තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 දෙසැම්බර් 18, සඳුදා 16:37

හොඳ කුක් කෙනෙක් වෙන්න සරල ක්‍රම 10 ක් විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
හැම ගෘහණියක්ම ආසයි රසට උයන්න ඉගෙන ගන්න. හැමෝටම තියෙන ගැටලුවක් තමයි උයන්න පුළුවන්. ඒත් රස නෑ කියන එක. ඔබටත් මේ ප්‍රශ්නය තියෙනවද ?

 

ඔබ මේ සම්බන්ධයෙන් කණගාටු වෙන්න එපා. මොකද රසට කෑම පිසින්න ඉගෙන ගන්න ඔබ තවමත් ප්‍රමාද නෑ.

ටිකක් විතර වෙනසක් කරන්න

 

ගෙදර ඉන්න හැමෝම වගේ බලාගෙන ඉන්නේ ඔබ හදන ආහාර රස බලන්න. ඔබ හදන කෑමවල අඩු පාඩු කියන්න නම්, ගෙදර ඔක්කොම වගේ හරි දක්ෂයි නේද? මේ අඩු පාඩු දැනෙන්නේ ඔබ සම්ප්‍රදායිකව ආහාර පිසින විටයි. ඔබ දන්නා කෑම වට්ටෝරුවක් වුණත් ටිකක් වෙනස් විදිහකට හදන්න. ඒ කියන්නේ හැමදාම කන පරිප්පු අමුතුම විදිහකට හදන්න. එය වෙනස්කර සාදන ආකාරය ඔබම තීරණය කරන්න. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් පරිප්පුවලට බැදපු කුනිස්සෝ, කරපිංචා, වියළි මිරිස් වගේ දෙයක් එකතු කරන්න. ඔබගේ අලුත්ම රෙසිපි හැමෝම ඉතාමත් ආසාවෙන් රස විඳීවි.

කෑම වට්ටෝරු පොතක් ළඟ තියා ගන්න

 

කෑම වට්ටෝරු පොතක් කියන්නේ උයන්න ඉගෙන ගන්න ඔබ ළඟ තිබිය යුතුම දෙයක්. ඒ වගේම තමයි ඔබට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් කෑම හදන්න ඉගෙන ගන්න. සමහර වෙලාවට, අමුද්‍රව්‍ය එක් කරද්දි ඔබට ගැටලු එන්න පුළුවන්. මේ වෙලාවේම ඒ ගැන අසා දැනගෙන ආහාර පිසීමේ හැකියාවක් මෙම ඔන්ලයින් රෙසිපි අත්හදා බැලීමේදී ඔබට ලැබෙනවා.

අවශ්‍ය මොනවද කියලා හරියටම තේරුම් ගන්න

 

රෙසිපි කියවන විට දී ඔබ හොඳීන්ම තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි එහි අඩංගු වන අමුද්‍රව්‍ය මොනවද කියන එක. ඔබ එම ද්‍රව්‍ය හොඳින් වටහාගෙන, ආහාර සැදීමට පෙර ළඟ තබා ගැනීම වැදගත්. මොකද නැවුම් එළකිරි වෙනුවට පොල් කිරි දැම්මොත් නියම රස එන්නේ නෑ.

ආහාර සඳහාම තියෙන බ්ලොග් අඩවි භාවිත කරන්න

 

ආහාර පිසින්න ඉගෙන ගන්න ඔබට හොඳ ක්‍රමයක් තමයි, ආහාර පිසීම සඳහාම වූ බ්ලොග් අඩවි භාවිතය. මෙම බ්ලොග් අඩවි තුළ ඔබව පුදුම කරවන රසම රස අලුත් රෙසිපිස් තියෙනවා. මේවා අත්හදා බැලීමෙන් ඔබට පුළුවන් හොඳ සූපවේදනියක් වෙන්න.

රූපවාහිනී ආහාර වැඩසටහන් නරඹන්න

 

ආහාර පිසින්න ඉගෙන ගන්න තවත් එක් ක්‍රමයක් තමයි රූපවාහිනිය තුළ විකාශනය වන ආහාර පිසීමේ වැඩසටහන් නැරඹීම. මේ තුළින් ඔබට සජීවී ලෙස ආහාර පිසීමේ හැකියාවක් ලැබෙනවා. මෙහිදී කරන්න ඕනි දෙයක් තමයි, ඔබ එම වැඩසටහන්වල විකාශනය වන රෙසිපි ලියා ගන්න කුකරි බුක් එකක් භාවිත කරන එක. ලිව්වට විතරක්ම මදි. එය අත්හදා බලන්නත් ඕනෙ.

කුක් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න

 

ඔබට පුළුවන් ඔබගේ පවුලෙම ඉන්න හොඳ කුක් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. සමහර විට ඒ ඔබගේ අම්මා වෙන්න පුළුවන්. ඉතින් නිවාඩු දවසට අම්මා එක්ක එකතු වෙලා උයන්න. මේ මගින් ඔබට ලුණු අඹුල් පදමට දැමීම ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. ඔබ අන්තර්ජාලය මගින් ලබන දැනුමට වඩා හොඳ දැනුමකුත් ලැබෙනවා.

 

පුංචියට පටන් ගන්න

 

හොඳ කෝකියෙක් බිහි වෙන්නේ පුංචි පුංචි අත්හදා බැලීම් තුළිනුයි. ඔබටත් ලොකු රෙසිපි හදන්න බැරි වෙන්න පුළුවන්. නමුත් උයන්න බෑ කියලා ඒක අතහරින්න නම් එපා. ඔබ වඩාත් පහසු රෙසිපිවලින් ආරම්භ කරන්න. අනිවාර්යයෙන් යම් දිනක ඔබට සාර්ථක කෝකියෙක් වෙන්න පුළුවන්.

හොඳින් රස බලන්න

 

ඕනෙ කරන අමු ද්‍රව්‍ය තිබුණට හොඳට උයන්න පුළුවන් වෙන්නේ නෑ. අවශ්‍යම දේ තමයි, රස බලන්න පුරුදු වෙන එක. රස බලලා ඔබට තීරණය කරන්න පුළුවන්, තව ලුණු ටිකක් තිබ්බොත් හොඳයි. තව ඇඹුල් රස තිබ්බොත් හොඳයි කියලා. ඒ නිසා හොඳින් රස බලන්න. රස අනුව අමුද්‍රව්‍ය එක කරන්න.

නිරවුල් මනසින් ආහාර පිසින්න පුරුදු වෙන්න

 

ආහාර පිසීම කියන එක කලාවක්. ඉතින් අපි කෑමක් හදද්දී එයටම හිත යොමු කිරීම ඉතාම වැදගත්. ගෙදර අනෙක් වැඩ ඉවර කරලා ආහාර පිසීම ආරම්භ කරන්න. නැත්නම් මේ ආහාරය නියම රසයෙන් පිස ගන්න ඔබට බැරි වෙයි.

ඔබගේ හිතවතුන්ට රස විඳින්න දෙන්න

මෙමඟින් ඔබව තවත් ආහාර පිසීම සඳහා දිරිමත් වේවි. ඔබ පිසින ආහාරවලින් හිතවතුන්ට සංග්‍රහ කරන්න. ඇතැම් විට ඔහුන් පවසන වැරැදිවලින්, ඔබට තව තවත් වැරැදි හදාගෙන රසවත්ව ආහාර පිසිමට හැකි වේවි.

අන්තර්ජාලය ඇසුරිනි

805 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 18, සඳුදා 16:38
අදහස් එක් කිරීමට ලොග් වෙන්න