තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

දෙවන මනමාලයා සිරස්තල

2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:43

විවාහ මංගල්‍යයේ සියලු කටයුතු එකම වහලක් යටින්... විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(0 මනාප)
සැලෝන් තිසාරා  ලස්සන වීම කියන්නේ හැමෝම දකින සුන්දර සිහිනයක්. ඒත් එක්කම ඔබ නොදන්නවා වුණාට අපි හැමෝම ළඟ ලස්සනක් තියෙනවා. ඒ ලස්සන එකිනෙකාට සාපේක්ෂව වෙනස්.

 

ඉතිං මේ ලස්සන ඔප් නංවා ගැනීමට තමයි අපට රූපලාවණ්‍ය ශිල්පිනියකගේ සහය අවැසි වන්නේ. ඒ විතරක් ද යුවතියකගේ ජීවිතයේ සුන්දරම දවස ඇය විවාහ වන දා ඇගේ රුව හැඩකරන්නත් රූපලාවණ්‍ය ශිල්පිනියකට හෝ රූපලාවණ්‍ය ශිල්පියකුට හැකියි. එවන් අපූරු දක්ෂතාවන් රැසකින් පිරිපුන් දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක අපට පසුගිය දා හමුවුණා.

ඇය නමින් අනුජා දිල්රුක්ෂි පෙරේරායි. නව නගරය, දෙහිඅත්තකණ්ඩියේ සැලෝන් තිසාරා ඇගේ හැකියාවේ අභිමානයයි.

"මම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න පටන් අරන් දැන් අවුරුදු 18 ක් වෙනවා. මුලින්ම මගේ අම්මා නිසයි මේ කෙරෙහි යොමුවුණේ. ඇය ගුරුවරියක්. එහෙත් ගමේ දන්න කියන අයට උත්සවවලට යන්න වගේම මනාලියන් හැඩ ගැන්වීමත් සිදු කළා. ඇයට උදවුවට ගිය මටත් මේ ශිල්පය විධිමත් ලෙස හදාරන්නට ඕනෙ වුණා. එබැවින් ප්‍රේමසිරි හේවාවසම්, තිරාණි පීරිස් යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් යටතේ රූපලාවණ්‍ය න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවකුත් සාර්ථක ලෙස සිදු කළා.

අද මම සැලෝන් තිසාරා නමින් ඇරැඹූ රූපලාවණ්‍යාගාරයේ යුවතියකට තම විවාහ මංගල්‍ය දා අවැසි සේවාවන් එකම වහලක් යටින් සිදුකර දෙනු ලබනවා. ඇයට කිසිදු රස්තියාදුවීමක්, මුදල් නාස්තිවීමක් හෝ මානසික ආතතියකින් තොරව විවාහ මංගල්‍යයේ කටයුතු සිදුකර ගැනීමට පහසු ක්‍රමවේදයක් මා සකසා දී තිබෙනවා.

මගේ පියා එස්. ඒ. සරණසේන. ඔහු විශ්‍රාමික කාර්මික නිලධාරියෙක්. දැන් ඔහු ජ්‍යෝතිෂ්‍යවේදියක් ලෙස කටයුතු කරනවා. ඉතිං විවාහ මංගල්‍යකදී අවැසි නැකැත් පොරොන්දම් කටයුතු ඔහු වෙතින් සිදු කරගත හැකියි. මගේ සැමියා ළහිරු සදන්ත රිසෙප්ෂන් හෝල් එකක් කරගෙන යනවා. එසේම මා මනාලියන් හැඩගැන්වීමට අමතරව කේක් නිර්මාණය, පෝරු,ඹ සෙටි බැක් අලංකරණය, මංගල රථය සැරසීම ආදී කටයුතු ද සිදුකරනු ලබනවා."

සැබැවින්ම මනාලියක වන යුවතියකට සැලෝන් තිසාරා අපූරු තෝතැන්නකි. ඇගේ ප්‍රතිභාවේ කැඩපත ඔබේ දිවියේ අමරණීයම දා තවත් සොඳුරු ලෙස හැඩ ගන්වාවි.

686 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:44
අදහස් එක් කිරීමට ලොග් වෙන්න