තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2016 පෙබරවාරි 23, අඟහරුවාදා 14:14

කුර්තා එකට ෂා ! කොල්ලගෙ හැඩ! විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(1 මනාපය)
 හැඩට අඳින්න පලඳින්න අපේ කාන්තා පාර්ශවය තුළ ඇත්තේ අසීමිත කැමැත්තක්. ඒත් දැන් ඊට නොදෙවැනි ලෙස පිරිමි පක්ෂය ද විලාසිතා අනුගමනයකරනවා.

 

මේ බව උත්සව අවස්ථාවලදී මෙන්ම මඟතොටේදී ද අපට පෙනී යනවා. තමන්ගේ සැමියා, පෙම්වතා, සොහොයුරා මේ ආකාරයට හැඩට කඩවසම්ව ඉඳීම කාන්තා අපට ආඩම්බරයක්.

මෙවර ට්‍රෙන්ඩ් එක වෙන් වන්නේ ඒ වෙනුවෙනි. අද වනවිට “කුර්තා ෂර්ට්” විලාසිතාව තමයි අංක 01 ට්‍රෙන්ඩ් එක වී ඇත්තේ. එය තරුණ වියේ සිටින ඔබේ තේජාන්විත බව දෙගුණ තෙගුණ කරන්නට සමත්. විශේෂයෙන්ම මෙය තමාගේ විවාහ මංගල්‍ය දා මනාලියගේ සාරියට ගැළපෙන වර්ණයකින් තෝරා ගන්නත් අපේ අය අමතක කරන්නේ නැහැ.

දෙවැනි ගමනදා හැඩවන කුර්තාවට ෂෝල් එක අපූරු බවක් ද එක් කරයි. එවැනි කුර්තා තරමක් උසින් වැඩිවන සේ තෝරා ගත යුතුයි. “ෂෝල්ඩර් ෆෑඩ්”, “ෂෝල්ඩර් වර්ක්” කුර්තා වගේම “ෆුල් වර්ක්” කුර්තා ද ඒ අතර ජනපි‍්‍රයයි.

මේවා තරමක් මිලෙන් වැඩිමුත් ඔබට සරිලන සේ තෝරා ගැනීම් කළ හැකියි.

සාදයකට සහභාගී වන ඔබ වෙනුවෙන් ඇති අලුත්ම කුර්තා විලාසිතාව “ඉචඹචපදඪ” යි. එහි ඇති විශේෂත්වය වන්නේ කුර්තාව තරමක් උසින් අඩුයි. ටීන් ඒජ් අයට කදිමට ගැළපේ. මේ සඳහා ඇලඩින් පෑන්ට් එක ඇඳීමෙන් ඔබට අපූරු කඩවසම් බවක් ගෙන දේ. නැතිනම් බැගී කළ කලිසමක් ද ගළපා ගන්න පුළුවන්. මෙය ද දෙවැනි ගමනට හැඩ වෙන්න පුළුවන් නවතම විලාසිතාවකි.

සැදෑ සාදයකට සහභාගී වන ඔබට “කුර්තා ටොප්” එක සුදුසුයි. සිම්පල් වර්ක් වගේම, ප්ලේන් කලර්ස්වලට තමයි වැඩිපුරම ඉල්ලුම ඇත්තේ.

ඒ අතර ඩාක් කලර් කුර්තා ටොප් පෙළක්ම වෙළෙඳපොළ ජයගෙන තිබේ. මේවා ඩෙනිම් වගේම සාමාන්‍ය කලිසමකට ගළපා ගන්න පුළුවන්. මිලෙන් රු. 2000 සිට ඉහළට අලෙවි කෙරේ. ලයිට් කලර්ස් කුර්තා ටොප්වලට රුචි ඔබට ඕෆ් වයිට්, බිස්කට් කලර්, ගොල්ඩ් වර්ක් එකකින් හැඩ වූ කුර්තාවක් තෝරා ගන්න පුළුවන්. අවශ්‍ය නම් ෂෝල් එකකින් ද සැරසිය හැකියි.

  විශේෂ ස්තූතිය - තිලකවර්ධන හි පිරිමි ඇඳුම් අංශයේ

කළමනාකරු එන්. ජයගනේෂන් 

6133 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 පෙබරවාරි 23, අඟහරුවාදා 14:15
අදහස් එක් කිරීමට ලොග් වෙන්න