තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 12, අඟහරුවාදා 16:08

Wedding dream

Written by 
අගයන්න
(0 මනාප)
මනාලිය හැඩකරන මොඩර්න් කැන්ඩියන් හෙට දිනයේ කුලගෙට පියමං කරන ඔබට මෙවැනි මොඩර්න් කැන්ඩියන් එකත් කදිමයි. ඔබ සැබැවින් සුන්දර මනාලියක් කරාවි. සුපුනි හැඩ වී ඇත්තේ මේඩ් අප් කළ ඔසරියකිනි. හැට්ටයටම පොට අල්ලා ඇත. සම්පූර්ණ නෙට් සාරියට බීඩ්ස්, ස්ටෝන්ස්, මුතු එකතුකර ගැනීමෙන් වැඩි අලංකාරයක් ලැබී තිබේ. අයිවරි කලර් රැගත් ඔසරියට මුතු ආභරණ පලඳවා ඇත.

 

මේක් අප් එක තරමක් තද වර්ණයෙන් දමා තිබීමෙන් ඇයට ආකර්ෂණීය බවක් ලැබී තිබේ. අයිෂැඩෝ සඳහා ෂයිනින් ගෝල්ඩ් ඩස්ට් එකතුකර තිබේ. මනාලියගේ පිරිපුන් බව විදහා පෑමට මෙවැනි මේක් අප් එකක් අපූරුයි.

කොණ්ඩා මෝස්තරය කර්ලි හෙයාර් ලෙසින් දමා පිටුපසින් ඔසවා ඇත. ඇඳුමට ගැළපෙන පරිදි බීඩ්ස් එකතු කිරීමෙන් මනාලියගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වී ඇත.

 

ඇඳුම් නිර්මාණය සහ හැඩගැන්වීම  

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ඉනෝකා කාරියවසම්

කල්දමුල්ල, මොරටුව

ඇඳුම් සැපයීම - SWAHA - මොරටුව

නිරූපණය - සුපුනි 

ඡායාරූප - මහෙන් මුදිත

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

1278 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 12, අඟහරුවාදා 16:10
මේ යටතේ එන අනෙකුත් ලිපි: « my style cover My Wedding . . . »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න