තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 19, සඳුදා 14:00

ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් Hiru Colombo Bridal week - 2018 විශේෂාංග

ලිව්වේ  චම්පා වරුසප්පෙරුම
අගයන්න
(0 මනාප)
ලස්සනට අඳින්න, පලඳින්න, විලාසිතා කරන්න අපි කවුරුත් දැඩි කැමැත්තක් දක්වන්නෙමු. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයටත් වඩා කාන්තාවන් විලාසිතා කෙරෙහි දැඩි නැඹුරුවක් දක්වන අතර මේ දිනවල මංගල විලාසිතා කෙරෙහි වැඩිදෙනකු අවධානයක් යොමු කරන්නේ මංගල මල් මාස කිහිපය ළඟ ළඟම සපැමිණෙන නිසාමයි.

 

එවැනි ඔබ උදෙසාම සංවිධානය කළ ‘හිරු කලම්බෝ බ්‍රයිඩ්ල් වීක් - 2018’ (Hiru Colombo Bridal week  - 2018) නම් වූ මංගල විලාසිතා, මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය මේ මස 21 සිට 25 දක්වා දින පහක් පුරාවටම කොළඹ දී පැවැත්වේ.

GI - DA ජාත්‍යන්තර පුද්ගලික සමාගම විසින් මෙරට දී ප්‍රථම වතාවට සංවිධානය කළ මේ අපූර්ව ප්‍රදර්ශනය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් හා ස්වර්ණාභරණ පරිශ්‍රය දායකත්වය ලබාදෙයි. GI - DA පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන්වන ගිහාන් දසනායක සහ සුමුදු ප්‍රනාන්දු මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය සහ එය මෙරටට සුවිශේෂිවන අයුරු සඳහන් කළේ මෙලෙසිනි.

“ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට අලුත්ම අත්දැකීමක් රැගෙන එන මේ ‘බ්‍රයිඩල් වීක්’ හරහා විලාසිතා, මංගල විලාසිතා ගැන පමණක් නොව මැණික් සහ ස්වර්ණාභරණ විලාසිතා පිළිබඳ ද හොඳ අවබෝධයක් ලබාගත හැකියි. ඒවාගේම විදෙස් රටවල්වලට ද මෙරටෙහි අපූරු නිර්මාණ පිළිබඳ දැනගන්නට හැකියාව ලැබෙන අතර මේ හරහා අපේ රටේ විලාසිතා, මැණික් සහ ස්වර්ණාභරණ නිර්මාණ ජාත්‍යන්තරයට කලඑළි දක්වන්නට හොඳ අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ රටේ අනන්‍යතාව පිළිබඳ ලොවට හඬගා පැවසිය හැකි මේ ප්‍රදර්ශනය ශ්‍රී ලාංකිකයන්ගේ පළමු අත්දැකීම බවට පත්වූවාට මෙය වෙනත් රටවලට නම් හරි හුරුපුරුදු දෙයක්. ඇත්තටම බොහොමයක් රටවල සෑම වර්ෂයකම පාහේ මෙවැනි ‘බ්‍රයිඩ්ල් වීක්’ පැවැත්වෙන අතර ඒවා වෙළෙඳ නගර ආශ්‍රිතව පැවැත්වීමත් විශේෂත්වයකි. ‘ඉතාලියේ - මිලානෝ බ්‍රයිඩ්ල් වීක්, බ්‍රසීලයේ - බාසිලෝනා බ්‍රයිඩ්ල් වීක්, ප්‍රංශයේ - පැරිස් බ්‍රයිඩ්ල් වීක් එංගලන්තයේ

ලන්ඩන් බ්‍රයිඩ්ල් වීක්’ මෙයට හොඳම උදාහරණයි. ඒ නිසාම තමයි අපි මේ ප්‍රදර්ශනය ‘කලම්බෝ බ්‍රයිඩ්ල් වීක්’ ලෙස නම් කළේ.

මේ දැවැන්ත කාර්යය සඳහා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් රැසක් සහභාගිවන අතර ඉන්දියානු ප්‍රවීණ ශිල්පිීන් වූ ජෝ මංසූර්, සෞම්‍යා තන්ඩන් ද ප්‍රථම වතාවට මෙයට සහභාගි වේ. ඊට අමතරව සියයකට අධික මෝස්තර නිරූපණ ශිල්ප ශිල්පිනියන් පිරිසක් අවසන් විලාසිතා දැක්මේදී ඔබට දැකගත හැකියි.

මෙහි වැඩසටහන් පෙළගැස්ම සඳහන් කළොත්

  •  ප්‍රියසාද සඳහා විලාසිතා.
  •  මංගල ඇඳුම් විලාසිතා.
  •  ශ්‍රීලංකා මනාල මනාලියන්ගේ විලාසිතා.
  •  ජාත්‍යන්තර මංගල විලාසිතා.

අවසන් මහා විලාසිතා දැක්ම වශයෙන් පෙළ ගැසී ඇත.

මාර්තු 21 වැනි දින සිට 25 දක්වා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා කොළඹ ගලදාරි හෝටල් පරිශ්‍රයේ දී මංගල විලාසිතා ප්‍රදර්ශන,මාර්තු 23 වැනි දින රාත්‍රී 7.00 ට කොළඹ ඩච් රෝහල් වෙළෙඳ පරිශ්‍රයේ දී මංගල විලාසිතා ප්‍රදර්ශනයත්, මාර්තු 24 වැනි දින සවස 3.30 ට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන ලංකාවේ පළමු මැණික් වෙන්දේසියත් පැවැත්වෙන අතර මාර්තු 25 සවස 5.00 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අවසන් මහා විලාසිතා දැක්මෙන් මෙම Colombo Bridal Week - 2018 නිමාවට පත්වේ..

ඒ නිසා අපි ඔබට ආරාධනාකර සිටිනවා මේ අලුත් අත්දැකීම අත්විඳින්න එන්න කියා.

වැඩි විස්තර සඳහා 0772976285 දුරකථනය හරහා ගිහාන් අමතන්න.

  

GI - DA  පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ගිහාන් දසනායක

1258 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 19, සඳුදා 14:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න