රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූලි 17, අඟහරුවාදා 12:04

නිරෝගී, දිදුලන කෙස් කලඹකට ස්වාභාවික සත්කාරයන් විශේෂාංග

ලිව්වේ  නාමලී ගමගේ
අගයන්න
(0 මනාප)
කෙස් කලඹ කියන්නෙ යුවතියකගේ ලස්සන වැඩි කරන විශේෂ අංගයක්. ඕනෑම කෙනකුගේ අවධානයට ලක්වන මෙම කෙස් කලඹ රැකගන්න අද කාන්තාවන් බොහෝ වෙහෙසෙනවා.

 

කෙස් කලඹ සම්බන්ධයෙන් පවතින ගැටලු නම් බොහෝමයි. හිස කෙස් ගැලවී යාම, දුර්වර්ණ වීම, කෙස් අග පැලීම, හිස් හොරි ඒ අතරින් ප්‍රධානයි. මේ තත්ත්වය අද මානසික ගැටලුවක් තරමටම උත්සන්න වෙලා. ඉතින් මේ ගැටලුවලට නිවෙසේදීම කරගත හැකි පුංචි විසඳුම් ටිකක් තමයි මේ.

 ඝනකම් දිලිසෙන කෙස් කලඹකට

 කෙස් කලඹ කියන්නේ පංච කල්‍යාණයට අයත් එක් අංගයක්. ඒ වගේම එය කාන්තාවකට ආභරණයක්. කාන්තාවගේ කෙස් කලඹ දණහිස දක්වා දිග නම් ඕනෑම කෙනකුගේ ආකර්ෂණය හොරාගන්න වෙන කිසිවක් අවශ්‍ය නැහැ. හැබැයි කොතරම් දිග වුණත් වැඩක් නෑ එය වියළි නම්, කෙස් අග පැළිලා නම්. ඉතින් මෙන්න මේ දේවල්වලින් තොර නිරෝගී, ඝනකම්, දිදුලන කෙස් කලඹක් ලබාගන්න පුළුවන් සත්කාර ක්‍රමයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මී පැණි සහ බිත්තර කහමදය සම

 ප්‍රමාණවලින් ගෙන එකට කලවම් කර හිසකෙස්වල හොඳින් ආලේප කර වි. 30 ක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා හරින්න. බිත්තර මුසුකරන්න අකැමැති අයට ඒ වෙනුවට මී පැණිත් සමඟ ඔලිව් ඔයිල් 2:1 අනුපාතයට මිශ්‍රකර ආලේප කරන්න පුළුවන්. මෙය සතියකට සැරයක් කරන්න පුළුවන් නම් ඔබේ හිසකෙස්වලට දීප්තිමත් පැහැයක් ඉක්මනින්ම උරුම වේවි.

හිසකෙස්වල ඝනකම් බව ඇතිකරගන්න නම් මී පැණි මේස හැන්දක්, පොල් තෙල් මේස හැඳි 2 ක්, හොඳින් පොඩිකර ගත් ඉදුණු කෙසෙල් ගෙඩි 2ක් එක්කර මිශ්‍රණයක් සාදාගන්න. එය හිස කෙස්වල හොඳින් ගල්වා වි. 30 ක් පමණ තිබෙන්නට හැර ෂැම්පු යොදා හොඳින් සෝදා හරින්න.

හිස කෙස් ගැලවී යාමට

අද කාන්තාවන් මුහුණ දෙන ලොකුම ගැටලුවක් තමයි හිස කෙස් ගැලවී යාම. මෙය මානසික වදයක් තරමටම ප්‍රබල වෙලා. මේ තත්ත්වය ඇතිවෙන්න හේතු බොහොමයක් තිබෙනවා. මානසික ආතතිය, නිතර අව්වේ සිටීම, හිස් හොරි හෝ වැරැදි සෞඛ්‍යය පුරුදු නිසාත් මෙලෙස හිස කෙස් ගැලවී යන්න පුළුවන්.

මේ සඳහා මී පැණි සමඟ සමාන ප්‍රමාණවලින් මීකිරි, ලෙමන් යුෂ කලවම්කර හිස ගල්වා ඇඟිලි තුඩුවලින් හොඳින් සම්බාහනය කරන්න. වි. 30 ක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදාහරින්න. මේ ප්‍රතිකාරය මඟින් ඔබේ හිස කෙස් වර්ධනය කරගන්න පුළුවන්.

හිස් හොරි නැතිකර ගන්න

හිස කෙස් ගැලවී යාමට ප්‍රබල හේතුවක් තමයි හිස්හොරි. ඉතින් මේ හිස්හොරි සුවකර නොගත්තොත් නම් ඔබට හිස කෙස් ගැලවී යාම නතර කරගන්න බැරි වේවි. ඒ සඳහා පුංචි සත්කාරයක් තමයි මේ.

මී පැණි එක්ක ලූනු යුෂ මිශ්‍රකර හිස් කබලේ හොඳින් ගල්වන්න. ටික වේලාවක් තබා හොඳින් සෝදා හරින්න.

ලූනු සිහින්ව කපා තළා හෝ වතුර ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩර් කිරීමෙන් ලූනු යුෂ සාදාගන්න පුළුවන්. මෙය ටිකක් දුර්ගන්ධයක් ආවත් ඉන් ලැබෙන ප්‍රතිඵලය නම් සුවදායකයි.

 

අන්තර්ජාලය ඇසුරිනි.

553 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 17, අඟහරුවාදා 12:13
අදහස් එක් කිරීමට ලොග් වෙන්න