රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 18, සඳුදා 15:14

ඉවුම් පිහුම් කලාවේ රස රහස් විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සැන්ඩ්විච් එකක ඉමිහිරි රසය විඳ ගන්න කවුරු නම් ආසා නොකරම් ද? බාල, මහලු කොයි කා අතරෙත් ජනප්‍රිය සැන්ඩ්විච් වර්ග සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. යුරෝපයේ සම්භවය ඇතිවූ සැන්ඩ්විච් එක්තරා ප්‍රභූවරයකුගේ ක්ෂණික ඇණවුමකට අනුව කෝකිවරයකු අතින් මුල්වරට පිළියෙල වී තිබේ.

 

හෝටල් සහ බේකරි නිෂ්පාදන අතරේ සැන්ඩ්විච් සඳහා ඉහළ ඉල්ලුමක් පවතිද්දී විවිධාංගීකරණයෙන් යුතුව පිළියෙල වේ. ඒවා නිවෙසේදී පිළියෙල කොට සැමියාට, දරුවන්ට, නිවෙසට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නට ගෘහණියට පුළුවන.

සාමාන්‍යයෙන් උදේට, සවසට සැන්ඩ්විච් පෙත්තක රස බැලුවත් සම්පූර්ණ වේලක් පිරිමහන්නත් සැන්ඩ්විච් එකකට පුළුවන. ඒ අනුව උදේට පිළියෙල කළ යුත්තේ මුළු දවසම ප්‍රබෝධවත්ව ගත කිරීමට අවශ්‍ය ශක්තිය, කැලරි ප්‍රමාණය අඩංගු සැන්ඩ්විච් එකකි. 

මේ සඳහා පෙති කිහිපයකින් සමන්විත සැන්ඩ්විච් එකක් තෝරාගත හැකියි.

දහවල සඳහා ටෝස්ට් කළ හෝ අවන් එක මඟින් පුලුස්සා ගත් සැන්ඩ්විච් වඩාත් සුදුසුයි. රාත්‍රී කාලය සඳහා කැලරි ප්‍රමාණය අඩු සරල සැන්ඩ්විච් වර්ගයක් සුදුසු වේ.

සැන්ඩ්විච් පිළියෙල කරද්දී එහි පිරවුම පිළිබඳ සැලකිලිමත් විය යුතුමයි. ඒ සඳහා මස්, මාංස, එළවළු වර්ග යොදා ගත හැකියි. චීස්, බටර්, අබ මෙයෝනීස් වැනි සෝස් වර්ග, තක්කාලි සලාද කොළ මේ ආදී දේ සැන්ඩ්විච් සඳහා බහුලව එක්කර ගනියි. මෙම සැන්ඩ්විච් අතිරේකය ගෙන එන ඔහු ලොව සුප්‍රසිද්ධ හෝටල්වල හා අමෙරිකානු සංචාරක නැව්වල විධායක සූපවේදී පළපුරුද්ද ලද අයෙකි.

   

1338 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 18, සඳුදා 15:22
අදහස් එක් කිරීමට ලොග් වෙන්න