රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 05, සඳුදා 16:42

කෑම කන්න හොඳම වේලාව විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගැනීමට නම් නිවැරැදි ආහාර රටාවක් අනුගමනය කිරීම ඉතාම වැදගත්. එහිදී එක් එක් ආහාර වේල් ගැනීමට වඩාත් සුදුසුම වේලාවක් පවතින බව ඔබ දන්නවා ද ?

 

මේ වන විට ආහාර ගැනීමට සුදුසුම වේලාව පිළිබඳ විවිධ පර්යේෂණ ගණනාවක් සිදුකර තිබෙනවා. ඒ පර්යේෂණවලට අනුව නම් උදේ කෑම කන්න කියලා කියන්නේ උදේ නැඟිටලා පැය භාගයක් ඇතුළතයි. අඩුම තරමේ උදේ 6.30 ට වත් නැඟිටලා 7 වෙන්න කලින් උදේ කෑම කන එක වඩාත් සුදුසු බවයි එයින් කියන්නේ. ඒ වගේම පුළුවන් තරම් ප්‍රෝටීන් සපිරි ආහාර උදේ කෑම වේලට එකතුකර ගන්න කියලත් ඔවුන් කියනවා. ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස් හා ඉන්සියුලීන් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ගණයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළකීමටත් එයට හේතුවන බව මේ නවතම අධ්‍යයනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම අධ්‍යයනයට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල වන සිය උදෑසන ආහාරය නොගෙන සිටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනෙකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්ත ද එම තත්ත්වයෙහි වෙනසක් ඇතිවන්නේ නැහැ. එයට අනුව අඩුතරමේ උදෑසන 9.30 ට පෙර සිය උදෑසන ආහාර වේල ගැනීමෙන් අයකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන්ගේ කාර්යශීලී බව වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ගණයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල්වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් එය හේතුවක් වනවා.

වෙනත් අධ්‍යයනවලදී ද අනාවරණය වී ඇත්තේ උදෑසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතුවන බවයි. මෙම කරුණුවලින් පෙනී යන්නේ උදෑසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක් ලෙස යොදාගත හැකි බවයි.

ඔවුන් දහවල් ආහාරය ගැන කියන්නේ මේ වගේ දෙයක්. දහවල් ආහාරය ගන්න හොඳම වේලාව දහවල් 1.00. ඒ කියන්නේ උදේ ආහාරයෙන් පැය පහකට පසුව තමයි දහවල් ආහාර ගන්න කියලා කියන්නේ. ඒ වගේම දහවල් ආහාරයෙන් පැය භාගයක්වත් යනතුරු අසුන් ගැනීමෙන් වළකිනවා නම් හොඳයි කියලත් ඔවුන් කියනවා.

රාත්‍රී ආහාරය ගන්න හොඳම වේලාව තමයි රාත්‍රී 7.00. ඒ වගේම රාතී‍්‍ර ආහාරය සහ නින්දට යෑම අතර පැය තුනකවත් පරතරයක් තියෙන්න ඕනේ. රාත්‍රී ආහාරය ලබාගත්ත ගමන් නින්දට යෑම ලෙඩ රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒවගේම හොඳ නින්දක් ලබාගන්න නම් අඩුම තරමේ රාත්‍රී ආහාරයෙන් පසු පැය තුනක් විතර විවේකීව ඉන්නත් ඕනේ.

 

උපදෙස් - පෝෂණවේදී

විශේෂඥ වෛද්‍ය

රේණුකා ජයතිස්ස

440 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 05, සඳුදා 16:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න