තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2017 දෙසැම්බර් 11, සඳුදා 15:01

මොඩර්න් කැන්ඩියන් එකකින් සැරසෙන්න කැමැති ඔබටයි මේ... විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(0 මනාප)
අපිට බොහෝවිට දකින්නට ලැබෙන්නේ සම්ප්‍රදායික ලෙස හැඩගැන්වුණු උඩරට මනාලියන්. නමුත් ඇතැම් යුවතියන් ‘මොඩර්න් කැන්ඩියන්’ එකෙන් හැඩ වෙන්නත් වැඩි කැමැත්තක් දක්වනවා. විලාසිතාවන් කියන දේ දිනෙන් දින අලුත් වෙන නිසා ඒ අලුත් වීමත් එක්ක අලුත් විලාසිතාවන්ට යන්නත් වැඩි දෙනෙක් කැමැතියි.

 

මොඩර්න් කැන්ඩියන් එක තෝරා ගන්නවනම් සාම්ප්‍රදායික ඔසරියේ ගරුත්වයට හානියක් නොවන ආකාරයට මනාලියට සුන්දරත්වයක් ගෙන දෙන ආකාරයට ඇයව හැඩගැන්වීම ඉතාමත් වැදගත් වනවා.

මෙහි සිටින මනාලිය නතාෂා. බලන්න මොඩර්න් කැන්ඩියන් එකෙන් සැරසී සිටින ඇයගේ සුන්දරත්වය කෙතරම් අපූරුවට ඉස්මතුකර තිබෙනවාද කියා. ඇයගේ හැඩගැන්වීම් තුළින් ඔබටත් කිසියම් අදහසක් ගතහැකියි නේද?

මොඩර්න් කැන්ඩියන් එකකින් සැරසෙන මනාලියගේ මංගල සාරිය, ආභරණ, කොණ්ඩ මෝස්තරය ආදී සියල්ල නිර්මාණය වන්නේ මොන ආකාරයට ද?

මෙම මොඩර්න් කැන්ඩියන් එක නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබෙන ‘පියෝ වයිට්’ වර්ණය සහ ග්රේ වර්ණයයි. මෙම වර්ණය සමඟ පර්ල්ස් සහ මුතුවලින් නිර්මාණය කර එම්බොස් කරගත් මල්වලින් සාරිය වැඩදමා තිබෙනවා.

මොඩර්න් කැන්ඩියන් එක සඳහා හැට්ටය නිර්මාණයකර තිබෙන්නේ උරහිසෙන් මදක් එසවී තිබෙන ආකාරයටයි. හැට්ට අතට උඩ සිට පහළට වන ආකාරයට වර්ක්කර තිබෙනවා. හැට්ටය ද මසා තිබෙන්නේ තනිකරම ලේස්වලින්. හැට්ටයේ අත මැණික් කටුව දක්වා යොදා ගැනීමෙන් එම විලාසිතාවේ අලුත් පෙනුමක් ඉස්මතු කර තිබෙනවා. අප සාරියට නිතර අඳින බෝරිච්චි හැට්ටයට වඩා මෙහි වෙනසක් දක්නට පුළුවන්.

මෙම මනාලියට යොදා ඇති කොණ්ඩා මෝස්තරය ඉතාමත් චාම්. ඇය කොණ්ඩයට කලර් එකක් කර ඇති නිසා එයට ගැළපෙන ආකාරයට කොණ්ඩය මැදින් බෙදා දෙපසින් පිම්බී ඇති ආකාරයට නිර්මාණය කොට තිබෙනවා. අයි වී කොළ සහ බේබිස් බ්‍රෙත් යෙදූ හිස සැරසිල්ල කොණ්ඩ මෝස්තරයට වැඩි අලංකාරයක් ගෙන දී තිබෙයි.

ආභරණ

සාම්ප්‍රදායික මාල හත වෙනුවට මෙම මනාලියට යොදා ගෙන තිබෙන්නේ මුතු සහ ස්ටෝන්ස්වලින් නිම වී ඇති ආභරණයි. කර මාලයේ ආකර්ෂණීය බව මතුකර දැක්විය යුතු නිසා දිග ඉයරින්ග්ස් පළඳවා ඇති අතර මාලයට සහ සාරියේ පැහැයට ගැළපෙන ආකාරයෙන් සිල්වර් ජුවලරි යොදා ගෙන තිබෙයි. නළල් තැල්ල - නළල දෙපසට ලයින්ස් දෙකක් යන ආකාරයටත් මැදින් තනි තැල්ලක් ලෙසත් රඳවා තිබෙයි.

මල් කලඹ

මල් කලඹ නිමවා තිබෙන්නේ සුදු රෝසවලින්. දැන් අලුත්ම විලාසිතාව වී තිබෙන්නේ කොළ වැඩිවශයෙන් එක්කර ගනිමින් මල් කලඹ නිර්මාණය කිරීමයි. එම නිසා මෙම සුදු රෝස මලින් කරන ලද මල් කලඹට කොළ වැඩියෙන් එක්කර ගෙන තිබෙනවා.

මේක්අප් එකටත් වැඩි අවධානයක්

මනාලියකගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කර දැක්වීමට ඇයට යොදන මේක්අප් එකද විශේෂ තැනක් ගන්නවා. නතාෂා පැහැපත් යුවතියක් නිසා ඇයගේ පැහැයට සරිලන ආකාරය

මේක්අප් යොදා ගන්නට සැලකිලිමත් වී. විශේෂයෙන්ම අයි මේක්අප් එක වඩාත් වැදගත් තෙල් ආලේපනය සඳහා දැන් භාවිතා කර තිබෙන්නේ මැට්කලර් එකයි. කාලයේ තාලයට අනුව මනාලියකට නවීන විලාසිතා එක්කර ගැන්ම කිසිම වරදක් නෑ. නමුත් එය ඇයගේ ප්‍රතිරූපයට හානියක් නොවන ආකාරයට ගැළපෙන විලාසිතා පමණක් යොදා ගැන්මට සැලකිලිමත් වීම මෙහිදී වඩාත් වැදගත් වෙයි.

 

 උපදෙස් හා හැඩගැන්වීම

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

රුචිරා ලියනගමගේ

සැලෝන් රුචිරා

බත්තරමුල්ල

 

ඡායා  - ශාන්ත මාබටුවාව

2125 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 දෙසැම්බර් 11, සඳුදා 15:03
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Wedding Dream my style cover »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න