තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 දෙසැම්බර් 07, සඳුදා 13:50

ආර්ය සිංහලයේ අභිමානය යළිත් පතුරමු විශේෂාංග

Written by 
අගයන්න
(3 මනාප)
විලාසිතා නිර්මාණ ශිල්පී ආචාර්ය නාමල් බාලචන්ද්‍ර

 

 

මොන විලාසිතාවක් ඇන්දත් ඒ තුළින් ඔබේ පෞරුෂත්වය මතු නොවන්නේ නම් කිනම් අගයක්ද? එසේ නොවුණහොත් ඇඳුම අඳින්නාට වගේම ඇඳුමටත් පැහැදිලි හානියක් සිදුවේ.

ශ්‍රී ලාංකේය අනන්‍යතාව විදහාපාන අපට උරුම ආර්ය සිංහල ඇඳුම මොනතරම් අභිමානයක්ද? එහෙත් මේ ඇඳුමට තාරුණ්‍ය එතරම් ඇලුම් කරන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන්ගෙන් ඈත් වී යන මේ ඇඳුමට අපේකමට හානි නොවන අයුරින් නවමු මුහුණුවරක් එක්කොට ඇති බව ඔබ තවමත් නොදන්නවා ඇති.

එය පි‍්‍රය සම්භාෂණ සහ මංගල කලාවේත් අලුත්ම ට්‍රෙන්ඩ් එක වීම අපට සතුට දනවන්නකි.

මේ පිළිබඳ අප විලාසිතා නිර්මාණකරණය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය නාමල් බාලචන්ද්‍ර මහතාගෙන් විමසීමක් කළා.

“අපේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කළ හැකි ආර්ය සිංහල ඇඳුම ඉතාම සරලයි. චාම්. මේ මුල් ඇඳුමින් දැනටත් අපේ ප්‍රභූ පැලැන්තිය “නැෂනල් එක” යනුවෙන් සම්භාව්‍ය ගණයේ උත්සවවලට හා පි‍්‍රය සම්භාෂණ සඳහා හැඩවෙනවා.

ඒ වගේම අද වනවිට ආර්ය සිංහල ඇඳුමට ඊට තදින් බැඳී තිබූ ඒකාකාරී බවෙන් මුදාගෙන නවතාවයක් එක්කර ගෙන තිබෙනවා. එහිදී මුල් නිර්මාණයට හානියක් නොවන අයුරින් ඔවුන් රුචි ලෙසත්, පෞරුෂත්වය ඉස්මතු වන ලෙසත් මෙය නිර්මාණය වී ඇත.

මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ලොව පිළිගත් ඉටැලියන් ටේලරින් ක්‍රමයයි. මෙහි විශේෂත්වය වන්නේ ෆුල් බොඩි ස්ලිම්ෆිට් ලෙස නිර්මාණය වීමයි. තාරුණ්‍ය ඈත්කර තිබූ ආර්ය ඇඳුම අලුත්ම ට්‍රෙන්ඩ් එක වූයේ එවැනි ආකර්ෂණීය බවක් එක් කිරීමෙනි.

බොහෝ දෙනා බටහිර ඇඳුමට වැඩි නැඹුරුවක් දක්වන්නේ සැහැල්ලු බව මෙන්ම ඕනෑම වර්ණයකින්, ඕනෑම හැඩයකට විවිධ විලාසිතාවලට ඇති නිසයි.

ඒ සියල්ල ඒ අයුරින්ම ආර්ය සිංහල ඇඳුමට දැන් එක් වී තිබෙනවා. මංගල දිනයේ දී ආර්ය ඇඳුමින් සැරසි මනාලයා මනාලියගේ ආකර්ෂණය අභිබවා යන්නට ද සමත්.

ලොව කොහේ හෝ දක්නට නොමැති මේ ඇඳුමට ආවේණික චාම්බව හා නෙත්සිත් වසඟ කරවන සුලු මනස්කාන්ත පෙනුම දැන් ඔබටත් එක්කර ගන්න හැකියි.

ඔබත් විශේෂ අවස්ථාවලදී ආර්ය සිංහල ඇඳුමින් සැරසී ඔබේ පෞරුෂත්වය ලොවටම කියන්න.

 අචිනි ලක්මාලි චන්ද්‍රසේකර 

5488 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 දෙසැම්බර් 07, සඳුදා 13:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න