තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 09, සඳුදා 12:42

නිය ලස්සන කරනවා නම් ආරක්ෂාව ගැනත් වැඩිපුර හිතන්න විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
රුව හැඩවැඩ ගැන්වීම ගැන කතා කරද්දී ඔබ වඩාත්ම ප්‍රියකරන නිය අලංකරණය ගැනයි අප මෙවර විමසා බලන්නට සූදානම් වන්නේ.

 

නිය ආලේප ගැල්වූ නියපෙළක් තුළින් දිස්වන්නේ අලංකාර පෙනුමක්. නමුත් මේ නිය ආලේප නිවැරැදි ආකාරයට භාවිත නොකිරීම සහ එය තැවරූ පසු ක්‍රමානුකුල බවක් දිස්නොවීම ආදිය නිසා බොහෝ විට අවලස්සන බවක් මෙන්ම නිය ආශ්‍රිතව යම් යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවි ඇති අවස්ථාවන් ද දක්නට ලැබෙනවා. එම නිසයි නිවැරැදිව කළයුතු නිය ආලේපන භාවිතය පිළිබඳ ඔබ සැලකිලිමත්වීම වඩාත් වැදගත් වන්නෙ.

අප නිය ආලේප තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුත්තේ මොන ආකාරයෙන් ද?

කිසිම විටෙක නිය ආලේප මිලදී ගන්නා විට බාල වර්ගයේ නිෂ්පාදන තෝරා ගන්නට එපා. මිලවැඩි වුවත් ප්‍රමිතියෙන් උසස් නිය ආලේප තෝරා ගැන්මයි වඩාත් වැදගත් වන්නේ. මෙහි අන්තර්ගත වී ඇති ද්‍රව්‍ය මොනවාද? නිෂ්පාදනය කර තිබෙන්නේ කොහේද යන්න ගැන සැලකිලිමත්වන්න. බාල වර්ගයේ නිය ආලේපන නිසා ඔබේ නීරෝගිමත්ව තිබෙන නිය රෝගී වන්නට පුළුවන්. නිය ආලේප භාවිත කරනවානම් එහි ආරක්ෂාව ගැනත් සිතන්නට වෙනවා. දැන් විවිධ ආකාරයේ නිය ආලේපන තිබෙනවා. නිය අලංකාර කරන නවීන ක්‍රම තිබෙනවා. මේ දේවල් ගැන දැනුවත්ව කටයුතු කරනවානම් ඉතා වැදගත්.

නිය ආලේපන ගැල්විය යුතු නිවැරැදි ක්‍රමය කුමක්ද?

අපිරිසුදු නියමත නිය ආලේප ගැල්වීම නොකළ යුතුයි. නිවැරැදි ක්‍රමය නම් නිය ආලේප ගැල්වීමට ප්‍රථම ඒ සඳහා නිය සූදානම් කරගතයුතුයි. පෙඩිකියු එකක් කරගන්නවානම් වඩා සුදුසුයි. නිය ආලේප ගැල්වීම ඉතාමත් ක්‍රමානුකූලව කළ යුතු කාර්යයක්. ක්‍රමවත්ව නිය ආලේප කරනවා නම් මුලින්ම බේස් කෝට් එක තවරන්න. ඉන්පසු එය වේළෙන්නට තබා ඔබ තෝරාගත් වර්ණය නිය මත තවරන්න. නිය ආලේප තැවරීමේදී නියමල්වල පවා ගෑවෙන අයුරින් තැවරීම සුදුසු වන්නේ නෑ. නියමල පැත්තේ සිට පිටතට කෙලින් අතට තවරන්න. දෙවරක් පමණ ආලේප තවරා වියැළෙන්නට හැර ඉන්පසු ටොප් කෝට් එක තවරන්න. එයද වේලුනාට පසුව කියුමිකල් ක්‍රීම්, ඔලිව් ඔයිල් හෝ බේබි ඔයිල් ස්වල්පයක් තවරා මසාජ් කරන්න.

නිය ආලේප ගැල්වූ පසු එය ක්‍රමවත්ව තබාගන්නට පිළිපැදිය යුතු කරුණු

අපි ලා පැහැති නිය ආලේප ගැල්වුවහොත් බොහෝ විට කෑම ගැනීමෙන් පසුව එය කහ පැහැවී දුර්වර්ණ වන බවක් දක්වන අවස්ථා ඔබ දැක ඇති. එවිට එක් අතක වෙන පැහැයක් සහ අනෙක් අතේ නිය තවත් පැහැයකින් දිස්වෙන්න පුළුවන්. මේනිසා ලා පැහැති නිය ආලේපයක් ගල්වා ඇති අවස්ථාවක කෑම ගැනීමේදි හැඳි ගෑරුප්පු භාවිත කිරීමෙන් එය වළකා ගන්න පුළුවන්. එසේ වීමට හේතුව කෑමවල ඇති තුනපහ ආදි ද්‍රව්‍ය අප නොයෙකුත් වැඩ කටයුතුවල යෙදෙන විටත්. තැවරූ නිය අලේප ඉවත්වී යන්නට පුළුවන්. නියමත ආලේප තැවරූ අලුත එය වෙනස් නොවි දින කිහිපයක් තබාගන්නට නම් ග්ලොස් එකක් භාවිත කළ හැකියි. වැඩකටයුතුවල නිරතවන අවස්ථාවන්වලදී ග්ලවුස් දෙකක් භාවිත කිරීමෙන් තැවරූ ආලේප ඉක්මනින් ඉවත්වී යාම වළක්වා ගන්නට පුළුවන්.

සාමාන්‍යයෙන් නිය ආලේප තැවරූ පසු එය නැවත ඉවත් කිරීමක් කළ යුතුයි නේද?

ඔව්. තමන් නිය ආලේප කිරීමෙන් පසු එය නැවත ඉවත් කළයුත්තේ කුමන අවස්ථාවේද යන්න ගැනත් සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ තවරා ඇති නිය ආලේප තැනින් තැන ඉවත් වී ගොස් තිබෙනවා නම් එය දුර්වර්ණ වී තිබෙනවානම් එය ඉතාමත් අප්‍රසන්නයි. දකින අය ඔබ ඉතාමත් අපිරිසුදු පිළිවෙළක් නැති කාන්තාවක් ලෙස සිතන්නට ද පුළුවන්. මේනිසා අනිවාර්යයෙන්ම දින කීපයකට පසුව තැවරූ ආලේප නැවත ඉවත් කිරීම කළ යුතුයි. එය දිගින් දිගටම නිය මත තිබෙන්නට හැරීම සුදුසු දෙයක් නෙමෙයි. මෙහිදී උසස් තත්ත්වයේ කියුටෙක්ස් රිමුවර් එකක් භාවිත කර නිය පිරිසුදු කරන්න. එසේ ඉවත් කළ පසු සතියක් පමණ නිය පෙළ නිදහස්ව තිබෙන්නට හරිනවනම් වඩා සුදුසුයි.

නිතර නිතර නිය ආලේප භාවිත කිරීම නිසා නිය පෙළට හානි සිදුවිය හැකි ද?

නිතර නිය ආලේපන භාවිතයට පුරුදු වී සිටින අයෙකු නම් නිය ආලේප නැතුව යන්නට කැමැත්තක් නොදක්වන්නට පුළුවන්. අප තත්ත්වයෙන් උසස් නිය ආලේපන භාවිත කරනවා නම්, නිය ආරක්ෂාව සහ එහි නිරෝගිමත් බව ගැන සැලකිලිමත්ව කටයුතු කරනවා නම්, නිවැරැදි පිළිවෙළට නිය සත්කාර කරනවා නම්, තැවරූ ආලේපන නැවත ඉවත් කිරීමට සැලකිලිමත් වනවානම් නිතර නිතර නිය ආලේප ගැල්වූ පමණින් කිසිම හානියක් වන්නේ නෑ. එසේ නොමැති වුවහොත් තවරන නිය ආලේපනවල තත්ත්වය සහ එය නිවැරැදි ක්‍රමයට අනුව භාවිත නොකිරීම නිසා ගැටලු මතුවන්නට පුළුවන්.

ඉවත් කිරීමකින් තොරව එකපිට එක නිය ආලේප ගැල්වීම සුදුසු ද?

තවරා ඇති නිය ආලේප ඉවත් කිරීමක් නොකොට එයට උඩින් යළිත් නිය ආලේප ගැල්වීමට පුරුදු වී සිටින අයද නැතුවා නොවෙයි. ඒ ආකාරයෙන් එක උඩ එක නිය ආලේප තැවරීමෙන් අවලස්සන පෙනුමක් ගෙන දෙනවා. එමෙන්ම රිමූ කිරීමේදී එය තට්ටු වශයෙන් ඉවත් කිරීමට සිදුවීම සහ ඒ වනවිට නිය මතුපිට දුර්වර්ණ වී තිබීමත් සිදුවී තිබෙන්නට පුළුවන්. එම නිසා එක උඩ එක නිය ආලේප ගැල්වීම සුදුසු දෙයක් නොවෙයි. බොහෝ දෙනෙකු නිය ආලේප නිසා නියපෙළට හානි සිදුකරගෙන තිබෙනවා නම් එම තත්ත්වයට හේතු වී තිබෙන්නේ ඔවුන්ගේ නොසැලකිල්ලයි. අත්වල නිය ගැන වගේම දෙපාවල නිය ගැනත් සැලකිලිමත් විය යුතුයි. හේතුව දෙපාවල නිය මත වැඩි වශයෙන් අපද්‍රව්‍ය තැන්පත්වීමේ හැකියාවක් ඇති නිසයි. නිතරම නිය පිරිසුදුව තබා ගන්නට සැලකිලිමත් වීමත් මසකට වරක්වත් රූපලාවණ්‍ය ආයතනයකට ගොස් මෙනිකියු පෙඩිකියු එකක් කර ගැන්මත් ඉතාමත් වැදගත්.

ලබන සතියේ ජෙල් නේල්, ඇක්‍රලින් නේල් (කෘතිම නිය) පිළිබඳවත් එය භාවිතයේදී ඔබ දැනසිටිය යුතු කරුණු ගැනත් කතා කරමු.

 

 

Glamor Nail  ස්ටුඩියෝහි අනූෂී රත්නායක
(Director -Edictor)
තලවතුගොඩ පාර, පිටකෝට්ටේ

438 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 09, සඳුදා 12:46
අදහස් එක් කිරීමට ලොග් වෙන්න