තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

නිය අලංකරණය සිරස්තල

2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:34

Nail Arts දිවියකුගේ සම මෙන් හැඩ කළ නිය විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
සුන්දර නිය පෙළක් කියන්නේ කාන්තාවකට ලස්සනක් ගෙන දෙන්නක්. හැබැයි ඉතිං පිරිසුදුවට තියෙන්නත් ඕනේ. යුවතියන්ගේ මෙන්ම තරුණියන්ගේත් පැතුම නිය දිගට වවන්නයි.

 

මාස ගාණක් වෙහෙස වෙලා බොහොම අමාරුවෙන් නිය දිගට වවා ගන්නවා. ඔන්න, ඊට පස්සේ ලස්සන රටාවකට පින්තාරුවක් කරගෙන හැඩ වෙන්න හිතනවා.

නිය අලංකරණයේ වැඩි නැඹුරුවක් තියෙන්නේ නේල් ආර්ට්වලටයි.

නිය සිතුවම් කිරීමේ විවිධ විලාසිතා එමටයි.

ඒ අතරින් ඔබට පහසුවෙන් කරගත හැකි නිය විලාසිතාවක් මෙලෙස ගෙන එනවා.

පුංචි ඉවසිල්ලක් තියෙනවා නම් මේ විලාසිතාව ඔබට තනිවම කරගත හැකියි.

මේ සඳහා වර්ණ කිහිපයක නිය වර්ණ අවශ්‍ය වෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

නි්‍යුඩ් නේල් පොලිෂ්

ළා දුඹුරු - බේජ් නේල්

පොලිෂ්

කළු නේල් පොලිෂ්

ක්ලියර් නේල් පොලිෂ්

නේල් ආර්ට් බ්‍රෂ්

(පින්සල්)

නිර්මාණය

කිරීම

පළමුව නිය හොඳින් පිරිසුදුකර වියළා ගන්නග පසුව ආරක්ෂා වීමට බේස් කොට් ගල්වා වියළෙන්නට හරින්න.

ඉන්පසුව නි්‍යුඩ් නේල් පොලිෂ් ගෙන දෙසැරයක් නිය මත ගල්වන්න. 1 රූපය බලන්න.

එයත් වියැළුණු පසු ළා දුඹුරු- බේජ් වර්ණ නිය ආලේපනවලින් එකිනෙකට සමාන නොවූ ලප මෙන් පොනෙන ලෙස වර්ණ ගල්වන්න. 2 රූපය බලන්න. එය වියැළුණු පසු ද්‍රඹුරු පාට ලප වටේට කළු වර්ණ නිය ආලේපනවලින් අවුට් ලයින් කරන්න.

එහිදී 3 රූපයේ දැක්වෙන ලෙස ඉඩ ඉතිරිවන සේ වර්ණ ගැල්වීමට සැලකිලිමත් වන්න.

එයත් වියැළුණු පසු වර්ණයක් නැති ක්ලියර් නේල් පොලිෂ් ගල්වා නිය දීප්තිමත් කරගන්න.

294 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න