තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ජූනි 29, සිකුරාදා 08:24

මේ කොන්ඩ මෝස්තරය මනාළියගේ යෙහෙළියටයි

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(2 මනාප)
උඩරට මනාලියගේ යෙහෙළියට බොහෝවිට තෝරා ගැනෙන්නේ ද ඔසරියට ගැළපෙන ආකාරයේ කොණ්ඩ මෝස්තරයි. අද ඉදිරිපත් කෙරෙන මෙම කොණ්ඩ මෝස්තරය ද උඩරට මනාලියගේ යෙහෙළියකට සුදුසු මෝස්තරයකි.

 මුලින්ම කොණ්ඩය බ්ලෝ ඩ්‍රයර් කර ගන්න. ඉයර් ටු ඉයර් ලයින් ආකාරයට කන දෙපසින් කොණ්ඩය බෙදා වෙන්කර ගන්න.

ඉන්පසු හිස් මුදුනේ ක්‍රවුන් ලයින් එකෙන් කොණ්ඩ කොටසක් ගෙන බැක්කෝම්බ් කර එය මඳක් උඩට තිබෙන ආකාරයට සකස්කර කටු ගසන්න.

ඉදිරිපසින් තවත් කොණ්ඩ කොටසක් පසුපසට ගෙන පළමුව සකසාගත් කොටස වැසෙන සේ තබා කටු ගසන්න.

ඉදිරිපස ඉතිරි කොණ්ඩය සයිඩ්පාට් එකක් ආකාරයට ගෙන ප්ලීට් එකක් ලෙස සකසා ගත යුතුයි.

ඒ සඳහා කොණ්ඩ කොටස වෙන්කර තබා එහි අනෙක් කොටස පසුපසට ගන්න.

ප්ලීට් එක සඳහා වෙන්කරගත් කොටස මඳක් බැක්කෝම්බ් කර ප්ලීට් එක සකසා හෙයාස්ප්‍රේ කර සෙට් කර ගන්න.

පිටුපස කොණ්ඩය පෝනිටේලයක් දමාගන්න.

එය කොටස් දෙකකට බෙදා ගන්න. ඉන් එක් කොටසක් උඩට කර පහළ කොටස බැක්කෝම්බ් කර ගන්න.

එය හෙයාස්ප්‍රේ කර නෙට් එක දමා බන් එකක් ලෙස සකසා ක්ලිප් කරන්න.

ඉන්පසු ටේල් කෝම්බි එකෙන් එය ක්‍රමවත්ව සකසා ගන්න.

උඩට කර රඳවාගත් පෝනිටේලයේ ඉහළ කොටස ගෙන එය කුඩා කොටස්වලට වෙන්කර ජෙල් තවරමින් ලූප්ස් ආකාරයේ කොටස් සාදා බන් එක වටේට රඳවන්න.

බන් එක වටේට විලාසිතාවක් ලෙස ලූප්ස් රඳවා ඇති අයුරු ඔබට මෙහි ඡායාරූපයෙන් පෙනේවි.

එසේ ලූප්ස් රඳවා නිමකරගත් පසු හිස සැරසිල්ලක් ගසා අලංකාර කර ගන්න.

කොණ්ඩ මෝස්තර නිර්මාණය
ප්‍රවීණ ශිල්පිණි නීශා මනහාරී

 

9624 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 අගෝස්තු 09, බ්‍රහස්පතින්දා 15:28
මේ යටතේ එන අනෙකුත් ලිපි: මේ මෝස්තරය මනාලියගේ යෙහෙළියටයි »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න