රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 පෙබරවාරි 19, සඳුදා 15:26

ඔබේ මංගල සිහිනයේ ආදරණීය පෙළ ගැස්මකට... විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
මනීෂා වෙඩින් සෙන්ටර් එළැඹීමට ඇත්තේ වසරේ මල් පිපෙන වසත් සමයයි. කුල කුමරියන් කුලගෙට පියමන් කරන කාලයයි. පෙරුම් පුරාගෙන සිහින මවන ඒ දිනය ළං ළංවත්ම හිතට පුංචි චකිතයකුත් දැනෙනවා.

 

ජීවිතයේ ඒ ලස්සනම ලස්සන දවස තවත් හැඩකර ගන්නේ කොහොමද කියලා.

එහෙත් ඔබ සෙංගඩගල පුරවරයේ නම් ‘මනීෂා’ වෙඩින් සෙන්ටර් ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරාවි.

අංක 426, පහේ කණුව, නුගවෙල ඉදිවූ ‘මනීෂා වෙඩින් සෙන්ටර්’ ඉනෝකා උදයංගනී පන්තියාවත්තගේ අප්‍රතිහත ධෛර්යයේ කැඩපතයි. මේ ඈ ආ දිරිය ගමන් මඟයි.

“මම නුගවෙල ප්‍රාථමික විද්‍යාලයෙනුත් මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. ඔය කාලයේදී පාසලේ කලා උළෙලන්, විවිධ ප්‍රසංග මා අතින් හැඩවුණ වාර අනන්තයි. මගේ අම්මත් රූපලාවණ්‍යයට, කලාවට බොහොම ළෙංගතු කෙනෙක්. මේ හේතුවෙන් මටත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට මං විවර වුණා.

මුලින්ම මහනුවර කුඩා කර්මාන්ත අමාත්‍යංශය මඟින් පවත්වනු ලැබූ රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරුවා. එයින් නොනැවතී තවදුරටත් තිරාණි පීරිස්, සුනේත්‍රා හෙට්ටිආරච්චි යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් අතින් ගුරු හරුකම් ලැබවා. එමෙන්ම මා NVQ Level    - 4 සහතිකලාභිනියකි.”

අද ඇය උඩරට පහතරට, බටහිර, හින්දු මනාලියන් සහ මනාලියගේ යෙහෙළියන් මල් කුමරියන් කාලයේ තාලයට හැඩ ගන්වයි. ඊට අමතරව ෆේෂල්, මෙනික්‍යු, පෙඩික්‍යු, කොණ්ඩා මෝස්තර දැමීම, නිය අලංකරණය කටයුතුද, රුව සත්කාර පිළිබඳ උපදෙස් ද දෙනු ලැබේ.

එපමණක්නොව මනාලියක ලෙස හැඩ වන්නට ඇය වෙත පැමිණෙන යුවතියකට එකම වහලක් යටින් මංගල උත්සවයේ සියලු කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව තිබීමත් විශේෂයි.

ඒ අනුව මංගල කේක් එක, මංගල රථය සැරසීම, පෝරුව, සෙටි බැක්, මංගල උත්සව ශාලාව සැරසීම ආදී කටයුතු ද හරි අපූරුවට සිදු කර ගන්නට ඈ වෙත යන ඔබට හැකිවේවි.

මනාලියගේ සාරිය, ඔසරිය වැඩ දැමීම, නවීන පන්නයේ විලාසිතාවන්ට අනුව සාරි හැට්ට නිර්මාණය ද ඇය අතින් සිදුවන තවත් කර්තව්‍යයකි.

සම්ප්‍රදායික උඩරට ආභරණ කට්ටලය ඇතුළු මංගල ආභරණ කුලියට ලබාදීමත් මනීෂා වෙඩින් සෙන්ටර් වෙතින් ඔබට ලැබෙන අනිකුත් වරප්‍රසාදයකි.

තම සේවාදායකයා වෙත උපරිම සාධාරණත්වයක් ඉටු කිරීම ඉනෝකාගේ ඒකායන අභිප්‍රායයි. මේ සේවාව අගයමින් පසුගියදා, 2017 මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශය පැවැත්වූ තරු සම්මාන උළෙලේ හොඳම ව්‍යවසායිකාවට හිමි තරු 3 සම්මානයෙන් පිදුම් ලබන්නට ද ඇයට හැකි විය.

මෙවන් දක්ෂතා සපිරි ඇයගෙන් ඔබේ විවාහ මංගල්‍යයත් සොදුරු ලෙස හැඩ ගන්වන්නට හැකියි.

නුගවෙල පිහිටි මනීෂා වෙඩින් සෙන්ටර් සැබැවින්ම ඔබට අභිමානවත් සුන්දර විවාහ මංගල්‍යයක අත්දැකීම් තිළිණ කරාවි.

  

ඡායා - ගාමිණී චන්ද්‍රසේන

2270 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 පෙබරවාරි 19, සඳුදා 15:28
අදහස් එක් කිරීමට ලොග් වෙන්න