තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

නර්ථන පුහුණුව සිරස්තල

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

2014 ජූනි 03, අඟහරුවාදා 11:32

​සුන්දර රුවකට අති සුන්දර දෑතකුත් පුදුම ලස්සනක් විශේෂාංග

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(4 මනාප)
කාන්තාවකගේ සුන්දර දෑත ඇගේ වයස හඟවන කැඩපතක් බඳුය. මුහුණේ කොතරම් ආලේපන ගැල්වූවත් දෑතට නිසි සාත්තුවක් නොලදහොත් ඔබේ රුවට ඉන් සිදුවන හානිය නම් බොහොමයි. සුන්දර දෑතක් දුටු විට ඒ දෑත හිමි යුවතියගේ රුවත් එපමණට ම සොඳුරු යැයි සිතෙන්නේ නිරායාසයෙන්.

මෙනික්‍යූ සෙට් එකකට හෝ බේසමක් වැනි බඳුනකට විසබීජ නාශක දිය කරන ලද මඳ උණුසුම් ජලය ගන්න. දෑත්වල ඇති ආභරණ සියල්ල ඉවත්කර දෑත එම බඳුනට දමා සෙමෙන් අතුල්ලා සෝදන්න. බඳුනෙන් ඉවතට ගත් දෑත් තුවාය මත තබා තෙත මාත්තු කරන්න. කුඩා පුළුං බෝල සකසා ඒවා ක්‍යූටෙක්ස් රිමූවර්වලින් පොඟවා ගන්න. වම් අතේ සුළැඟිල්ල මත එය ටික වේලාවක් තබා ආලේපනය ඉවත් වීමට නියපොත්ත මත සිට තදින් පහළට අදින්න. මෙලෙසින් වම් අතේ සුළැඟිල්ලේ සිට දකුණතේ සුළැඟිල්ල දක්වා ආලේපනය ඉවත් කරන්න. ඉන්පසුව නිය කපා, හැඩකර ගන්න.

ඔරේන්ජ් ස්ටික් එකක් ගෙන එහි උල් වූ අග්‍රයේ පුළුං දවටා, එය ක්‍යූටෙක්ස් රිමූවර්වලින් පොඟවා ගන්න. දැන් එය උපයෝගී කරගනිමින් නිය කණු සහ ක්‍යූටිකල් අතර ඇති (ක්‍යූටිකල් යනු නිය හා සම අතර කොටසයි) නිය ආලේපන ඉවත් කරන්න. එලෙසම අග පුළුං දවටා ගත් ඔරේන්ජ් ස්ටික් එකක් ගෙන එහි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පොඟවා නියපොත්තේ නිදහස් අග්‍රය පිරිසුදු කරගන්න. වම් අතේ සුළැඟිල්ලේ සිට දකුණු අතේ සුළැඟිල්ල දක්වා ක්‍යූටිකල් ක්‍රීම් හෝ ජෙල්, ක්‍යූටිකල් එක මත ආලේප කරන්න. සෙමෙන් ක්‍යූටිකල් එක අසල මසාජ් කරන්න.

ක්‍යූටිකල් පුෂර් එකක් ආධාරයෙන් ප්‍රවේසමෙන් ක්‍යූටිකල් එක පිටුපසට තල්ලු කරන්න. වම් අතේ සුළැඟිල්ලේ සිට මැරුණු ක්‍යූටිකල් කොටස් කටර් එකක් ආධාරයෙන් කපා ඉවත් කරන්න.

ඉන්පසුව අත්වල මැණික් කටුව ප්‍රදේශයේ සිට පහළට ස්ක්‍රබ් එකක් ආලේප කොට විනාඩි 5ක පමණ වේලාවක් තිබෙන්නට හරින්න. දෑත් රවුමට සෙමෙන් අතුල්ලන්න. අත් හා අත්ල හොඳීන් මසාජ් කරන්න. කුඩා බ්‍රෂ් එකකින් නියපොතු ආශි‍්‍රත ප්‍රදේශය අතුල්ලා මඳ උණුසුම් වතුරෙන් දෑත් සෝදන්න. මැණික් කටුවේ සිට නියපොතු දක්වා සම පැහැපත් කරන ආලේපනය ගල්වා විනාඩි 10ක පමණ වේලාවක් තබන්න. පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා තෙත මාත්තු කරන්න. (මෙම පියවර අවශ්‍ය නම් පමණක් සිදු කළ හැකියි)

දැන් නිය ආලේපන ගැල්වීමට පෙර නියපොතු මත මූලික ආලේපය (බේස් කෝට්) ගල්වන්න. ඉන්පසුව ගැළපෙන වර්ණයකින් නිය ආලේපන ගල්වා අවසන් ආලේපය (ටොප් කෝට් ) ගල්වන්න. 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් 

ඡායාරූප - ශාන් ප්‍රභාත් රඹුක්වැල්ල

12200 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 03, අඟහරුවාදා 11:39
අදහස් එක් කිරීමට ලොග් වෙන්න