තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 මාර්තු 27, අඟහරුවාදා 12:44

උඩරට මනාලිය ලස්සන කරන්නේ චාම් විලාසිතාවයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මනාලියන්ගේ සුන්දර විලාසිතාවන් ගැන අප බොහෝ විට කතා බහ කරනවා. ඒ ඔස්සේ මනාලියන්ගේ විලාසිතා කෙසේ විය යුතු ද? ඇයට යොදාගැනෙන මේක්අප් කොණ්ඩා මෝස්තර, ආභරණ විලාසිතා මේ ආදී වශයෙන් අවධානය යොමුවිය යුතු බොහෝ දේ තිබෙනවා.

 

එම නිසා ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් අතින් හැඩගැන්වෙන මනාලියන් තරුණී ඔබ වෙත වරින් වර රැගෙන එන්නේ ඒ තුළින් ඔබේ දැනුමටත් කිසියම් අදහසක් ගෙන දෙන්නටයි.

ඔබ මෙහි දකින්නේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි සුමනසේකර අතින් හැඩගැන්වී ඇති උඩරට මනාලියන්. බලන්න මෙම උඩරට මනාලියන්ගේ සුන්දරත්වය කෙතරම් ආකර්ෂණීය ලෙස ඉස්මතුකර තිබෙනවාද කියා.

උඩරට මනාලියන් සඳහා මංගල සාරි තේරීමේ දී ඇයගේ සමේ පැහැයට ආසන්න වන ආකාරයෙන් ගැළපෙන වර්ණ තෝරා ගැනීමයි වඩාත් වැදගත්වන්නේ.

බිස්කට් කලර්, කොපර් කලර්, අයිවරි කලර්, ෂැම්පේන් කලර් ආදී වර්ණ සුදුසු වර්ණ ලෙස දැක්විය හැකියි.

එමෙන්ම මේඩ් අප් ක්‍රමයට කැන්ඩියන් එක නිර්මාණය වන නිසා නෙට් රෙද්දට ලයිනින් යොදා ගැනීමෙන් අලංකාර ලෙස වර්ණ සංකලනය කරගත හැකියි.

බොහෝ විට උඩරට මනාලියට යොදාගනු ලබන්නේ සාම්ප්‍රදායික ආභරණ කට්ටලයයි.

මෙහිදී මනාලියට නළල් පටිය යොදාගැනීමේ දී විශේෂයෙන් මනාලියගේ මුහුණේ හැඩයට අනුව වඩාත් ගැළපෙන නළල් පටිය තෝරා ගැනීමෙන් වැඩි ලස්සනක් ඉස්මතුකර දක්වන්නට පුළුවන්.

එමෙන්ම ඇයට මේක්අප් කිරීමේ දී අනවශ්‍ය ආකාරයෙන් කෘත්‍රිම පෙනුමක් ගෙන දෙන අයුරින් මේක් අප් භාවිත කිරීම සුදුසු නැහැ. මනාලියන්ගේ සමේ පැහැයට අනුව ෆවුන්ඩේෂන් වර්ණ තෝරාගත යුතු අතර තොල් ආලේප සඳහා ලා පැහැති වර්ණත් යොදාගත යුතුයි.

ලිප්ස් ග්ලොස් භාවිතය සුදුසු නොවන අතර මැට් කලර්ස් යොදාගැනීම වඩාත් සුදුසු බව කිව හැකිය.

මනාලියගේ අයි මේක්අප් එකේදී මා ඔවුන්ට අයි ලෑෂස් (කෘත්‍රිම ඇස් පිහාටු) යොදා ගැනීමක් කරන්නේ නෑ.

නමුත් මනාලියකට අයි ලෑෂස් යොදනවානම් ස්වාභාවික ඇස් පිහාටුවලට සමාන බවක් දක්වන අයි ලෑෂස් යෙදීමට කල්පනාකාරී වීම වැදගත්.

දැන් උඩරට මනාලියන් තම මංගල සාරිය ලෙස මොඩර්න් කැන්ඩියන් එක තෝරා ගන්නා අවස්ථා දක්නට පුළුවන්. නමුත් මොඩර්න් කැන්ඩියන් එක හැම මනාලියකටම එක වගේ ගැළපෙන්නේ නැහැ.

හේතුව ඇතැම් මනාලියන්ගේ ප්‍රතිරූපයට අනුව එහි නොගැළපෙන බවක් පෙන්නුම් කළ හැකි වීමයි.

කාලෙට ගැළපෙන විලාසිතාවක් ලෙස සිතා තමන්ගේ ස්වරූපයට නොගැළපෙන විලාසිතා මංගල දිනයට තෝරාගැනීම සුදුසුයැයි අනුමත කළ නොහැකියි.

මෙහි දැක්වෙන උඩරට මනාලියන්ගේ හැඩගැන්වීම් දෙස බැලීමේ දී ඔවුන්ට උචිත ආකාරයට විලාසිතා තෝරාගෙන ඇති බව ඔබට වැටහේවි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි සුමනසේකර

ලක්රූ සැලෝන්

දළුගම, කැලණිය

1210 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මාර්තු 27, අඟහරුවාදා 12:45
මේ යටතේ එන අනෙකුත් ලිපි: « My Style Beauty my style cover »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න