තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උපදේශනය සිරස්තල

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2012 ජූනි 27, බදාදා 13:04

මල් මනාලියයි සොඳුරු නිය රටාවයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(12 මනාප)
මනාලිය හැඩ කරන නේල් ආට් මංගල දිනයේ දී විසිතුරු ලෙස තම නිය හැඩගන්වා ගන්නට මනාලියන් දක්වන්නේ වැඩි කැමැත්තක්. එම නිසාම නිය හැඩ කරන නේල් ආට් මේ වන විට ජනපි‍්‍රය විලාසිතාවක් බවට පත්ව තිබේ. මනාලිය වන යුවතියගේ නිය කෙටි වුවත් නිය වැඩී නොමැති වුවත් නිය හැඩය වෙනස් වුවත් දැන් එම අඩුපාඩු මඟහරවා ගනිමින් තම නිය අලංකාරව සකසා ගන්නට හැකියාව තිබේ.

විශේෂයෙන්ම මංගල දිනයේදී මනාලියගේ දෑතේ සුන්දරත්වය මතුකර ගැනීමට නේල් ආට් බෙහෙවින් උපකාරී වෙයි. මනාලිය වන ඔබ නේල් ආට් මඟින් නිය හැඩ ගන්වා ගන්නේ නම් මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්.

මනාලියකට නේල් ආට් කිරීමේ දී සාමාන්‍ය අයකුට යොදන ආකාරයේ නේල් ආටේ එකක් කළ නොහැකියි. මෙහිදී යොදා ගැනෙන වර්ණ, යොදන විලාසිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමුවිය යුතුයි.

අනවශ්‍ය ලෙස තද වර්ණ ඕනෑවට වඩා ඉස්මතු වී පෙනෙන ආකාරයේ විලාසිතා මනාලියකගේ නේල් ආට්වල දී සුදුසු නොවේ. මනාලියකට නේල් ආට් එකක් කිරීමට කලින් මංගල සාරියේ වර්ණවලට අනුව ඇය අඳින විලාසිතාවන්ට අනුව නේල් ආට් එක සඳහා වර්ණ තෝරාගත යුතුයි.

ඇයගේ සාරියෙහි තිබෙන මෝස්තර රටාවට අනුව නේල් ආට් එකෙහි ඩිසයින් එක ද අපට නිර්මාණය කරගත හැකියි. අනෙක් කරුණ නම් මනාලියගේ කැමැත්තට අනුව ඇය තෝරාගනු ලබන මෝස්තරයට අදාළව නේල් ආට් යෙදිය හැකි වීමයි. මංගල දිනයේ එනම් පළමු දිනයේ අනිවාර්යයෙන්ම ඇයගේ නේල් ආට් එක සඳහා භාවිත කළ යුත්තේ ළා පැහැති වර්ණයි.

නමුත් දෙවැනි දිනයේ දී ඇය හැඩගැන්වෙන ඇඳුමේ වර්ණයට ගැළපෙන ලෙස තද වර්ණයක් වුව ද යොදාගන්නට පුළුවන්. බොහෝ විට පළමුවැනි දිනයේ දී මනාලියන් සැරසෙන්නේ චාම් වර්ණයකින්. දෙවැනි ගමන සඳහා මනාලියන් තද පැහැති වර්ණවලින් හැඩවෙන නිසා එම වර්ණවලට ගැළපෙන අයුරින් නේල් ආට් එක ද යෙදිය යුතුයි. පළමු දිනයේ දී ඇයට චාම් බව පෙන්නුම් කරන ;න්ල් ආට් එකක් යොදා ගන්නට පුළුවන්. මෙහිදී වැඩි විසිතුරු බවක් දක්වන ඩිසයින් මනාලියට යොදා ගැනීමක් නොකරයි.

එමෙන්ම නියපොත්තේ දිග ප්‍රමාණය වඩාත් දික්ව නොගන්නා අතර එය සාමාන්‍ය දිග ප්‍රමාණයට සකස් කරනු ලබයි. මනාලියකට ගැළපෙන විවිධ ආකාරයේ නේල් ආට් ඩිසයින් තිබේ. ඇයට ඇක්‍රලික් ෆෙ‍්‍රන්ච් හෝ එසේත් නැත්නම් ජෙල් ෆ්‍රෙන්ච් නේල් සෙට් එකක් තෝරා ගැනීීම වඩාත් උචිතයි.

මේ ආකාරයෙන් නිය සකස් කර ගැනීමෙන් පසු මනාලියට අවශ්‍ය ආකාරයෙන් චාම් බ්‍රයිඩ්ල් ඩිසයින් එකක් කළ හැකියි. ඒ හැරෙන්නට ලේස් ඩිසයින්, ග්ලිටර් ඩිසයින් වැනි මනාලියන්ට ගැළපෙන විලාසිතාවන් තිබේ.

මේ ආකාරයේ නේල් ආට්වලින් මනාලියගේ නිය හැඩගැන්වීමෙන් ඇයගේ දෑත්වල සහ නියවල සුන්දරත්වයක් මතුකර දක්වන්නට පුළුවන්.

මංගල දිනයේ නේල් ආට් මගින් තම නිය හැඩගන්වා ගන්නට අදහස් කරනවා නම් සාමාන්‍යයෙන් සති 2 කට කලින්වත් නිය වවා ගන්නා ලෙස එම ශිල්පිනිය උපදෙස් ලබාදෙන අතර ඇයගේ නිය කෙටිනම් එයද ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඇතැම්විට නිතර නිය සැපීම වැනි ක්‍රියා නිසා නිය ක්‍රමවත්ව නොවැඩී අවලස්සන පෙනුමක් ඇති වී තිබෙන අවස්ථාත් දක්නට ලැබේ. මෙවන් නිය බොහෝවිට මනාලියකට අවලස්සන පෙනුමක් ගෙන දෙන නිසා ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

ඉහත කී හේතූ®න් නිසා අක්‍රමවත් වූ නිය ඇත්නම් නිය අවශ්‍ය ආකාරයට නොවැඩී ඇත්නම් එවන් අයට නිය හැඩගැන්වීම සඳහා තාවකාලිකව යොදන (ටෙම්පරි ටිප්ස්) නිය හෝ ඇක්‍රලික් ජෙල් යෙදිය හැකියි. මේ සඳහා මංගල දිනයට කලින් නිිය අලංකරණ ශිල්පිනියක් හමුවීමෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්නට හැකිවේවි.
  
උපදෙස්
ප්‍රවීණ නිය අලංකරණ ශිල්පිනී වයනී පල්ලියගුරු
Lv’s nail Studio

10419 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 09, සඳුදා 08:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න