තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2012 ජූනි 29, සිකුරාදා 08:30

මේ මෝස්තරය මනාලියගේ යෙහෙළියටයි

Written by 
අගයන්න
(9 මනාප)
මුහුණේ හැඩයට, පෙනුමට, අඳින ඇඳුමට, සහභාගිවන අවස්ථාවට සරිලන ආකාරයෙන් යොදන කොණ්ඩා මෝස්තරයකින් ගෙන දෙන්නේ සැබෑම ලස්සන පෙනුමකි. මේ අතරින් මනාලියට සහ ඇගේ යෙහෙළියට යොදන කොණ්ඩා මෝස්තරයට හිමිවන්නේ වැඩි විශේෂත්වයක්. මේ මනාලියගේ යෙහෙළියට ගැළපෙන ආකාරයේ කොණ්ඩා මෝස්තරයක් සකසන අයුරුයි.

කෙටි කොණ්ඩයක් ඇති අයකුට නම් විග්එකක් සම්බන්ධ කර ගනිමින් කොණ්ඩා මෝස්තරය පහසුවෙන් යොදන්නට පුළුවනි.

1. මුලින්ම ඉයර් ලයින් එකට අනුව කොණ්ඩය බෙදා වෙන් කර ගන්න.

2. හිස මුදුනින් කොණ්ඩය ගෙන බැක්කෝම්බ් කර එය පසුපසට ගෙන මඳක් ඉස්සී තිබෙන ආකාරයට පිටුපසින් රඳවා ක්ලිප් කර ගන්න.

ඉදිරියෙන් ඉතිරි කරගත් කොණ්ඩය පහළට ගෙන පීරාගන්න.

3. දැන් පිටුපස ඇති ඉතිරි කොණ්ඩයෙන් එක් කොටසක් ගෙන පෝනිටේලයක් දමා ගන්න.

4. එහි පහළ කොටස් දෙපසට වෙන්කර තබාගන්න.

5. පෝනිටේලය කෙටි නිසා විග් එකක් සම්බන්ධ කර ගන්න.

6. විග් එකෙන් සහ කොණ්ඩයෙන් ද කොටස බැගින් ගනිමින් ජෙල් තවරමින් ලූප්ස් සාදා ගන්න.

7. මෙසේ සකසාගත් ලූප්ස් වටේට තබමින් කොණ්ඩ කටු ගසාගන්න.

8. පෝනිටේලයේ ලූප්ස් රඳවාගත් පසු බෙදාගත් ඉතිරි කොණ්ඩා කොටස් දෙකෙන් එකක් ගෙන ඇතුල් පැත්තට බැක්කෝම්බි කර ස්ප්‍රේ කර ගන්න.

ඉන්පසු එම කොටසට ජෙල් තවරා එක් පැත්තකට ගෙන කටු ගසාගන්න.

9. ඒ ආකාරයටම අනෙක් පැත්තෙන් ද ඉතිරි කොණ්ඩා කොටස බැක්කෝම්බ් කර ස්ප්‍රේකර ක්‍රමවත්ව රඳවා ගන්න. එහි ඉතිරි වන අගිස් ද ලූප්ස් ආකාරයට සකස් කර තබා කටු ගසාගන්න.

10. මෙම ඡායාරූපයෙන් දිස්වන්නේ කොණ්ඩා මෝස්තරය නිමවාගත් පසු පෙනෙන ආකාරයයි.

මනාලියගේ යෙහෙළියට මෙන්ම මනාලියකට වුවත් මෙම කොණ්ඩා මෝස්තරය යෙදිය හැකියි.

10303 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූනි 29, සිකුරාදා 08:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න