිප්පුව සෑදුණි නම් උණ වලිප්පුව සෑදී වසරක් ගතවනතුරු මෙම එන්නත ලබාදීම සුදුසු නැත.

 

M. M. R. 2

මාස 18 සම්පූර්ණ වූ පසු දරුවාට ත්‍රිත්ව එන්නත සහ පෝලියෝ මුඛ එන්නත ලබා දේ.

අවුරුදු 3 සම්පූර්ණ වූ පසු සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා සඳහා වූ ර් ර් අ 2 එන්නත ලබා දේ.

 

ද්විත්ව එන්නත

අවුරුදු පහ සම්පූර්ණ වූ පසු ගලපටලය හා පිටගැස්ම සඳහා වූ ද්විත්ව එන්නත හා පෝලියෝ මුඛ එන්නත ලබා දේ. පෞද්ගලික අංශයේ දී මේ සඳහා කක්කල්කැස්ස ද ඇතුළුව බූස්ටික්ස් නමැති එන්නත ලබා දේ.

 

A. T. D.


අවුරුදු 11 සම්පූර්ණ වූ පසු ලබා දෙන්නේ ගලපටලය හා පිටගැස්ම සදහා වූ ඒ. ටී. ඩී. එන්නත (වැඩිහිටි පිටගැස්ම හා ගලපටලය) යි.

පිටගැස්ම සඳහා වූ එන්නත සාමාන්‍යයෙන් වසර 5 ක පමණ කාලයක් වලංගු වේ. මලකඩ ඇණයක් ඇනුණේ නම් නැවත එන්නත් කළ යුතු වේ. මීට පසු ගැහැනු ළමුන් සඳහා රුබෙල්ලා එන්නත ලබා දේ. එහෙත් මින් පෙර රුබෙල්ලා එන්නත වාර දෙකකදී (මාස 9 හා අවුරුදු 3 සම්පූර්ණ වූ විට) ලබා දුන්නේ නම් නැවත දීම අවශ්‍යම නැත. ගැහැනු දරුවන්ට ගැබ්ගෙල පිළිකාව සඳහා හියුමන් පැපිලෝමා එන්නත පුද්ගලික අංශයෙන් ලබාගත හැකිවේ.

රජයේ ප්‍රතිශක්තිකරණ ලේඛනයට ඇතුළත්ව නොමැති දරුවන් සඳහා පෞද්ගලික අංශයෙන් පමණක් ලබාගත හැකි රෝගයන් කිහිපයක් වේ. පැපොල රෝගය සඳහා එන්නත මාත්‍රා දෙක දී ලබාදීම, හෙපටයිටීස් ඒ හෙවත් සෙංගමාලය සඳහා වූ එන්නත, මාස 2, 4, 6 කාලවලදී රොටා වෛරසය ශරීරගතවීම නිසාවන පාචනය තත්ත්වය වැළැක්වීමට රොටා එන්නත, නියුමෝනියාව සඳහා නියුමොනොකොල් එන්නත ලබාගත හැකි වේ. ලංකාවේ එතරම්ම ජනප්‍රිය නොවන රෝගයක් වුවත් උණසන්නිපාතය සදහා ද එන්නතක් පවතී. ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වැනි රටවල සංචාරය කරද්දී මෙය ලබාගත හැකිවේ. අප්‍රිකානු රටවල සංචාරය කරද්දි ඇතැමෙක් කහඋණ සඳහා වූ එන්නත ලබා ගනියි. දරුවාට මාස 6 සිට මාස 6 කට වරක් විටමින් ඒ අධිමාත්‍රාව අවුරුදු 5 ක් දක්වා ලබාදීම වැදගත් වේ. බොහොමයක් එන්නත් ලබාදෙන්නේ දරුවාගේ අතටයි. කකුලට එන්නත් ලබාදෙන අවස්ථා ද තිබේ. මීට අමතරව ඇතැම් එන්නත් වාරවලදී එකම පැත්තේ අතට හා කකුලට එන්නත් කරන අවස්ථා ද තිබේ.

 

නියමිත වයසේදී

අදාළ වයස් සම්පූර්ණ වීමෙන් පසු එන්නත් ලබාදීම අනිවාර්යය වේ. එන්නත් ලබා නොදුන් දරුවන්ට රෝග බෝවීමට ඇති ඉඩකඩ වැඩිය. ඒවා මාරාන්තික වීමට පවා පුළුවන.

 

නොමේරූ දරුවන් සඳහා

නොමේරූ දරුවන් සඳහා උපතේ දී දෙනුලබන බී. සී. ජී. එන්නත තරමක් පමා වී ලබාදුන්න ද සෙසු එන්නත් පමා කළ යුතු නැත. අදාළ පරතරයන් තබා වෛද්‍ය උපදේශයන් මත එන්නත් ලබාදීම සිදුකළ හැකියි.

අසාත්මිකතා

එන්නතක් ශරීරයට ලැබීමෙන් පසු ඇතැම් දරුවන් ඒ සඳහා අසාත්මිකතා දක්වයි. මෙය තදබල සහ සාමාන්‍ය වශයෙන් කොටස් දෙකකි. තදබල අසාත්මිකතාවක් ලෙස ගැනෙන්නේ මුල් පැය 24 - 48 තුළ හටගන්නා තද උණ, දරුවා කෑගසමින් නිතරම අඬන්නේ නම්, හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුවේ. සාමාන්‍යයෙන් එන්නතක් දුන් පසු විනාඩි 20 - 30 ක කාලයක් ඒ අසල සිටීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍ය උණක් හටගන්නේ නම් පැය 6 න් 6 ට වේදනානාශක දරුවාගේ බරට අනුව අදාළ මාත්‍රාවන්ගෙන් දිය යුතුවේ.

 

එන්නත ලබාදීමට පෙර

මෙහිදී සෞඛ්‍ය වර්ධක සටහන් පොත රැගෙන යෑම අත්‍යවශ්‍ය වේ. කලින් එන්නත් වාරවලදි අසාත්මිකතා ඇතිවූයේ නම්, දරුවාට වෙනයම් විශේෂ රෝගයන් ඇත්නම් ඒ බව නොවළහා පැවසිය යුතුවේ.ඇතැමුන් එන්නත් දීමට පෙර දරුවාට වේදනානාශක ලබා දේ. මෙය අවශ්‍ය නොවන කරුණකි. ඇතැම් දරුවන්ට එන්නත් සඳහා උණ හට ගන්නා අතර තවත් දරුවන්ට එසේ නොවේ.

 

ඡායා - අන්තර්ජාලය ඇසුරිණි

උපදෙස්  ළමා රෝග
විශේෂඥ වෛද්‍ය
දුමින්ද පතිරණ

508 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 15, සඳුදා 16:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න