රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 14, සඳුදා 15:46

මංගල දිනයට කලින් මනාලියක් කරගත යුතුම ෆේෂල් එකක් ග්ලෝ සෙවන් ස්ටාර් ෆේෂල් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
සමට අවලස්සන පෙනුමක් ගෙනදෙන ආකාරයට මුහුණේ ලප කැළැල් තිබීම, දුර්වර්ණතා මෙන්ම සම අධික ලෙස වියළීම හෝ තෙල් අධික සමක් වීම වැනි තත්ත්වයන් මනාලියක් වීමට සූදානම් වන යුවතියකට කෙසේවත් සුදුසු දෙයක් නම් නොවෙයි.

 

මංගල දිනයට පෙර කල්වේලා ඇතිව මෙම අඩුපාඩු නිවැරැදි කරගතයුතු බව සහ නිසි රූපලාවණ්‍ය සත්කාර කෙරෙහි යොමුවිය යුතු බවට බොහෝවිට උපදෙස් ලැබෙන්නේ එම නිසායි. මනාලියක් වන යුවතියකට ඉහත ආකාරයෙන් සමේ ගැටලු වෙත්නම් සාමාන්‍ය සමකට සිදුකෙරෙන ආකාරයේ ෆේෂල් සත්කාරයක් ඇයට ගැළපෙන්නේ නැහැ. එවන් අයෙකුට සුදුසුවන්නේ වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරදෙමින් මුහුණේ අඩුපාඩු ඉවත්කර පැහැපත් බව ළඟාකර දෙන ආකාරයේ ෆේෂල් සත්කාරයක්, මනාලියන් සඳහා වඩාත් සුවිශේෂී වූ සත්කාරයක් ලෙස ග්ලෝ සෙවන් ස්ටාර් ෆේෂල් එක සඳහන් කරන්නට පුළුවන්.

අනෙකුත් ෆේෂල්වලට වඩා මෙය සුවිශේෂී වන්නේ උසස් ප්‍රතිඵල ගෙනදෙන ආකාරයේ උසස් තත්ත්වයන්ගෙන් යුත් සීරම්, ජෙල් ඒර්ඒ පැක්, ස්ක්‍රබ් ආදිය යොදා ගැනීමයි. එම නිසා මෙම ෆේෂල් සත්කාරයට යොමුවීමෙන් ලප කැලැල්වලින් තොර දිදුළන සමකින් යුතු සුන්දර පෙනුමක් ලබාගැනීමට ඇයට හැකියාව ලැබෙනවා.

ෆේෂල් එක සිදුකරන ආකාරය

මෙහි ප්‍රථම පියවර වන්නේ සම හොඳින් පිරිසුදු වන ආකාරයට මුහුණ ක්ලෙන්සර් කර ගැනීමයි. මීළඟට මුහුණේ ඇති මැරුණු සම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් වෙත්නම් ඒ සියල්ල ඉවත්කර ගැනීමයි. ඒ සඳහා අප විශේෂිත වූ ස්ක්‍රබින් ජෙල්  පාවිච්චි කරනු ලබනවා.

මෙය හොඳින් මුහුණේ ගල්වා විනාඩි දහයක් පමණ ඉක්මයාමෙන් පසු උඩු අතට එය ඉවත්කළ යුතුයි. සාමාන්‍යයෙන් කුරුලෑ සහිත සමක් ස්ක්‍රබ් නොකළ යුතු බව පැවසුණත් මෙම ස්ක්‍රබින් ජෙල් කුරුලෑ සමකට වුවත් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස භාවිත කළ හැකියි.

මෙසේ සම සූදානම්කර ගැනීමෙන් පසු ෆේෂල් එක ආරම්භ කළ හැකියි. මෙය සිදුකරනු ලබන්නේ අදියර හතක් වශයෙනි.

මුලින්ම අවශ්‍ය සීරම් එක මුහුණේ සම මත තවරා විනාඩි තුනක් පමණ තිබෙන්නට හැරිය යුතුයි. මෙම සීරම් එක මඟින් සමේ රැලි ඉවත් කරලීම, සමෙහි ලිහිල්වීම, එල්ලා වැටීම වළක්වාලීම සහ සම සුරකිමින් එහි තෙතමනය රැකදීම සිදුකරයි. දැන් මෙම සීරම් එක ඉවත් නොකරම එය සම මත තිබියදීම මසාජ් එක ආරම්භ කළයුතුයි.

මේ සඳහා නරිෂින් ක්‍රීම් එකක් යොදාගන්නා අතර විනාඩි පහළවක පමණ කාලයක් මසාජ් කිරීම කළ යුතුයි. මෙමඟින් මුහුණේ මාංස පේශීන් ශක්තිමත් කෙරෙන අතර පැහැපත් බව මනාව වර්ධනය කරවයි. මීළඟ පියවර වන්නේ පැක් එක යෙදීමයි. එය ඒඩ්ඒ අඩංගු පැක් එකකි. විනාඩි පහළොවක කාලයක් මෙය තිබෙන්නට හැරිය යුතුයි.

මෙම පැක් එකෙහි අඩංගු ද්‍රව්‍යයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සමේ කැලැල් ආදී දුර්වර්ණතා ඉවත්කොට පැහැදිලි සමක් උරුම කරදෙයි.

පැක් එක ඉවත් කිරීමෙන් පසුව මෙහිදී ටෝනර් කිරීමක් අවශ්‍ය නොවේ. එයට හේතුව අප මෙයට කලින් භාවිත කළ ජෙල් එකෙහි ක්‍රියාකාරීත්වය මඟින් සමේ විවර වූ සිදුරු යථා තත්ත්වයට පත්වෙමින් වැසීයන නිසායි. මෙම ෆේෂල් එකෙන් පසුව දින හතරක් යනතෙක් ස්ක්‍රබ් කිරීමෙන් වැළකිය යුතුයි.

අවසාන පියවරේදී සිදුකරන්නේ සන්ස්ක්‍රීම් එකක් සම මත මඳ වශයෙන් තැවරීමයි. මසකට වරක් බැගින් මංගල දිනයට කල් තියා මෙම ෆේෂල් සත්කාරය සිදුකිරීමෙන් මුහුණේ ඇතිවන වෙනස තමන්ටම අත්විඳින්නට හැකියාව ලැබේවි.

 

 උපදෙස්

ප්‍රවීණ කේශලාවණ්‍ය සහ රූපලාවණ්‍ය ශිල්පී

ඒ. ආර්. බී. කාමිල්

සැලෝන් ඩේරෝස්, පුත්තලම

1589 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 14, සඳුදා 15:49
අදහස් එක් කිරීමට ලොග් වෙන්න