තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...

නිය අලංකරණය සිරස්තල

2016 ඔක්තෝබර් 21, සිකුරාදා 13:20

නුඹට කියන වග නම් . . . විශේෂාංග

ලිව්වේ  දිස්නා කුමාරි අල්විස්
අගයන්න
(1 මනාපය)
අද නිය අලංකරණය විලාසිතාවක් බවට පත්වෙලා. කාලයේ තාලයට සියල්ලම පාහේ වෙනස් වෙද්දී විවිධ තේමාවෙන් විවිධ අවස්ථාවට උචිත නිය සැරසුම් (ව්චඪත චපබ) වලට යුවතියන් පෙළැඹිලා තිබෙනවා.

 

විශේෂ උත්සව අවස්ථාවකට තමන්ට සුදුසු ආකාරයට නිය ආලේපන ගැල්වීමේ වරදක් නැතත් ඔබත් පවතින රැල්ලට හසුවී නිරන්තරයෙන් නිය අලංකරණයට හුරුවී සිටිනවා නම් මොහොතක් නැවතී මේ ගැන සිතා බලන්න.

දිලිනියි තිළිණියි ඥාති සොහොයුරියන්. ඒ මේ දෙදෙනාගේ අම්මලා එක කුස උපන් සොහොයුරියන් නිසයි. දිලිනිගේ පවුලේ මල්ලියි දිලිනියි, තිළිණිටත් එහෙමයි. මේ නිසා දිලිනියි තිළිණියි හැදුණේ වැඩුණේ එකටමයි.

එකම වයසේ නිසා මේ සොහොයුරියන් හොඳම යාළුවෝ වුණා.

එකම පාසලේ, එකම පන්තියේ දෙදෙනාම හොඳින් සිප්සතර හැදෑරුවත්, නිවෙසේදී මේ දෙදෙනා හැදුණේ වැඩුණේ වෙනස් ජීවන පරිසරවලයි.

සොළොස්වැනි වියට පා තැබීමත් සමග දිලිනිගේ වැඩි උනන්දුව විලාසිතාවලටයි. නිවෙසේ නිරන්තරයෙන් පැවැති පි‍්‍රයසාද ආදියත් ඊට හේතු වුණා.

මේ නිසා ඇඳුමේ පැහැයෙන් නිය ආලේපන ගල්වන්න දිලිනි බොහෝ සේ ඇලුම් කළා.

නැවත පාසල් යද්දී කියුටෙක්ස් රිමූවර් යොදාගෙන ඒවා ඉවත් කළා.

නමුත් තිළිණි හැදුණු වැඩුණු පවුල් පරිසරය ඊට වෙනස්. තිළිණිගේ මවත්, පියාත් දෙදෙනාම රැකියාවල නියුතු වුණු නිසා කුඩා අවදියේ පටන් ගෙදර දොර වැඩ කටයුතුවලට තිළිණිගේ අත සිත නිරතුරු හුරු වුණා.

නිවෙස පිරිසුදු කිරීම, ඉවුුම්, පිහුම් කටයුතු මේ කොයි දේත් දැන ඉගෙන ගත්තා.

තිළිණිගේ මේ කල්ක්‍රියාව මාපියන්ගේ සිතට ගෙන ආවේද මහත් සැනසිල්ලක්.

පාසල් අධ්‍යාපනය නිමවුණු පසු මාපියන් රෑ බෝ වී නිවෙසට පැමිණෙද්දී රාත්‍රී භෝජනය පිළියෙළ කරන්නත් තිළිණි හුරු වුණා.

හොඳින් මනාසේ කපන නිය පෙළ ඉතා පිරිසුදුව පවත්වාගත් ඇය, මුලුතැන්ගෙයි වැඩකටයුතු නිමකර පසු දෙහිගෙඩියේ ඉවතලන පොත්ත යොදාගෙන තම නිය පිරිසුදු කළා.

නිය පෙළෙහි සොබාවික පැහැය වඩා දීප්තිමත්ව පවත්වා ගැනීමට ඇයට හැකිවුණා.

එසේම විශේෂ උත්සව අවස්ථාවකදී පමණක් ප්‍රමිතියෙන් යුතු නිය ආලේපන භාවිතා කිරිමටත් තිළිණි අමතක කළේ නැහැ.

නමුත් දිලිනි, පාසල් අධ්‍යාපනය නිම වීමෙන්, විලාසිතාවලට තවදුරටත් ලැබුණු නිදහස ප්‍රයෝජනයට ගනිමින් නේක මාදිලියේ රටාවලට නියපෙළ හැඩ වැඩ කරන්න පටන් ගත්තා.

ඒ වෙනුවෙන් දිගු නිය පෙළක් පවත්වාගෙන යෑමටද ඇය උත්සුක වුණා.

නිරතුරු තම නිය පෙළෙහි අලංකාරය ගැන සිතූ දිලිනි, ඒවාට හානි වේයැයි බිියෙන් ගෙදර දොර වැඩ කටයුතු වලින් හැකි තරම් ඈත් වුණා. මවට සහයට නිවෙසේ මෙහෙකරුවන්ද සිටි නිසා දිලිනිට වඩා වැඩි නිදහසක් හිමිවුණා.

කාලය මෙහෙම ගතවෙලා දැන් මේ දෙදෙනාම නව යොවුන්වියේ සුන්දර යුවතියන්.

ඔය අතරේ දිලිනිගෙයි, තිළිණිගෙයි පුංචි අම්මාගේ විවාහ මංගල්‍යට දෙවැනි මනාලියෝ විදිහට සූදානම් වෙන්න දිලිනිටයි තිළිණිටයි ඇරයුම් ලැබුණා.

මේ ලද අවස්ථාව දෙදෙනාම බොහොම කැමැත්තෙන් බාර ගත්තා.

විවාහ මංගල්‍ය වෙනුවෙන් මේ අයගේ හැඩගැන්වීම් පැවරුණේ පුංචි අම්මාගේ හොඳම යෙහෙළියකට. ඇය රූපලාවණ්‍ය හදාරා තිබුණත් වෘත්තියෙන් වෛද්‍යවරියක්.

අද විවාහ මංගල දිනයයි, හැඩගැන්වීම් කටයුතු සඳහා දිලිනියි, තිළිණියි රූපලාවණ්‍යාගාරයට පැමිණ සිටියා.

ඒ අවස්ථාවේ කිසිඳු නියවර්ණයක් නොගල්වා තිබුණු දිලිනිගේ නියපෙළෙ දුටු රූපලාවණ්‍ය ශිල්පිනිය ඇයට පැවසුවේ මේ ආකාරයට නිය පෙළ අවර්ණ වීමට හේතුව දිගු කාලීනව නිය ආලේපන ගල්වා ඒවා නිරන්තරයෙන් රසායනික දියර උපයෝගී කරගනිමින් ඉවත් කිරීම නිසා ඇගේ නිය මෙසේ හානි වී ඇති බවයි.

එසේම අපේ ආහාරයේ අඩංගු කැල්සියම්, ඛනිජ ලවනයි ද නියපොතු වර්ධනයට හේතු වෙනවා. විශේෂයෙන්ම අස්ථි පද්ධතිය හා දත් සවිමත්ව පවත්වාගෙන යාමට වැදගත් වන කැල්සියම් දැත් දෙපාවල පිරිසුදු බවටද බාධාවවන නිය වර්ධනයට, වැයවන ආකාරයද පවුලේ හිතවතියක් හා වෛද්‍යවරියක් වන රුපලාවණ්‍ය ශිල්පිනිය පහදා දුන්නා.

11057 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ඔක්තෝබර් 21, සිකුරාදා 13:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න