තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2017 අගෝස්තු 15, අඟහරුවාදා 10:17

ඔබත් ආකර්ෂණීය කාන්තාවක් ද? විශේෂාංග

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අගයන්න
(0 මනාප)
ආකර්ෂණීයත්වය යනු පැහැපත් සමක්, සුන්දර මුහුණක්, වටිනා ආභරණ, වටිනා ඇඳුම් පැලඳුම් ආදී දේවල්වලින් පමණක් තීරණය වන දෙයක් යැයි බහුතරය විශ්වාස කරනවා.

 

සම සුදු පැහැ ගන්වන ආලේපනවලට අද ශ්‍රී ලංකාව තුළ මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ ආකර්ෂණීයත්වය රැඳී ඇත්තේ සුදු පැහැති සමකයැයි බොහෝ දෙනා සිතාගෙන සිටින නිසා.

නමුත් ඇත්තටම කාන්තාවකගේ ආකර්ෂණීය බව තීරණය වන්නේ කෙසේද? ඇඳුම්, පැලඳුම්, පෙනුමට අමතරව ඇය සතුව පවතින ආකල්ප, හැසිරීම් රටා හා ශක්තීන් ආදී මේ සියල්ලම ආකර්ෂණීයත්වය තීරණය කිරීමට හේතු වනවා. පහත දැක්වෙන්නේ කාන්තාවක් සතුවිය යුතු එවන් දෑ කිහිපයක්.

 තමා පිළිබඳ ඇති විශ්වාසය

ඔබ කවරෙක් ද යන්න අවබෝධයක් ඔබ සතුව තිබිය යුතුයි. ඔබ සතුව ඇති දක්ෂතා, දුර්වලතා ආදී මේ සියලුම දෑ පිළිබඳ මනා අවබෝධයක් ඔබ සතු විය යුතුයි. අගනාකම්, ධනාත්මක ආකල්ප, ඔබ විසින්ම තනාගෙන ඇති ඔබේ ජීවිතය පිළිබඳ නීති රීති මේ ආදී සියල්ලක්ම ඔබේ ආකර්ෂණීයත්වය වඩා ඔප් නැංවීමට සමත් වනවා. අනුන් මත නොයැපී සමාජය තුළ ‘හිස සෘජුව තබාගෙන’ ඔබට ජීවත්විය හැක්කේ එවිටයි.

අභියෝගවලට මුහුණ දීමට ඇති කැමැත්ත

 අලුත් දේවල් අත්හදා බැලීමට හෝ ඒවා පිළිගැනීමට, විමසා බැලීමට ඔබට හැකිවිය යුතුයි.

අලුත් දේවල් පිළිබඳ ඉගෙන ගැනීමට ඔබ බිය නොවිය යුතුයි. මෙයින් ඔබේ ජීවිතය රසවත් වනවා පමණක් නොව අන් අයට ඔබ හා කාලය ගත කිරීමට ද ආශාවක් ඇතිවනවා.

ලාලිත්‍ය

 කාන්තාවක් ලෙස උපතේදීම ඔබට ලැබී ඇති ලාලිත්‍ය පවත්වා ගැනීමට ඔබ දරන උත්සාහය මගින් ඔබ අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක්වෙනවා.

මේ සඳහා වටිනා ඇඳුම් පැලඳුම්, ආභරණ ආදියට වඩා අවශ්‍ය වන්නේ තමන්ට ගැළපෙන ආකාරයට විලාසිතා කිරීම පිළිබඳ ඔබ සතුව ඇති දැනුමයි. තැනට සුදුසු ලෙස ඇඳුම් ඇඳීම, හැසිරීම ආදී මේ සියල්ලම මීට අයත්.

බුද්ධිමත්බව

 සමාජය ගැන, අවට ලෝකය ගැන ඔබ දැන සිටිය යුතුමයි. ඔබ හා කතා බහ කිරීමට අන්‍යයන් ප්‍රිය කරන්නේ එසේ වූ විටයි.

අධ්‍යාපනය, බුද්ධිමත් බව මේ දේවල් කාන්තාවකට වටිනා ආභරණ වනවා.

සුහදබව හා මිත්‍රශීලීබව

 අවට සමාජය හා ගනුදෙනු කිරීමට හා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට මේ කාරණා දෙක අනිවාර්යයෙන්ම බලපානවා.

 කුඩා දරුවන් හා හැසිරෙන ආකාරය

 පුරුෂ පාර්ශවයේ ආකර්ෂණය දිනා ගැනීමට මෙය විශාල හේතුවක් වනවා. මොකද ඔවුන් සියලු දෙනාම අනාගතයේ දී හොඳ පවුල් ජීවිතයක් හා යහපත් පියවරුන් වීමට දැඩි ආශාවක් දක්වන නිසා.

 අන්තර්ජාලය ඇසුරිනි

437 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 අගෝස්තු 15, අඟහරුවාදා 10:19
මේ යටතේ එන අනෙකුත් ලිපි: « My Wedding . . . Wedding Dream »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න