රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජනවාරි 16, අඟහරුවාදා 12:29

කිහිලි යට කලුවීම ඔබටත් ප්‍රශ්නයක් ද? විශේෂාංග

ලිව්වේ  සමන්ති වනිගසේකර
අගයන්න
(0 මනාප)
කාන්තා බොහෝ දෙනෙක් මුහුණපාන ගැටලුවක් විදිහට අත්යට කළුවීම දක්නට පුළුවන්. සමහරවිට ඔබටත් මේ ප්‍රශ්නය තියෙනවා වන්නට පුළුවන්.

 

එය ඔබේ පෙනුමට වගේම බොහෝ අවස්ථාවලදී ඔබව අපහසුතාවයට පත් කරන්නත් හේතු වෙනවා.

අපි දන්නවා බොහෝ යුවතියන් අත් නැති ඇඳුම් අඳින්න මැලිකමක් දැක්වීමට එක් හේතුවක් තමයි අත්යට කළු වී තිබීම. මේ සඳහා වෙලෙඳපොළේ ඇති මිලෙන් අධික ක්‍රීම් වර්ග, මිලදී ගෙන ප්‍රතිකාර කරනවාට වඩා ගෙදරදීම සොයාගෙන ස්වභාවික අමුද්‍රව්‍යවලින් ඔබේ අත්යට කලු වූ ප්‍රදේශය පැහැපත් පෙනුමක් ලබා ගත හැකි ප්‍රතිකාරයක් ක්‍රමවේදයන් කිහිපයක් ගැන කියා දෙන්නට අප හිතුවා.සියයට සියයක්ම ස්වභාවික දේවල් තමයි මේ සඳහා ඕන කරන්නෙ. අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන්කර ගැනීම විතරයි.

කිරි

 අත්යට ඇති අඳුරු පැහැය ඉවත් කිරීමට හැකි විටමින් හා විශේෂ අම්ලයන්ගෙන් කිරි සමන්විත වෙනවා. ඒ නිසා ඔබේ අත්යට ඇති අඳුරු පැහැය නැති කිරීමට කිරි උපකාරි වෙනවා. කිරි මුදවපු කිරිත් සමඟ මිශ්‍ර කර අත් යට ආලේප කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවනි. කිරිවල ඇති ලැක්ටික් කියන අම්ලයට සම පැහැපත් කිරීමේ හැකියාව පවතිනවා.

අර්තාපල්

 අර්තාපල් කියන්නෙත් අත් යට අඳුරු පැහැය ඉවත් කරන්න යොදා ගන්න පුළුවන් ගොඩක් හොඳ ප්‍රතිකාරයක්. අර්තාපල්වල තියෙන ස්වභාවික බ්ලීචින් ඒ සඳහා උපකාරී වෙනවා. සිහින් අර්තාපල් පෙත්තක් ගෙන අවපැහැ වුණු ප්‍රදේශවල අතුල්ලා සිහිල් ඇල් ජලයෙන් සෝදා හරින්න.ක්‍රමානුකූලව දින කිහිපයක් මෙසේ කිරීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්.

බේකිං සෝඩා

 බේකිං සෝඩා යොදා ගෙන කරන ප්‍රතිකාරයෙන් ඔයාට ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. බේකිං සෝඩා ජලය සමඟ මිශ්‍ර කරන්න. මිනිත්තු 10 - 15 ත් අතර ප්‍රමාණයක් තබන්න. ඉන්පසු මද උණුසුම් ජලයේ සෝදා හරින්න.

පිපිඤ්ඤා

 අර්තාපල් වගේම පිපිඤ්ඤාවලත් ස්වභාවික බ්ලීචින් අඩංගු වෙනවා. සිහින් පිපිඤ්ඤා පෙත්තක් ගෙන අත්යට අතුල්ලන්න. ප්‍රතිඵල ලැබෙන තෙක් දිනපතා මේ සත්කාරය කරන්න. පිපිඤ්ඤා යුෂ වලට කහ සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර ආලේප කිරීම වඩාත් ප්‍රතිඵල දායකයි.

දොඩම් ලෙලි

 දොඩම් ලෙලි අව්වේ වේලා හොඳින් කුඩුකර ගන්න. කුඩුකරගත් දොඩම් ලෙලි කුඩු තේ හැඳි 3 කට රෝස වතුර තේ හැඳි 2 ක් සහ කිරි තේ හැඳි 1 ක් මිශ්‍රකර පිරිසිදු කරගත් අත්යට ආලේප කරන්න. විනාඩි 15 කින් පමණ සිසිල් ජලයෙන් සෝදා හරින්න. අත්යට සම පැහැපත් කරන්න මෙය තවත් අපූරු ක්‍රමවේදයක්.

පොල්තෙල්

 පොල්තෙල් අත් යට අඳුරු බව ඉවත් කරන්න තවත් හොඳ විකල්පයක්. පොල්තෙල්වල විටමින් ඡ් අඩංගු නිසා ස්වභාවික සම පැහැපත් කිරීමට උදවු වන අතරම ස්වභාවික ඩියොඩ්රන්ට් ලෙසත් කටයුතු කරනවා. අඳුරු වූ අත්යට පොල්තෙල් ආලේප කර විනාඩි 10 ක් 15 ක් පමණ තිබෙන්නට හැර මෘදු සබන් යොදා සෝදා හරින්න.

හැබැයි මේ මොන ප්‍රතිකාරය කළත් විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක් තියෙනවා. ප්‍රතිකාර කිරීමට පෙරාතුව ඔබ ඔබේ අත් යට දහදිය හා කුණු දූවිලි ඉවත් වන විදියට හොඳින් පිරිසිදු කර ගැනීමට අමතක කරන්න එපා.

 

 උපදෙස්

රන්දිමා දසා

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

4331 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 16, අඟහරුවාදා 12:32
අදහස් එක් කිරීමට ලොග් වෙන්න