තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2018 මැයි 01, අඟහරුවාදා 11:35

නවතම විලාසිතාවකට හැඩ ගැන්වූ පහතරට මනාලියක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
මනාලියක් වීමට සූදානමින් සිටින යුවතියන් දැන් වැඩි කැමැත්තක් දක්වන්නේ අලුත්ම විලාසිතාවන්ට අනුව තම හැඩගැන්වීම් සිදුකර ගන්නටයි.

 

සාම්ප්‍රදායික බවට කොටුවෙමින් නිතර ඇස ගැටෙන ඒකාකාරී හැඩගැන්වීම්වලට බොහෝ දෙනෙක් කැමැත්තක් නොදක්වන නිසාම නවතම විලාසිතාවන් කෙරෙහි ඇදීයාම නිතැතින්ම සිදුවන්නක්.

කාලයේ තාලයට විලාසිතාවන් තෝරාගැනීම වරදක් ලෙස දැකිය නොහැකි වුවත් ඇය තෝරාගනු ලබන විලාසිතාවන් කොතෙක් දුරට ඇයට ගැළපෙනවා ද කිසියම් ආකාරයකින් වන නොගැළපීම නිසා ඇයගේ ප්‍රතිරූපයට හානියක් වනවාද යන්න ගැන සැලකිලිමත් වීමත් වඩාත් වැදගත්වෙනවා.

මේ ඔබ දකින්නේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී සුරේෂ් ප්‍රනාන්දු අතින් නවතම විලාසිතාවන්ට අනුකූලව හැඩ ගැන්වුණු පහතරට මනාලියක් ඇයගේ සුන්දරත්වය මැනවින් ඉස්මතුකර දක්වන්නට මෙම නවීන විලාසිතාව කෙතරම් ඉවහල් වී තිබෙනවාද යන්න හොඳින් වටහා ගත හැකියි. ඒ පිළිබඳව සුරේෂ් දැක්වූ අදහස් අප විමසා බලමු.

පහතරට මනාලියක් කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නේ සාරියෙන් සැරසිලා, වේලය පලඳවා, සාම්ප්‍රදායික මනාලියක් ලෙස හැඩගැන්වෙන කෙනෙක් හැටියටයි. නමුත් අලුත්ම ආකාරයට, අලුත්ම විලාසිතාවන් එක්ක එකතුවෙමින් පහතරට මනාලියක් ලෙස හැඩගැන්වෙන්නට කැමැත්තෙන් සිටින යුවතියන්ට මෙම මනාලියගේ විලාසිතාවන් තුළින් අලුත්ම අදහසක් ගන්නට හැකිවේවි.

මේ මනාලියගේ ඇඳුම් විලාසිතාව සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් දක්වනවා. බටහිර පන්නය සහ ඉන්දියානු සම්ප්‍රදාය කියන ආකාරයන් දෙකම එකතුවීමෙනුයි මෙම පහතරට මනාලියගේ විලාසිතාවන් නිර්මාණය වී තිබෙන්නේ.

 

 

මෙය ස්කර්ට් එකක් සහ ටොප් එකක් ලෙස එනම් සායක් සහ හැට්ටයක් යන කොටස් දෙකකින් සමන්විත වෙමින් සාරියක් අඳින ආකාරයට අන්ඳවා තිබෙනවා. සාරි පොට ද මෙයට යොදා තිබෙනවා. මේ සඳහා වර්ණ වශයෙන් ගෙන තිබෙන්නේ ඕෆ් වයිට් සහ ඩල් ගෝල්ඩ් එකයි, පර්ල් සහ ක්‍රිස්ටල්වලින් අවශ්‍ය තැන්වලට ගැළපෙන ආකාරයට වර්ක්කර තිබෙනවා. මේඩ්අප් ක්‍රමයට මෙම මනාලියගේ ඇඳුම් කට්ටලය සකසා තිබෙනවා.

මෙම මනාලියගේ කොණ්ඩ මෝස්තරය ගැන කතා කරනවානම් ඇයට යොදා තිබෙන්නේ ඉතාමත් සුවිශේෂී වූ කොණ්ඩා මෝස්තරයක්. ඇය විලාසිතානුකූලව හැඩගැන්වූ මනාලියක් නිසා ගෙලට වන්නට කොණ්ඩ මෝස්තරය යොදා සයිඩ්පාට් එකකින් වඩාත් ලස්සන පෙනුමක් මතුකර තිබෙනවා.

කුඩාවට එකතු කරන ලද මල්, කොළ වර්ග, බේබිස් බ්‍රෙත් යොදා මල්වැලක් ආකාරයට මනාලියගේ හිස සැරසිල්ල නිර්මාණය කොට තිබෙනවා.

ඇයගේ මල් කළඹ පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතුයි. ඕෆ්වයිට්, ඩල් ගෝල්ඩ්වලින් මනාලියගේ ඇඳුම් කට්ටලය නිර්මාණය වූවත් ඇයගේ මල් කළඹට අප මෙහිදී කොළ පැහැය වැඩි වශයෙන් තිබෙන බෙරි, කොළ වර්ග යොදාගෙන තිබෙනවා. මල් භාවිතකර තිබෙන්නේ අඩු වශයෙනි. පීච් කලර් එකෙන් එක් රෝස එකක් පමණ භාවිතකර වයිට් ෆ්ලවර් කිහිපයක් පමණක් යොදා තිබෙන අතර බටහිර මනාලියකට ගැනෙන මල් කළඹක් ආකාරයටයි ඇයගේ මල් කළඹ නිර්මාණය වී තිබෙන්නේ. මෙම පහතරට මනාලියගේ මොඩර්න් පෙනුම වඩාත් මතුකර දැක්වීමට මෙහිදී මල් කළඹ ද ඉවහල් වී තිබෙනවා.

ආභරණ වශයෙන් වඩාත් කැපී පෙනෙන ආකාරයේ ආභරණ අප ඇයට තෝරාගෙන නෑ. ඉතාමත් සරල ආභරණ කට්ටලයක් ලෙස කුඩා කරාබු දෙකක්, කුඩා පෙන්ඩන්ට් එකක් සහිත චේන් එකක් පමණක් මෙම මනාලියට පලඳවා තිබීම විශේෂයක්.

මනාලිය මේක්අප් කරන විට ඇයගේ පෙනුම හොඳින් ඉස්මතුවන සේ මේක්අප් එක කිරීම වැදගත්. මෙම මනාලිය පැහැපත් අයෙක් නිසා ඇයගේ සමේ වර්ණයට ගැළපෙන ලෙස මේක්අප් යොදාගෙන තිබෙනවා. අයි මේක්අප් එක කරතිබෙන්නේ එතුළින් ඉතාමත් ආකර්ෂණීය පෙනුමක් එන ලෙසයි. ඇයගේ ලිප්ස්ටික් වර්ණය යොදාගෙන තිබෙන්නේ තරමක් තද පැහැයෙනි. ඕෆ් වයිට් සහ ඩල් ගෝල්ඩ් වර්ණ සමඟ කැපීපෙනෙන බවක් එක්කිරීමට සහ මොඩර්න් අවුට් ෆිට් එකක් එක්ක යන මොඩර්න් පෙනුම මතුකර ගැනීමටයි ඒ ආකාරයෙන් තද පැහැයක් යොදාගනු ලැබුවේ.

මේ සියල්ල මනාව ගළපාගනිමින් තමයි මොඩර්න් ඉන්දියන් බ්‍රයිඩ් කෙනෙක් ලෙස මෙම මනාලිය හැඩගන්වා තිබෙන්නේ. සිහින් සිරුරක් ඇති යුවතියන්ටත් ඔවුන්ගේ මංගල දිනයේ දී ලස්සන පෙනුමක් එක්කරගන්නට මෙවන් විලාසිතාවක් තෝරාගත හැකියි.

 

 

 

 

හැඩගැන්වීම

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සුරේෂ් ප්‍රනාන්දු

(Professtional Hair Stylist and Beacutician
 

2655 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 මැයි 01, අඟහරුවාදා 11:36
මේ යටතේ එන අනෙකුත් ලිපි: « my style cover Wedding Dream »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න