තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

දෙවන මනමාලයා සිරස්තල

2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:36

මේ කෑම නැවත නැවත රත්කරලා කන්න එපා විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
කාර්යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනකු තමන් ගන්නා ආහාර ගැන වැඩි සැලකිල්ලක් යොමු කරන්නේ නැහැ. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ දවසේ එක් වේලාවකදී පිස ගන්නා ආහාර, ශීතකරණයක තබා හෝ නොතබා නැවත අවශ්‍ය වේලාවට ගෙන කෑමටයි.

 

මෙහිදී ආහාරයට ගන්නා කෑම වර්ග නැවත රත්කර අනුභව කිරීම සාමාන්‍ය දෙයක් වුවද පහතින් විස්තර කර ඇත්තේ ඒ විදිහට කවදාවත් රත්කර නැවත ආහාරයට නොගත යුතු යැයි විද්‍යාඥයන් පවා පෙන්වා දී ඇති ආහාර වර්ග කීපයකි. පර්යේෂකයන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ අයුරින් ඇතැම් කෑම වර්ග රත්කර නැවත ආහාරයට ගැනීම නිසා මරණය පවා සිදුවිය හැකි බවයි.

 

කුකුළු මස්

බොහෝ දෙනෙක් ප්‍රියකරන කුකුළු මස් පිස ගැනීමෙන් අනතුරුව නැවත රත්කර ආහාරයට ගැනීම නිසා එය ආහාර ජීර්ණ පද්ධතියට අහිතකර ලෙස බලපෑ හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි. එහිදී උදරාබාධ, අජීර්ණ තත්ත්වයන්, දිරවීමේ අපහසුතා සහ දිගුකාලීනව මෙලෙස රත්කර ආහාරයට ගැනීමෙන් පිළිකා තත්ත්වයන් වුවද ඇති විය හැකියි.

 හතු වර්ග

බිම්මල් එසේත් නැත්නම් හතු වර්ග එක්වරක් පිස ගැනීමෙන් පසු නැවත රත්කර ආහාරයට ගැනීම මඟින් හදවත් රෝගවලට එය රුකුලක් වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත.

 නිවිති

ඔබ වරක් පිසගන්නා ලද නිවිති රත්කර නැවත ආහාරයට ගැනීමට පුරුදුව සිටිනවා නම් නිවිතිවල අඩංගු වන නයිට්ටේ‍්‍රට් අම්ලය රත්වීම නිසා නැවත සක්‍රීය වේ. එම නිසා එය ආහාරයට ගැනීම ශරීරයට අහිතකරයි. එම නිසා ආහාර විස විය හැකියි.

 අර්තාපල් වැනි අල වර්ග

පෝෂ්‍ය ගුණයෙන් ඉහළ අර්තාපල් වැනි අල වර්ග එක්වරක් පිස ගැනීමෙන් පසු නැවත ආහාරයට ගතහොත් ඒවායේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අහිතකර විය හැකියි. උදරාබාධ සහ සමෙහි ගැටලු ඉන් ප්‍රධානයි.

 බිත්තර

ඉහත කී බොහෝ ආහාර මෙන්ම බිත්තර ද පිස ගැනීමෙන් පසු නැවත රත්කර කෑම මගින් එහි අඩංගු ඇතැම් රසායනික අංශු සක්‍රිය වීම නිසා ඒවා ශරීරයට අහිතකර වේ. පාචනය, උදරාබාධ ඇති විය හැකියි.

 බීට් අල

බීට් රූට්වල ද ඉහතින් කී නිවිතිවල අඩංගු නයිට්ට්‍රේට් අම්ල අඩංගු වෙයි. නැවත රත්කර ආහාරයට ගැනීම මඟින් නයිට්ට්‍රේට් අම්ල සක්‍රිය වීම නිසා ශරීරයට අහිතකර බලපෑම් ගෙන දිය හැකියි. එහිදී ආහාර විසවීම ප්‍රධානයි.

  

උපදෙස් - පෝෂණවේදී

විශේෂඥ වෛද්‍ය

රේණුකා ජයතිස්ස

වෛද්‍ය පර්යේෂණායතනය

බොරැල්ල

727 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න