රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 නොවැම්බර් 05, සඳුදා 13:25

උදරයේ තරම දැන ආහාර පාන ගන්න විශේෂාංග

ලිව්වේ  චම්පිකා දීපානි රණසිංහ
අගයන්න
(0 මනාප)
ඉදිරියට එන්නේ උත්සව සමයයි. ප්‍රිය සාදවලට ආරාධනා වැඩි කාලයක වැඩිදෙනෙක් හිතවත්කමටත් වඩා ලැබෙන ආරාධනාවලට සහභාගී වන්නේ කෑමට ඇති කෑදරකම නිසයි. මාංසමය ආමාශය නම් විශාල මල්ලට හිතේ ඇති තරමට කෑම බීම පුරවා ගැනීමට කැමැති වුවත් සැබැවින්ම ඊට දරාගත හැක්කේ ලීටර් 1.5 ක ධාරිතාවක්.

 

අපේ ජීර්ණ ක්‍රියාවලියේ වෙනස ආමාශයෙන් ස්‍රාවය වන ආමාශයික යුෂ අසමතුලිත වීමට බලපානවා.

පමණට වඩා ආමාශයික යුෂ ස්‍රාවය වූ විට ආමාශ ආස්තරණ ප්‍රදාහයට පත් වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ආමාශයික යුෂ ස්‍රාවය කරන ග්‍රන්ථි ක්‍රියා විරහිතවීමයි.

පමණට වඩා ආමාශයික යුෂ නිපදවීම නුසුදුසු සේම පමණට වඩා අඩුවෙන් නිපදවීම ද රෝගී තත්ත්වයන්ට මඟ පාදනවා. එවිට සැල්මොනෙල්ලා, සිගෙල්ලෝසිස් වැනි බැක්ටීරියා ආසාදනවලට ගොදුරුවීමේ ඉඩ වැඩියි. ඩයරියා වැනි තත්ත්වයන්ට මේ බැක්ටීරියා මඟ පාදයි.

උදරයෙන් පමණට වඩා ගැස්ට්‍රින් නම් හෝර්මෝන නිපදවෙන විට ආමාශ තුවාල, ආමාශ දාහය, ඩයරියා, මලවල ජීර්ණය නොවූ මේදය තිබීම වැනි තත්ත්ව ඇතිවන්න පුළුවන්. ඒ වගේම ආමාශයේ ගැටිති හට ගැනීමටත් මේ තත්ත්වය හේතු වෙනවා. ප්‍රෝටින් අධික ආහාර මඟින් ගැස්ට්‍රින් ස්‍රාවය වීම උත්තේජනය වෙනවා.

ගැස්ට්‍රින් අඩුවෙන් නිපදවීමත් අහිතකරයි. අධික මේද සහිත ආහාර ගැනීම හෝ අධික අම්ලය පමණට වඩා අඩුවෙන් ගැස්ට්‍රින් නිිපදවීමට හේතුවක්. එවිට උදරයේ මාංසපේශීවල සංවේදීතාව අඩු වෙනවා. ඒ වාගේම ආහාර ආමාශයේ රැඳෙන කාලය වැඩි වෙනවා.

ආමාශ තුවාල මැදිවියේ අවසන් භාගයේ ස්වාභාවිකවම ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා.

ආමාශ පිළිකා ලෝක ජනගහනයේ සුවසෙතට තර්ජනයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ජනගහන ලක්ෂයකට පස් දෙනකු පමණ ආමාශ පිළිකාවෙන් මිය යනවා. වයස අවුරුදු 55 ඉක්ම වූ අයට ඒ අවදානම වැඩියි. උදර පිළිකා අවදානමට අපේ ආහර රටාව ප්‍රබලව බලපානවා. ඔබ රස කර කර කෑමට ගන්නා අච්චාරු, දුම් ගැසූ, බාබෙක්‍යු කළ, ලුණු යෙදූ ආහාර උදර පිළිකා අවදානම වැඩි කරනවා. ඒ ඒවායේ අඩංගු නයිට්‍රයිට්ස් උදර පිළිකා ඇති කරන රසායනයක් නිසයි.

හැම්, බේකන්, සලාම්, හොට් ඩෝග්ස්, සොසේජස් වැනි ජනප්‍රිය ආහාර රැසක්ම නයිට්‍රයිට්ස්වලින් පොහොසත්.

හෙලිකොබැක්ටර් පයිලෝරිවලට උදර තුවාල සමඟ සබඳතාවක් තිබෙනවා. මෙය ද යම් තරමකට බලපානවා. උදර ශ්ලේෂ්මලවල දිගින් දිගට ප්‍රදාහයට පත් වී ආමාශයික සෛල ඒ නිසා අහිමි වී ඒ තැන තන්තු පටක විසින් අත්පත් කර ගැනීම නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයේදී සහ රක්ත හීනතාවේදී ආමාශයෙන් නිපදවෙන්නේ අඩු ආමාශ අම්ල ප්‍රමාණයක්. මෙවිට බැක්ටීරියා අධිකව වර්ධනය වන අතර එමඟින් නයිට්‍රයිට් රසායන නිකුත් කරනු ලබනවා. නයිට්‍රයිට් පිළිකා කාරකයි.

ආමාශයික තුවාල සඳහා කරන ලද සැත්කමක් ද ඇතැම් විට මෙවැනි තත්ත්වයකට මඟ පාදන්න පුළුවන්. දුම් පානය, මත්පැන් පානය ද උදර පිළිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.

* ආමාශ පිළිකාවේ ලකුණු

* අජීර්ණය

* උදරයේ අම්ල වැඩිවිම සහ උගුරට උදර අම්ලය ඒම

* කුඩා ආහාර ප්‍රමාණයක් ගත්ත ද උදරය පිරී ඇති බවක් දැනීම. එනිසා බර අඩුවීම

* වමනය

* ගිලීමට අපහසුව සහ වේදනාව

* රක්තහීනතාව සහ මලවල රුධිර තිබීම

* සිරුරේ ගැඹුරු රුධිර නාලවල කැටි හට ගැනිම. විශේෂයෙන්ම පාදවල පහළ හෝ කලවේ නහරවල රුධිර කැටි ඇතිවීම

උදර පෝෂණය වැදගත් නමුත් කුසගින්න නිවා ගැනීම අතින් මුවට දමා ගන්න දේ ගැන අප විමසිලිමත් විය යුතුයි. චුවින්ගම් වැනි අප නොසිතන ආහාර උදරයට අහිතකර වෙනවා. චුවින්ගම් සපන විට වාතය අපේ සිරුරට ඇතුළු වෙනවා. ඒවාගේම සීනි රහිත චුවින්ගම්වල ඇත්තේ කෘත්‍රිම සීනි. ඒවා දිරවීමට සිරුරට හැකියාවක් නෑ. ඒවා ජීර්ණයට මැදිහත් වන්නේ උදර ආන්ත්‍රික බැක්ටීරියාවන්. උන්ගේ ක්‍රියාකාරිත්වයේදී වැඩිපුර වාතය නිපදවෙනවා.

පිටි සහිත ආහාර වගේම අඹ, පෙයාර්ස්, කොමඩු, පීච්, චෙරීස් වැනි පලතුරු ද ඇතැම් අයට උදරයේ වාතය නිපදවීමට හේතු වෙනවා. කෙසෙල්, ග්‍රේප්ෆෘට් බඳු පලතුරු මේ අයට ගුණදායකයි.

නිතර නිතර වාතය පිට වෙන්නේ නම් (ආගුඩුස් යන්නේ නම්) නිතර කුඩා ආහාර වේල් ගැනීම නුවණට හුරුයි. රාත්‍රී ආහාරය නින්දට මිනිත්තු 90 කටවත් පෙර ලබාගන්න.

ප්‍රෝබයොටික් අපේ උදරයේ නිරෝගීභාවය වර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයක් බව වෛද්‍යවරුන් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ගත යුතු හොඳම ආහාරය ලෙස නිර්දේශ කර ඇත්තේ යෝගට්.

ආහාරපාන ගැනීමේදී දියවන තන්තු වගේම දිය නොවන තන්තු අඩංගු ආහාර ද අප කෑමට එක්කර ගන්න මතක තබා ගත යුතුයි. දිය නොවන තන්තු මලවල දැඩි බව පවත්වා ගැනිමට ආධාර වෙනවා. දියවන තන්තු මලවල දියර ගතිය අඩු කරනවා. පූර්ණ පොත්ත සහිත ධාන්‍ය, එළවළු, දිය නොවන තන්තුයි. දියවන තන්තු ඕට්, ඇට වර්ග, ධාන්‍යවල අඩංගුව තිබෙනවා.

මේදය අධික ආහාර ජීර්ණ ක්‍රියාවලිය මන්දගාමී කරනවා එලෙසම මලබද්ධයටත් එයින් මඟ පෑදෙනවා. යම් තරමකට ආහාර වේලේ මේදය අඩංගු විය යුතු නමුත් වැඩිපුර ගැනීම සුදුසු නෑ. ඒ වගේම මේදය ආහාර ගනිද්දී තන්තු අධික ආහාර ගන්න. එය ජීර්ණ ක්‍රියාවලියට පහසුවක්.

දවස පුරාම ජලය බිඳක් තොල ගෑම වැදගත් වන්නේ එය ජීර්ණ පද්ධතිය නිරෝගීව තබන්න අත්‍යවශ්‍ය නිසයි.

ආතතියත් අපේ ජීර්ණ ක්‍රියාවලියට බාධාවක්.

රීඩර්ස් ඩයිජස්ට් ඇසුරිනි

191 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 13:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න