තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2012 ජූලි 06, සිකුරාදා 11:36

උඩරට ඇඳුම කොහොමද මංගල දිනයේ මනාලයාට ප්‍රශ්නයක්...

ලිව්වේ  නුවන් මහේෂ් ජයවික්‍රම
අගයන්න
(6 මනාප)
තම මංගල දිනය විවිධාකාරයෙන් සැළසුම් කිරීමට බොහොමයක් තරුණ තරුණියෝ වෙහෙසෙති.ඒ අතරින් යුවළකගේ සිහිනය තම විවාහ මංගල්‍ය බෝ සෙවණක වැලිමළුවක පවත්වන්නට විය හැකියි. තවත් තරුණ තරුණියෝ මස් මාංසවලින්, මත්පැනින් දුරස්ව බෞද්ධ ආරට සමීපව විවාහ වීම අරමුණු කොට ගෙන සිටිති.

සරල නමුත් අභිමානවත් අයුරින් සම්ප්‍රදායනුකූලව විවාහ මංගල්‍ය පැවැත්වීම ඉහත කුමන ආකාරයේ විවාහයක් සැලසුම් කරන්නකුගේ වුවද බලාපොරොත්තුවකි.

එය සඵල කර ගැනීමට මංගල දිනයේදී සැරසෙන ඇඳුම් ආයිත්තම් කෙරෙහි නොබඳ අවධානයක් යොමු කළ යුතුවේ. එහිදී මනාලය

කුට නම් තෝරා ගත හැකි ප්‍රධාන ඇඳුම් කට්ටල දෙකකි. එකක් උඩරට නිළමේ ඇඳුමයි අනෙක සිංහල ජාතික ඇඳුමයි.

මනාලයා මෙයින් කවරක් තෝරා ගත්තද එවිට මනාලිය ඔසරියෙන් සැරසී සිටීම නිතර දැකිය හැකි දසුනකි.

සිංහල ක්‍රමයට විවාහ දිනයේදී කල එළි බැසීමට සිහින මවන ඕනෑම තරුණයකුට උඩරට නිළමේ ඇඳුම ගැළපේද? මෙය එතරම් තමන්ට නොගැළපෙන තරුණයෙකු නම් ඔහුට එය කනස්සල්ල හේතුවක් කර ගත යුතු නැක. එවන් අවස්ථාවක ඔහුට තෝරා ගත හැකි අනෙක් විකල්පය සිංහල ජාතික ඇඳුමය. එහෙත් ජාතික ඇඳුම වුවද ඕනෑම තරුණයකුට කැපී පෙනෙන ලස්සනක් එකතු කරයිද? ඒ පිළිබඳ සොයා බැලීමේදී නොසළකා හැරිය නොහැකි කරුණු කාරණා පවතී.

උඩරට ක්‍රමයට විවාහ වීමට බොහෝ සෙයින් උඩරට පදිංචි තරුණයන් පි‍්‍රය කරන බව පෙනෙයි. එය එසේ වුවද ඇතැම් පහතරට තරුණයකුද නිළමේ ඇඳුමින් සැරසීමට පි‍්‍රය කළ හැකිය. මෙයින් කවරකුට වුවද සිරුරේ හැඩය අනුව නිළමේ ඇඳුම සරිලන්නේ නැතිනම් ජාතික ඇඳුමේ අපූරුව ඉස්මතු කරීමට එය අවස්ථාවක් කර ගත හැකිය.

නිළමේ ඇඳුම වඩාත් ගැළපෙන්නේ එතරම් සිහින් උසැති තරුණයන්ට බව බොහෝ දෙනාගේ මතයයි. ඇතැම්විට එතරම් රුචි නොකළත් විවිධ හේතුන් මත මංගල දිනයට නිළමේ ඇඳුමින් නැතිනම් ජාතික ඇඳුමින් සැරසීමට මනාලයකුට සිදුවිය හැකියි. මනාලිය ඔසරිායෙන් හැඩවෙද්දී මනාලයා තෝරා ගන්නා ජාතික ඇඳුම ඔහුට කිරි සුදු පාටින්ම තම මංගල දිනයේ සකසවා ගන්නට පුළුවනි. එසේ නැතිනම් නවතාවයෙන් යුතුව ජාතික ඇඳුමම වෙනස්කම්වලින් යුතුව සකසා ගත හැකිය.

සැබවින්ම ජාතික ඇඳුමේ අභිමානය ඔප් නැංවෙන ආකාරයේ රිදී නැතිනම් රිදී පාටට කළු ආදී පැහැයන් මුසුවූ ආභරණ පවා පවතී. මනාලයෝ බොහෝ දෙනෙක් පි‍්‍රය කරන්නේ මංගල ඇඳුම අලුතින්ම නිමවා ගැනීමටයි. එවිට එහි කමිසයේ කොලරය දිදුලන වර්ණයකින් නිම කර ගැනීමට ඔවුන් පි‍්‍රය කරයි. ඇතමෙක් කමිසය අයිවරි වැනි ළා පැහැයකින් යුතුව සකසා ගන්නා අතර ළා පැහැතිම සරමක් තෝරා ගනියි. එහෙත් මෙරුන් වැනි තද පැහැයන්ගෙන් දෙවැනි දිනයේ මනාලයා සැරසෙන අවස්ථාද දක්නට තිබේ.

එවැනි අවස්ථාවල මනාලයා දෙවුර වටා සාටකයක් දවටා ගනු ලැබීමත් නිතර දක්නට ලැබෙයි. යුවළ කතිකාකරගත් තේමා සංකේත, වර්ණ තිබිය හැකියි. මුල් ඇඳුමින් සැරසෙන මනාලයා එවිට ඒවාට වඩාත් ගැළපෙන අයුරින් සැරසීම අවශ්‍යවේ. ඇඳුම් නිර්මාණකරුවන්ට එම තේමාවන් පිළිබඳ දැනුම් දුන් විට මංගල දිනයේ ඇඳුම් සහ එම වර්ණ සංකේත අතර වඩාත් සංකලනයක් දැකගත හැකි වේයි. එය දෙවැනි මනාලයා සමග මනාල මහත්මා අතරද එසේම වන්නේය.

ජාතික ඇඳුම මහත සිරුරක් සහිත අයකුට තරබාරු ගතිය මතුනොවන අයුරින් සැකසිය හැකිය. එය කඩා හැළෙන ආකාරයට තරමක් ලොකුවට මසා ගැනීම එක් උපක්‍රමයක් වෙයි.

එසේම වඩාත් සිහින් සිරුරක් හිමි අයෙකුගේ ශරීරය තරමක් හෝ පිම්බී, මතුවී පෙනෙන අයුරින් ජාතික ඇඳුම නිම කිරීම දක්‍ෂ ඇඳුම් මසන්නෙකුට අපහසු නැත.

උපදෙස් - සුගත් ශාන්ත ගමගේ
කැලණිය සී.එල්. ෆැෂන්

10150 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 06, සිකුරාදා 11:42
අදහස් එක් කිරීමට ලොග් වෙන්න