රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 අගෝස්තු 29, අඟහරුවාදා 13:35

සැලෝන් ඩ්‍රීම් ඩ්‍රෙස් ඇන්ඩ් බ්‍රයිඩ්ල් කලෙක්ෂන්

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
ගම්පහ අස්ගිරිය මල්වත්ත නැකැත් දිනයන්හි දී මල් මනාලියන්ගෙන් පිරී ඉතිරී යනවා. පසුගිය ගුරුදාත් එවැනි සුන්දර මනාලියන් පෙළක්ම දුටුවා.

 

ඒ අතරින් මනබඳිනාම මනාලිය ගැන තොරතුරු විමසූ විට දැන ගන්නට ලැබුණේ ඇයව හැඩගැන්වූ සැලෝන් ඩ්‍රීම් ඩ්‍රෙස් ඇන්ඩ් බ්‍රයිඩ්ල් කලෙක්ෂන් ගැනයි. එහි හිමිකාරිණිය තිළිණි නදීෂා හෙට්ටිආරච්චියි. මේ අපූරු ප්‍රතිභාපූර්ණ තාරකාව ගැන ඔබට කියන්නේ ඔබේ සොඳුරුතම විවාහ මංගල්‍ය දිනයට ඇගේ අපූර්වතම සේවය ලබා ගැනීමට ඔබට හැකියාව ඇති හෙයිනි.

මීට දසවසරකට ඉහතදීයි ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අවතීරණ වූයේ. චාන්දනී බණ්ඩාර, තිරාණි පීරිස්, නිල්මිණි බන්නැහැක යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන්ගේ ගුරුහරුකම් ඇතිවය. 2009 වසරේ තිරාණි පීරිස් රූපලාවණ්‍ය ඇකඩමියෙහි මනාලියන් දැක්මේ ජයග්‍රාහි අවසන් වටය දක්වාම ඇයගෙන් හැඩවූ මනාලිය තේරී පත් විය.

මේ සියලු නිපුණත්වය සමඟින් ඇය නිට්ටඹුව නගර මධ්‍යයේ ‘සැලෝන් ඩ්‍රීම් ඩ්‍රෙස් ඇන්ඩ් බ්‍රයිඩ්ල් කලෙක්ෂන්’ ඇරැඹියේ ක්ෂේත්‍රයට පිවිසි මුල් සමයේදීය.

සොඳුරු මනාලියක් වන්නට සිහින දකින ඔබට එකම වහළක් යටින් සේවාවන් රැසක්ම මෙමඟින් ලබා ගත හැකියි. ඒ අනුව උඩරට, පහතරට, බටහිර, හින්දු යන ඕනෑම විලාසිතාවකට මනාලියන් හැඩ ගැන්වීම, ආභරණ, මල්කලඹ ඇතුළු සැරසිලි කටයුතු ද ඇය සිදු කරයි. මනාලිය සහ දෙවැනි මනාලිය, මල් කුමරියන් සඳහා පාවහන් නොමිලයේ ලබා දේ. මේ සඳහා ඔබට කැමැති පහසු ඕනෑම පැකේජයක් තෝරාගත හැකියි.

මීට අමතරව හෙයාර්, බියුටි යන සියලුම රූපලාවණ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

“මගේ මවත් රූපලාවණ්‍ය හැදෑරූ අයෙක්. ඇය නිසයි මාත් මේ ක්ෂේත්‍රයට යොමු වූයේ. ඇත්තෙන්ම මගේ සැමියා මේනක රණවීර මට අතිවිශාල සහයෝගයක් ලබා දෙනවා. දුලායා දෙනෝලි දියණියත්, මගේ තාත්තා සහ සැමියාගෙ අම්මා තාත්තාත් මගේ රූපලාවණ්‍ය කටයුතුවලට නිබඳ අත්වැල් සපයනවා. එමෙන්ම තරුණී වෙතින් ලබා දෙන සුවහසක් දැනුම ප්‍රයෝජනයට ගෙන මගේ ජීවිතය තවත් හැඩකර ගන්නට හැකි වුණා.

 

තිළිණි නදීෂා- ‘සැලෝන් ඩ්‍රීම් ඩ්‍රෙස් ඇන්ඩ් බ්‍රයිඩ්ල් කලෙක්ෂන්’,

බස් නැවතුම්පොළ පිටුපස- නිට්ටඹුව.

 

 

1088 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 29, අඟහරුවාදා 13:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න