තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 සැප්තැම්බර් 18, සඳුදා 12:54

බාහිර ආලේපන වලින් පමණක් සුන්දර විය හැකිද? විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
ලස්සන වන්නට බාහිරින් යොදන ආලේපන ගැන පමණයි අප උනන්දු වන්නේ. නමුත් ශරීරයට ගුණ දෙන ආහාර පාන වර්ග මඟින් ලස්සන වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට පුළුවන්.

 

අප මොනතරම් ආලේපන බාහිරින් ගැල්වූවත් ඊට වඩා ශරීරයේ අභ්‍යන්තරයට ගනු ලබන ආහාරපාන රූ සපුව සඳහා වැදගත් වෙනවා.

 

*ශරීරයට සුන්දරත්වයක් ලැබීම සඳහා කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, කැල්සියම් අඩංගු ආහාර අත්‍යවශ්‍යයි. මෙම ආහාර මඟින් සමේ පැහැපත් බවක් ඇති කරනවා.

 

*කෙඳි සහිත ආහාර දිනපතාම ආහාරයට එක්කර ගැනීම මඟින් ආමාශයේ ක්‍රියාකාරිත්වයට පහසුවක් ඇති වෙනවා. තවද සිරුරේ තෙල් තැන්පත් වීම ද මෙමඟින් වැළකෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 න් පසුව අපගේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩුවීමෙන් තෙල් තැන්පත් වීම වැඩිවන බව කිව යුතූයි. මැදි වයස වනවිට සිරුර තරබාරු වීමට හේතුව එයයි.

 

*මේදය තැන්පත් වී තරබාරු වීම නිසා ශරීරයේ ස්වරූපය වෙනස්වන බව ඔබ දන්නවා. මේ නිසා ඔබ තුළ කම්මැළි ගති ඇති වෙනවා. එසේම තෙල් ග්‍රන්ථිවල නාලවලට රුධිරය සැපයීම ද මින් අවහිර වන බව මතක තබාගන්න. කෙස් හැලීම, තටිටය පෑදීම වැනි දේවල් සිදුවීමට හේතුවන්නේ ද මෙයයි. එමනිසා විවිධ රෝගාබාධ ද ඇතිවෙනවා.

 

*මේදය අපට අත්‍යවශ්‍ය වුවත් අනවශ්‍ය මේදය නිසා අප රෝගි වෙනවා. එසේම මහත් වීමෙන් ද සිරුරේ හැඩය අවලස්සන වී යා හැකියි. එම නිසා ව්‍යායාම කිරීම, තෙල් කෑම අඩුවෙන් ගැනීම අවශ්‍ය බව මතක තබාගන්න.

 

*රාත්‍රී ආහාරයෙන් පසු උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීමෙන් තෙල් තැන්පත්වීම යම් ප්‍රමාණයකට අඩුකර ගත හැකියි.

 

*නෙල්ලි, රසකිඳ, සව්, බාර්ලි වැනි දේවල් තම්බා බීමෙන් වගේම කොළ කැඳ වැනි පාන වර්ග පානය කිරීම මඟින් ද සිරුරේ අධික උෂ්ණත්වය අඩුවීම, උණුසුම දරා සිටීමේ හැකියාව හිමිවීම වගේම සමට පැහැයක් ද ලැබෙනවා.

 

මෙවැනි දේවල් අනුගමනය කිරීම මඟින් ඔබ තුළ සුන්දර පෙනුමක් ස්වභාවයෙන්ම ඇති වෙනවා.

 

අන්තර්ජාලය ඇසුරිනි

530 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 සැප්තැම්බර් 18, සඳුදා 12:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න