රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:20

කෙස් ගසේ ව්‍යුහය සහ වර්ගීකරණය විශේෂාංග

ලිව්වේ  චාමලී කල්දේරා
අගයන්න
(1 මනාපය)
රූපලාවණ්‍ය විෂය දැනුම ලබාදෙන මෙම පාඩම් පෙළ මඟින් අපි කේෂාලංකරණය පිළිබඳ අද කතා කරමු. කේශාලංකරණය ගැන කතා කිරිමේදී මුලින්ම කෙස් ගසක ව්‍යූහය, එහි පැවැත්ම, හැඩය, උත්පත්තිය ගැන හොඳ අවබෝධයක් ලබා තිබිය යුතුයි.

 

කෙස් ගසක් යනු අපිචර්මිය ව්‍යුත්පන්නයකි. මෙය කෙරටින් නැමැති ප්‍රෝටීන්වලින් සැකසී ඇති අජීවි දෙයකි. එහි ප්‍රධානතම කාර්යයන් වන්නේ සම හා හිස් කබල ගින්නෙන්, උෂ්ණත්වයෙන් හා අධික සීතලෙන් ආරක්ෂාව පවත්වා ගැනීමයි. හිසකෙස් සඳහා ස්නායු සංවේදක නොමැත.

කෙස් ගසක ව්‍යූහය

කෙස් ගසක් මෙඩියුලාර්, කෝටෙක්ස්, බාහිකය, කියුටිකල්, පිටසම, සෙබෙශිය ලැගන්, සීබන් ටේල්, හොයා රූට්, පැපිලා, හෙයා පොලිකල් යන කොටස්වලින් සැකසී ඇත. මේ සියලු කොටස් එකතුවීමෙන් පූර්ණ කෙස් ගසක් නිර්මාණය වේ.

සාමාන්‍යයෙන් ඇසට පෙනෙන පරිදි කෙස් ගස හිස් කබලින් පිටත හට ගෙන ඇති අතර ඒවා ලේ හෝ ස්නායු සමඟ සම්බන්ධ නැත. පීරීම, කැඩීම මගින් කෙස් ගසට හානි සිදුවන නමුත් ඒවා යළි වර්ධනය වේ. නමුත් කෙස් ගසක් දිරාපත් වූ විට නැවත අලුත් කර ගත නොහැකිය. එය නිරෝගී කර ගැනීමට නම් එම ස්ථානය කපා ඉවත් කළ යුතුයි.

රෝමයක් ප්‍රදාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. චර්මයෙන් ඉවතට ඇති කොටස කේෂ දණ්ඩ යනුවෙන් හදුන්වයි. එය රෝම කූපය තුළ ගිලී පවතී. අනෙක් කොටස වන්නේ කේෂ මූලයයි. එය ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එනම් රෝම කූපය, කේෂ බල්බය, කේෂ පීටිකාව වේ.

අපිචර්මය යනු සමෙහි පිටතින්ම පිහිටන සෛල පරාසයයි. මෙහි අභ්‍යන්තර සෛල ස්ථරය අජීවි වන අතර අපිචර්මය, චර්මය තුළට ගිලී යාමෙන් රෝම කූපය සෑදී ඇත. රෝම කූපය බටයක් ආකාර ගන්නා අතර මෙය සම තුළ ගිලී පවතියි. එහි ගැඹුර තීරණය වන්නේ කෙස් ගසේ ඝනකම හා එය ශරීරයේ පිහිටන ස්ථානය අනුවයි. තවද රෝම කූප සමෙහි පිහිටන්නේ ආනතියක් සහිතවය.

චර්මය යනු අපිචර්මයට යටින් පිහිටන සජීවි සෛල තට්ටුවකි. මෙහි ස්නායු, රුධිර වාහිනි, ශ්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි අඩංගුව ඇත.

අදශ්චර්මය යනු සමෙහි අභ්‍යන්තරයේ පිහිටි මේදය තැන්පත් වූ කොටසයි. කෙස් වැඩෙන්නේ සම තුළ ගිලී ඇති නාලාකාර ඉඩක් තුළයි. කෙස් ගසෙහි සෛලමය ක්‍රියාකාරීත්වය සඳහා පෝෂණය සපයන ස්නායු, රුධිර නාලිකා, රෝම කූපය යට කොටසේ පවති. එය හෙයා පැපිලා නමින් හැඳින්වේ. පැපිලා වටා කේෂ සෛල වර්ධනය වන අතර ජන්මානුක පූරක පටල සෛල වර්ධනය වෙත්ම එහි පහළම පිහිටි මූලය මහත් වී කේෂ බල්බයක් බවට වර්ධනය වේ. කේෂ සෛල රෝම කූපයෙන් පිටතට හෙයා ෆයිබර්ස් ලෙස වර්ධනය වේ. මෙම සෛල ක්‍රමයෙන් දැඩි වී මිය ගොස්, මිය ගිය සෛල පටලයක් බවට පත්වී යයි. එහි ඇදෙනසුලු බව රඳා පවතින්නේ රසායනික සංයුතිය හා කෙරටින් ප්‍රමාණය මතයි. එම රසායනික සංයුතිය කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, සල්ෆර් වලින් සැකසී ඇත.

ආයු කාලය සහ වර්ධනය

සාමාන්‍යයෙන් කෙස් ගසක ආයු කාලය අවුරුදු 2 - 4 අතර කාලයක් ගනී. මාසයකට කෙස් ගසක් අඟල් 1/2 ක් පමණ වැඩේ. වැටී ගිය හිස කෙස් නැවත වර්ධනය වන්නේ වර්ධන ශක්තිය අනුවයි. එබැවින් සාමාන්‍ය හිසක පවතින හිසකෙස් වලින් 90% ක් වර්ධනය වන අවධියේ පවතින අතර 10% ක් පමණ වැටීම සූදානමින් පවතින කෙස් ගස් ය. මේ ආකාරයට හිස කෙස් වර්ධනය වී හැලී යාමෙන් නව කෙස් ගස් වර්ධනය වේ. එබැවින් දිනකට හිස කෙස් 100 ක් වැනි ප්‍රමාණයක් හැලී යාම ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙම ප්‍රමාණයට වඩා හිසකෙස් ගැලවී යාම සිදුවේ නම් ඒ සඳහා සුදුසු ප්‍රතිකාරයක් වෙත යොමුවිය යුතුයි.

වර්ධන චක්‍රය

මෙය කෙස් ගස ක්‍රියාශීලීව වැඩෙන අවධියයි. මෙම අවධිය මාස කිහිපයක සිට අවුරුදු ගණනාවක් දක්වා දිගු විය හැකියි. මෙම අවධිය ඇනජන්, කෑටජන්, ටෙලජන් යනුවෙන් කොටස් තුනකට වෙන් වේ.

කෙස් ගසේ වර්ධන අවස්ථාව ඇනජන් යනුවෙන් හඳුන්වයි. කෙස් ගසේ වර්ධනය නැවතී සෛලවල ක්‍රියාකාරිත්වය අඩුවී රෝම කූපය හැකිළෙන අවස්ථාව කැටජන් නම් වේ. වර්ධනයේ අවසාන අවස්ථාව වන්නේ ටෙලජන්ය.

හිස කෙස් වර්ගීකරණය

1. වියළි හිසකෙස්

2. තෙල් සහිත හිසකෙස්

3. සාමාන්‍ය හිසකෙස්

4. රසායනිකයන් අඩංගු කරන ලද හිසකෙස්

වියළි හිසකෙස් ඉතා දුර්වලය. වියළි ස්වභාවයක් ගනී. එමෙන්ම පැළුණු කැඩී යන ස්වභාවයකින් යුක්තයි. තෙල් සහිත හිසකෙස්වල ස්නේහශ්‍රාවී ග්‍රන්ථිවල තත්ත්වය ඉහළ තත්ත්වයක පවතී. පොලිකල් කොපුව තුළ හටගන්නා ස්නේහශ්‍රාවී ග්‍රන්ථි දෙකකට වඩා පිහිටන අවස්ථාව මෙය වේ. වැඩි වශයෙන් ආසාදන වලට ලක්වන්නේ ද මෙම හිසකෙස් ය.

සාමාන්‍ය හිසකෙස්වල ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි සිදුවේ. පිරිපුන් ස්වාභාවික ස්වරූපයක් ගන්නා අතර ඉතා නිරෝගීය.

රසායනිකයන් අඩංගු කරන ලද හිස කෙස් වර්ගයන්ට ෆර්ම්, කලර්, රිලැක්ස්, රිබොන්ඩිං හෝ බ්ලීචිං කළ හිස කෙස් අයත් වේ.

හිස කෙස්වල හැඩය

හිස කෙස්වල ඇති හැඩයන් අතර සෘජු හැඩය, වේව් හැඩය, කර්ල් හැඩය, ප්‍රධානයි. එලෙස කෙස් ගසක හරස්කඩ හැඩය සෘජු, රැලි සහිත, ඉතා රැලි සහිත හෝ ඕවල් ශේප් විය හැකියි.

කෙස් ගසක හැඩය තීරණය වන්නේ කෙස් ගසේ ස්වභාවික හැඩයෙන් වන අතර කෙස් ගසේ ඝනකම තීරණය වන්නේ කේෂ ග්‍රන්ථියේ විශ්කම්භය මතයි.

කෙස් ගසක පරිධිය විශාල හෝ කුඩා වන්නේ එහි ඇති කියුටිකල් ගණන අනුවයි. හිසකෙස් වල ඝනත්වය යනු වර්ග සෙන්ටිමීටර් 1 ක් තුළ පවතින හිසකෙස් ප්‍රමාණයයි. එහි ඝනත්වය හිසකෙස් වර්ගය, හැඩය, පිහිටන ස්ථානය අනුව වෙනස වේ. තවද ඒ සඳහා ඇදෙනසුලු බව හා කොලජන් ප්‍රමාණය හේතු වේ.

කෙස්වල පැහැය ලැබෙන්නේ පවතින මෙලනින් ප්‍රමාණය මතයි. එය යෝ මෙලනින් හා තියෝ මෙලනින් යනුවෙන් කොටස් දෙකකට බෙදේ. ඒ මෙලනින් වර්ගයන් මඟින් හිස කෙස්වලට අවශ්‍ය වර්ණය ලබා දෙයි.

දැන් ඔබ කෙස් ගසක ව්‍යූහය, හිස කෙස් වර්ගීකරණය, පැහැය යන කේශාලංකරණය සඳහා අවශ්‍ය මූලික දැනුම ලබාගෙන ඇත. මෙය ව්ඍQ පාඨමාලාව හරහා රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට මහඟු අත්වැලක් වෙවි.

NVQ  පාඩම් මාලාව පිළිබඳ ඔබට ගැටලු ඇත්නම් 0112429592 දුරකථන අංකයට අමතන්න.

 

විදුමිණි දිසාකරුණා

 

උපදෙස්

Chamalie Kaldera Hair Design & Beauty Academy

මනාලි රූ මැඳුර, සැලෝන් චිත්මල් සහ ආයුර්වේද අත්‍රි යන ආයතනයන් හි අධිපතිනිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

 

309 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 12:21
අදහස් එක් කිරීමට ලොග් වෙන්න