රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2018 නොවැම්බර් 05, සඳුදා 15:14

යෝග කිරීමේ දී සුදුසු නුසුදුසු ආහාර විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
යෝග අද බොහෝදෙනා අතර ජනපි‍්‍රයයි. ‘මම යෝගා කරනවානේ..’ යැයි පවසන්නේ මහත් අභිමානයකින්. එහෙත් ඔබ නියමාකාරයෙන් යෝගා සිදු කරනවාදැයි මඳක් සිතා බලන්න.

 

යෝගා යනු ව්‍යායාම ක්‍රමයක් ලෙසින් බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබුණද එමඟින් සිදු කරන්නේ අධ්‍යාත්මික ශක්තියක් ඇති කිරීමයි. මේ පිළිබඳ අපි පසුගිය සතියේ දී ඔබට වටහා දුන්නෙමු.

යෝගා කිරීමේ දී ඒ සඳහා වන ආහාර රටාවක් ද පවතින අතර මේ ආහාර රටාව සැකසී ඇත්තේ ශරීර ශක්තිය පවත්වා ගනිමින් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගැනීමටයි. අද අපි යෝගියකු ලබා ගන්නා ආහාර මොනවාදැයි විමසා බලමු. මේ ආහාර සියල්ල හැම විටම නොවුනත් හැකි විටෙක හෝ ලබා ගැනීම මඟින් නිරෝගී කයක් පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබේ.

යෝගීවරුන් තම නිරෝගී භාවය රැක ගැනීම සඳහා මෙම ආහාර රටාවන් උපයෝගී කරගත්හ. මෙහිදී ඔවුන් විශේෂයෙන් ම අනුභව කළේ ‘සත්වික්’ ආහාර ය.

මෙම සත්වික් ආහාර මඟින් නිරෝගී බව, මානසික, කායික ශක්තිය සහ බුද්ධිය වර්ධනය වේ. මේ සඳහා ස්වභාවික නැවුම් ආහාර ලබා ගත යුතුය. මෙම සත්වික් ආහාර ලබා ගැනීමෙන් යාම සහ නියාම පුරුදු කිරීමට හා අනුගමනය කිරීමට පහසුවක් සැලසේ.

විශේෂයෙන් ම අප මනසේ සහ සිරුරේ මනා ක්‍රියාකාරීත්වයට ආහාර අත්‍යවශ්‍ය ය. අප ගන්නා ආහාර අපිරිසුදු හා විස සහිත නම් අපගේ මනස ද ඒ ආකාරයෙන් ක්‍රියා කරයි.

යෝගා භාවිත කරන්නන් විසින් කිිරි, දුඹුරු හෝ නිවුඩු සහිත සහල්, බාර්ලි, වීට්, වාෂ්පයෙන් තම්බා ගත් ආහාර වර්ග, චීස්, බටර්, මුං පරිප්පු, ආමන්ඩ්, එළවළු, පලතුරු, මී පැණි, රටඉඳි, වියළි ඉඟුරු, ගම්මිරිස් යනාදිය ආහාරයට එක්කර ගත යුතුයි.

මෙහිදී යෝගීවරුන් විශේෂ ආහාර වර්ග දෙකක් භාවිත කරයි. කිචඩි හා පායාසම් එම ආහාර වර්ග දෙකයි. එදිනෙදා යෝග පුහුණු කරන යෝගීවරුන්ට මෙය අනිවාර්ය වේ. එමඟින් ඔවුන්ට නිරෝගීව සිටීමට සහ තම ධාරණ ශක්තිය වර්ධනයකර තම අරමුණ කරා ළඟා වීමට මෙම ආහාර මහත් වූ රුකුලකි.

කිචඩි සාදන්නේ පහත දැක්වෙන ආකාරයටයි.

මේ සඳහා තම්බාගත් බත් හා මුං පරිප්පු 5:2 අනුපාතයට ගන්න.

නැවුම් සත්වික් එළවළු ( කොළ සහිත එළවළු සහ බෝංචි, කැරට්, ගෝවා යනාදිය) මේවා වාෂ්පයෙන් තම්බා ගන්න.

ගී ස්වල්පයක් ළිප තබා එය රත්වේගෙන එන විට සියල්ල එකතුකර අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස ආහාරයට ගත හැකියි. මෙය උදෑසන අහාරය සඳහා ඉතා සුදුසු ය. යෝගා පුහුණු වීමෙන් අනතුරුව කිචඩි සහ කිරි ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය.

මෙහිදී ආහාර ගැනීම සිදු කළ යුත්තේ තම උදරයේ භාගයක් ආහාර, 1/4 ක් දියර ආහාර, 1/4 ක් හිස්ව තැබීම යන ආකාරයෙනි. මෙය මිතහාරා ලෙස යෝගවල දී හඳුන්වයි.

දැන් අපි පායාසම් සාදන ආකාරය බලමු.

මේ සඳහා උණු කළ කිරි ලීටර භාගයක්

තම්බා ගත් බත් ස්වල්පයක්

ගී ස්වල්පයක්

පිරිසුදු ප්‍රමිතියෙන් යුතු හකුරු යනාදිය

එකට මිශ්‍රකොට පායාසම් සකසා ගත යුතුය.

පායාසම් දහවල් කාලයේ ආහාරයට ගත

හැකි අතර මෙය උසස් යෝගා හදාරන අයට

වඩාත් යෝග්‍ය වේ.

රාත්‍රී ආහාරය සඳහා වඩාත් සුදුසු වන්නේ කිරි සහ පලතුරු ය. මෙලෙස ආහාර ගැනීමේ දී මනස එක් අරමුණක තබා ගැනීම සහ එම අරමුණ කරා යොමු වීම වර්ධනය කරයි.

බාර්ලි, වීට්, කිරි, ගී මානසික ශක්තිය හා ශාරීරික ශක්තිය වර්ධනය කරයි.

අහිතකර ආහාර ලෙස ඉතා ඇඹුල් ආහාර, ඌෂ්ණාධික ආහාර, සැර සුවඳ ඇති, තිත්ත, අධික ලුණු සහිත ආහාර ද වැඩිපුර ඉදුණු හා නොඉදුණු පලතුරු ද සඳහන් වේ. එමෙන්ම ඇල්කොහොල් සාන්ද්‍රණයෙන් යුතු, ආම්ලික දේ අඩංගු, කල් තබා සකසන ආහාර ආදිය නුසුදුසු ය. එනම් අච්චාරු, මාංස සහිත නිෂ්පාදන, චට්නි ආදී ආහාර වර්ග එතරම් සුදුසු නැත.

 

උපදෙස් - යෝගාචාරිණී

නිල්මි කොටුවැල්ල

නිර්වාන යෝගා ඇන්ඩ් කොන්ෂස්නස් සෙන්ටර් - කිරිබත්ගොඩ

WWW. nirvanayogacenter.com

210 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න