තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

නිය අලංකරණය සිරස්තල

2017 දෙසැම්බර් 18, සඳුදා 16:17

ළඟ ළඟ එන උත්සව සමයට හැඩවන්නටත් කදිමයි විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
නිය ලස්සන කරන  nail art .  විලාසිතාවන් ගැන උනන්දුවන යුවතියන් වැඩි දෙනෙක් ඇඳුම් පැලඳුම් ගැන වගේම රුව ලස්සන කරගන්නට ඉවහල්වන විලාසිතා ගැනත් දක්වන්නේ වැඩි උනන්දුවක්. නත්තල් කාලෙත් ළඟ ළඟ එන නිසා උත්සවවලට නිතර ආරාධනා ලැබෙන නිසාත් හැඩ වැඩ ගැන වැඩි වශයෙන් උනන්දුවන කාලයක් මේ.

 

විශේෂයෙන්ම නිය අලංකරණය ගැන එහෙමත් නැත්නම් nail art මඟින් ලස්සන පෙනුමක් එක්කරගන්න යුවතියන් වඩාත් කැමැතියි.

නේල් ආට් මඟින් නිය පෙළට වඩාත් ආකර්ෂණීය පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් මෙය ආවට ගියාට කරන්නට හැකි දෙයක් නොවේ. හේතුව මෙවන් දෙයක් කිරීමේදී එය ඉතාමත් ආරක්ෂා සහිතව ක්‍රමානුකූලව නිවැරැදිව කිරීම වඩාත් අවශ්‍යවන නිසයි.

ඔබ නේල් ආට් එකක් කරගැන්මට සූදානමින් සිටිනවානම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ මොන ආකාරයෙන්ද? බලන්න මෙහිදී ඔබ දැනුවත් විය යුතු කරුණු වගේම නේල් ආට් එකක් කිරීමේදී ඔබ අවධානය දැක්විය යුතු දේ මොනවාද කියා.

නේල් ආට් එකක් කරන්නට කලින් ඒ සඳහා නිය සූදානම් කර ගැන්මක් කළ යුතුද?

ඔව්, නේල් ආට් එකක් කිරීමට කලින් අනිවාර්යයෙන්ම නිය සූදානම් කර ගැන්ම අවශ්‍යයි. මෙහිදී නිය හොඳින් වැඩී තිබීම වැදගත්. කෙටි ආකාරයෙන් හෝ අක්‍රමවත් ආකාරයට නිය පිහිටා තිබෙනවානම් නිය පෙළ දෙස බැලීමේදී එහි පෙනුමක් ගෙන දෙන ආකාරයේ හැඩයක් නැත්නම් නේල් ආට් එකක් කිරීමෙන් අප බලාපොරොත්තු වන ලස්සන පෙනුම ලබාගන්නට බැහැ.

නිය කෙටි නම්, නිය වැඩී නැත්නම් දැන් එය මඟහරවා ගෙන ස්වාභාවික නිය පෙළක් ආකාරයටම නිය සකසා ගන්නට දැන් හැකියාව තිබෙනවා.

ඇක්‍රලික් නේල්, ජෙල් නේල් මෙයට හොඳම විසඳුමක්.

මෙහිදී මුලින්ම කළ යුත්තේ අතේ හැඩයට ගැළපෙන ආකාරයට ජෙල් නේල් භාවිත කරමින් ක්‍රමානුකූලව නිය පෙළ සකස් කරගැනීමයි. මේ ආකාරයෙන් නිය සකස්කරගත් පසුව නිය පෙළෙහි කිසිම අඩුපාඩුවක් දිස්වන්නේ නෑ. බොහෝවිට අපේ ස්වභාවික නිය නිතර කැඩීයන ස්වභාවයෙන් යුක්ත වුණත් ඉහත කී ආකාරයෙන් ඇක්‍රලික් හෝ ජෙල් නේල් යෙදීමෙන් වඩාත් ශක්තිමත් බවක් ඇති ආකාරයට නිය සකසාගන්නට පුළුවන්. මෙසේ සකසාගත් නිය පෙළට nail art  කිරීමෙන් වඩාත් ආකර්ෂණීය පෙනුමක් ලබාදෙන්නට පුළුවන්.

මේ ආකාරයෙන් නිය සූදානම්කරගත් පසුව දැන් ඔබටම අවශ්‍ය අයුරින් nail art එකක් කරගන්නට පුළුවන්.

කොහොමද nail art එකක් සිදුකරන්නේ?

මුලින්ම බේස් කෝට් එක ගැල්වීම මෙහිදී සිදු කෙරෙනවා. ඉන්පසුව අපට අවශ්‍ය කලර් එක ගල්වන්න පුළුවන්.

සිදුකරන nail art  එකට අවශ්‍ය ආකාරයට මෙහිදී වර්ණ කීපයක් වුවත් යොදා ගන්නට හැකියාව තියෙනවා.

අවශ්‍ය වර්ණය නියමත ගැල්වීමෙන් පසුව මෙය ටික වේලාවක් වියැළෙන්නට තැබීම අවශ්‍යයි. මේ සඳහා අදාළ උපකරණ භාවිත කිරීම ඉතාම වැදගත්. nail art  එකකදි භාවිත කරන විශේෂ පින්සල් අප මෙහිදී භාවිත කරනවා. ඒ මඟින් ඉතා සියුම් ආකාරයට නියමත nail art  එක කිරීමට පුළුවන්. මීළඟට තමන්ට අවශ්‍ය ආකාරයට කැමැත්තට අනුව nail art  එක කිරීම සිදුකෙරෙනවා. එසේ නේල් ආට් එක කළපසුව එයට උඩින් ටොප් කෝට් එක ගැල්විය යුතුයි. නිය ආරක්ෂාවට මෙන්ම හොඳ නිමාවක් ගෙන දෙන්නට හැකිවන්නේ ටොප් කෝට් එක යෙදීමෙන්.

nail art  එක වඩාත් අලංකාර කළහැකි ක්‍රම තිබෙනවා. ඒ සඳහා යොදාගත හැකි විශේෂ ද්‍රව්‍ය තිබෙනවා. මෙය යොදා nail art  එකට උචිත වන ආකාරයට යෙදිය යුතුයි.

නත්තල් උත්සවය වෙනුවෙන් සූදානම්වන අයට ඒ සඳහා විශේෂයෙන් කළ හැකි nail art  යොදාගන්නට පුළුවන්.

nail art  වැනි දෙයක් සාමාන්‍යයෙන් තමන්ටම නිවසේදි කරගත හැකි දෙයක් නොවේ. හේතුව මෙය ඉතාමත් ක්‍රමානුකූලව නිය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් කළයුතු දෙයක් නිසයි. මෙය ආවට ගියාට කරන්නට යාමෙන් නිය අවලස්සන වෙන්නට පුළුවන්. යම් යම් ගැටළු නිය ආශ්‍රිතව ඇතිවීමට එය හේතුවක් වන්නට පුළුවන්. මේනිසා වඩාත් සුදුසුවන්නේ එය ක්‍රමවත්ව සිදුකරගන්නට සැලකිලිමත් වීමයි.

 

 උපදෙස් ශිල්පිනී

දිනූපා ජයසූරිය

The nail club

තිඹිරිගස්යාය පාර,

කොළඹ 05

2579 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 18, සඳුදා 16:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න