රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මැයි 15, අඟහරුවාදා 11:03

බිත්තිය මත පැල්ලම් ඇතිවුණොත්? විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
කාලයක් ගත වනවිට බිත්ති මත පැල්ලම් ඇතිවීම ස්වාභාවික ක්‍රියාවලියක්. ඒත් පොඩි දරුවෙක් ඉන්න ගෙදරක නම් මේ තත්ත්වය ටිකක් දරුණුයි. කොච්චර කොළ, පොත් ගෙනල්ලා දුන්නත් ඔවුන් චිත්‍ර අඳින්න සහ අකුරු ලියන්න තෝරා ගන්නේ බිත්තියමයි. ඒක වලක්වන්න හරිම හරිම අමාරුයි. ඉතින් වැඩි වෙහෙසක් හා මුදල් නාස්තියක් නැතුව මේ පැල්ලම් ඔබටම මකා ගන්න පුළුවන් නම් හොඳයි නේද?

 

මෘදු රෙදි කඩක්

ප්‍රථමයෙන්ම මෘදු රෙදි කඩක් යොදාගෙන පැල්ලම් යැවීමට උත්සාහකර බලන්න. රෙදි කැබැල්ල යන්තමින් තෙමාගෙන පැල්ලම මත තදින් අතුල්ලන්න. මෙහිදී බිත්තියේ අනෙක් ප්‍රදේශ අතුල්ලන්නට යන්න එපා.

සබන් කුඩු සහ විනාකිරි

උණුසුම් ජලය සහිත බඳුනකට විනාකිරි කෝප්පයකුත් සබන් කුඩු කෝප්පයකුත් දමා එකට මිශ්‍රකර ගන්න. ඉන් පසුව ඉහත මිශ්‍රණය පැල්ලම් සහිත බිත්තිය මත ආලේප කරමින්, බ්‍රෂ් එකක් උපයෝගි කරගෙන හොඳින් අතුල්ලමින් සෝදා හරින්න.

බේකිං සෝඩා

උණු වතුර බාල්දියකට බේකින් සෝඩා කෝප්ප භාගයක් පමණ දමා හොඳින් මිශ්‍රකර ගන්න.

ඉන් පසුව ඉහත මිශ්‍රණය පැල්ලම් සහිත බිත්තිය මත ආලේප කරමින්, ඝන තුවායක් උපයෝගි කරගෙන හොඳින් අතුල්ලමින් සෝදා ගන්න.

ටූත්පේස්ට්

ටූත්පේස්ට් ගැලපෙන්නේ කුඩා පැල්ලමක් යවා ගැනීම සඳහායි. පැල්ලම මත සුදු පැහැති ටූත්පේස්ට් ආලේපකර මිනිත්තු 10 ක් පමණ තබන්න.

ඉන් පසුව ඝන රෙදි කැබැල්ලක් යොදා ගනිමින් පැල්ලම මත සෙමින් අතුල්ලන්න. අවසානයේ තෙත් කළ රෙදි කඩකින් පිස දා ටූත්පේස්ට් අයින් කරන්න. ඒ සමඟම පැල්ලමත් මැකී යනු ඇත.

නිය ආලේපන ඉවත් කිරීමට යොදා ගන්නා දියර

පැල්ලම මත දියරය ගල්වා රෙදි කඩකින් අතුල්ලන්න.

වැලි කඩදාසි

ඇතැම් පැල්ලම් බිත්තියේ උඩට මතුවී ඝන වී තිබෙනවා. මෙය පැල්ලම අතින් අල්ලා බැලීමෙන් හඳුනා ගන්න පුළුවන්. මෙවැනි අවස්ථාවකදී වැලි කඩදාසියකින් පැල්ලම මත මදින්න.

මෙය බිත්තියට හානියක් නොවන සේ කළ යුතු අතර, මෙයින් පැල්ලම සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකියි. සූරා දැමූ පැල්ලමේ ඉතිරිය මකා දැමීමට බේකින් සෝඩා හෝ ටුත් පේස්ට් භාවිත කරන්න.

ක්ලීනර් වර්ග

පැල්ලම් යැවිය හැකි ක්ලීනර් වර්ග ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. බිත්තියේ පැල්ලම් ඇති ප්‍රදේශයට ක්ලීනර් ස්ප්‍රේ කරන්න. ඉන් පසුව ස්පොන්ජ් කැබැල්ලක් මඟින් බිත්තිය අතුල්ලමින් සෝදා ගන්න.

ශේවින්ග් ක්‍රීම්

මෙම ක්‍රමය මගින් බිත්තිවල ඇති රට හුණු පැල්ලම් පහසුවෙන්ම ඉවත් කළ හැකියි. ප්‍රථමයෙන්ම ප්ලාස්ටික් පතුරක් ගෙන පැල්ලම් සූරා දමන්න.

මීළඟට මකනයක් ආධාරයෙන් එය මැකීමට උත්සාහ ගන්න. ඉන් පැල්ලම තරමක් අඩු වනු ඇත. ඉන් පසුව බේකින් සෝඩා භාවිතකර පැල්ලම සෝදා හරින්න.

 

අන්තර්ජාලය ඇසුරිනි

1563 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 15, අඟහරුවාදා 11:04
අදහස් එක් කිරීමට ලොග් වෙන්න