තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 මාර්තු 07, අඟහරුවාදා 12:34

පළමුව නාසයේ පෙනුම සකසාගනිමු... ඊළඟට මේකප් කරමු.. විශේෂාංග

Written by 
අගයන්න
(1 මනාපය)
‘මූණත් එක්ක තරහට නහය කපා ගත්තා වගේ..’ යැයි කියමනක් අපේ සමාජයේ වේ. එසේ වන්නේ මූණ මධ්‍යයෙහි නහය පිහිටා තිබීමෙන් එයට වන හානියක් මුහුණට ගෙන දෙන්නේ අවලස්සනක් මෙන්ම අශ්වාස ප්‍රශ්වාසය සිදු කරන බැවින් ඉන් වන හානිය ජීවිත හානියක් ද වන නිසයි. 

 

මේ නිසා මුහුණක් මේකප් කිරීමේ දී නහය මේකප් කිරීම සුළුවෙන් තැකිය නොහැකියි. 

විවිධ වූ අයගේ නාසය විවිධ වූ හැඩයට උපතින් ම පිහිටා තිබෙනවා. රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස ඔබ මෙය හොඳින් ම අධ්‍යයනය කළ යුතුයි. වඩාත්ම දිගු නොවූ ඍජුව පිහිටි නාසය මුහුණට අලංකාර අංගයකි. 

එබැවින් මේකප් කිරීමට යාමේදී ඔබට ඇති ආයුධ කට්ටලය වන මේකප් බ්‍රෂ්, ස්පොන්ජ් සහ මේකප් පැලට් එක භාවිතකර අලංකාර ලෙස පිහිටා නැති නාසයන් සිත් ඇදගන්නා ලෙස නිර්මාණය කිරීමට හැකියාව තිබිය යුතුය. 

කෙටි නාසය, පළල නාසය, මොට වූ නාසය, ගිරා හොටක් ලෙස පිහිටි නාසය, ලොකු නාසය, දිගටි නාසය ආදී විවිධ හැඩ මුහුණේ අලංකාරය අඩුකර පෙන්වන බව බැලූ බැල්මට කාටත් පෙනෙන කරුණකි. මේකප් කලාවේ විශ්මිත ක්‍රමවේද තුළින් මෙවැනි සියලු දේ නිවැරැදිකර දැක්වීමට දැන් හැකි වී තිබේ. නාසය මේකප් කිරීමේ දී ද මුහුණේ හැඩයන් නිවැරැදි කරමින් එය ඉස්මතුකර පෙන් වූ ක්‍රමවේදයම අනුගමනය කළ යුතු වේ. මේ සඳහා අපි තද පැහැති ෆවුන්ඩේෂන් සහ ළා පැහැති ෆවුන්ඩේෂන් ද ඉන්පසු ඒවා මත තද පැහැ හා ළා පැහැ පවුඩර් වර්ග ද භාවිතකර නිසි ලෙස නිමාවක් දීම සිදු කරයි.

උපදෙස් - සම්මානිත මහාචාර්ය රමණී අර්සකුලරත්න

4190 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 මාර්තු 07, අඟහරුවාදා 12:36
අදහස් එක් කිරීමට ලොග් වෙන්න