තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

නිය අලංකරණය සිරස්තල

2018 සැප්තැම්බර් 25, අඟහරුවාදා 12:59

නිවැරැදි නේල් පොලිෂ් ආලේප කරමු විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
විවිධ වර්ණවලින් තමන්ගේ නිය පෙළ අලංකාරව තබා ගැනීමට කවුද අකැමැති. වර්ණය කොතරම් කැපී පෙනුණත් එය ගල්වන ආකාරය මත තමා නියපොතුවල අලංකාරය වැඩි වෙන්නේ.

 

ඉතින් වඩාත් නිවැරැදිව මනා නිමාවකින් යුතුව නිය ආලේපන ගැල්වීම ඉතා වැදගත්.

ආලේප ගැල්වීමට පෙර නියපොතු මනාව පිරිසුදු කරන්න. පෙර පැවති සායම් හොඳින් පිරිමදින්න. පිරිසුදු වතුරෙන් හොඳින් සෝදා ගෙන තෙත මාත්තු කරගන්න. දැන් අවශ්‍ය හැඩයට, අවශ්‍ය ප්‍රමාණයට නියපොතු කපා ගන්න.

ඉන්පසු නියපෙළ මත කඩතොළු ඉවත් කරගන්න. ඒ සඳහා නේල් ෆයිල් එකක් භාවිත කරන්න. නියපොතු තුඩු හොඳින් සෝදා හරින්න. දැන් බේස් එකක් ආලේප කරන්න. ඒ මඟින් අමතර අලංකාරයක් එකතු වනවා සේම නියපොත්ත ද ආරක්ෂා වෙනවා.

ප්‍රමිතියෙන් යුතු නෙල් පොලිෂ් නිරතුරුවම තෝරා ගන්න. ඉරි තුනකින් නිය මත ආලේප කරන්න. එක මත එක තට්ටු ලෙස නොගල්වන්න. වටේ තැවරී තිබෙන අනවශ්‍ය කොටස් පිස දමන්න.

හොඳින් වියළුණු පසු ටොප් කෝට් එකක් ආලේප කරන්න. එමඟින් හොඳ නිමාවක් නියපොතු සඳහා ලැබෙනවා.

 

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලොන්

දළුගම

468 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 සැප්තැම්බර් 25, අඟහරුවාදා 13:00
අදහස් එක් කිරීමට ලොග් වෙන්න