තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2018 ජනවාරි 02, අඟහරුවාදා 12:17

‘විවාහ 450’ වසරේ පළමු මංගල ප්‍රදර්ශනය විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(0 මනාප)
ජනවාරි 05, 06, 07 කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී   වසන්තයේ මල් පිපෙන කුල කුමරිය පති කුලයට යන්න සිහින මවන්නේ අවුරුද්දකටත් පෙරයි. නව වසරේ නැවුම් බලාපොරොත්තු පුරවාගෙන අලුත් ජීවිතයක ගමන් අරඹන්නේ රන්හුයෙන් දෑඟිලි එක් කරමින්.

 

පෙරුම් පුරාගෙන සිහින මවන ඒ දිනය ළඟ ළඟම එනවිට හිතට පුංචි චකිතයකුත් දැනෙනවා. ජීවිතේ ලස්සනම දවස ලස්සන කරන්නේ කොහොමද? මේ ගැටලුව ජීවිත ගමනේ යුගදිවි ගමන් යන්න සිහින දකින දහසක් වූ යුවතියන්ට තිබෙනවා. ඒ මංගල දිනයට අරුතක් එක් කරන වටිනා අවස්ථාවක් උදාවෙන්නේ ජනවාරි 05, 06, 07. මේ දින තුන පුරාවට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ‘විවාහ’ මංගල ප්‍රදර්ශනය තමයි ලංකාවේ ජනප්‍රියම වැඩිම පිරිසක් සහභාගිවන වැඩසටහන. ‘දෙරණ’ රූපවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘විවාහ’ වැඩසටහනට සමගාමීව පවත්වන මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ඡ්මඥදබ ර්ඥඤඪච ආයතනය. අඛන්ඩව රූපවාහිනී වැඩසටහන් 450 ක් පවත්වමින් වාර්තාවක් ද තැබූ මෙම ආයතනයේ අධ්‍යක්ෂ නිරෝෂා ප්‍රනාන්දු මෙවන් වූ දිගු ගමනක මං සලකුණු පිළිබඳ ‘තරුණී’ ට සිහිපත් කළේ මහත් වූ ළෙන්ගතුකමිනි.

“රූපවාහිනී නාලිකාවක මංගල උත්සව වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව හඳුන්වාදෙමින් එයට පූර්වගාමීව ප්‍රදර්ශනයක් පැවැත්වීම ආරම්භ කළේ අපගේ ආයතනය. මේ සඳහා අප සමඟ අත්වැල් බැඳගත් ආයතන රාශියක් තිබෙනවා. ඒ අතුරින් ‘තරුණී’ පුවත්පත මේ දක්වාම අප සමඟ මුද්‍රිත අනුග්‍රහය දැක්වීමට එක්වීම විශාල ශක්තියක්. අපේ මෙම ප්‍රදර්ශනය 2018 වසරේදී පවත්වන්නේ රූපවාහිනියේ විකාශයවන 450 වැඩසටහන සමරමින්. මෙවැනි දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වීමට මා සමඟ අපගේ ආයතනයේ සාමාජිකයන් සැමවිටම දැවන්ත කාර්යයක් ඉටු කරනවා. ප්‍රදර්ශන කුටි 175 පමණ වූ මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අපගේ අරමුණු වුණේ ‘විවාහ’ උත්සවයක් සැලසුම් කිරීමේදී ඒ සඳහා ඔවුන්ට අත්වැලක් සැපයීමයි. ඇත්තටම දැන් බොහෝ දෙනෙක් හරිම අවිවේකයි. ‘විවාහ’ උත්සවයක් සංවිධානය කරන විට නැකැත් පත්‍රය සැදීමේ සිට උත්සවය පවත්වන ස්ථානය, මංගල රථය, සැරසිලි, කෑමබීම, ඡායාරූප, රූපලාවණ්‍ය... මේ වගේ කටයුතු රාශියක් සංවිධානය කිරීම තරමක අසීරුයි. මෙහිදී අපගේ අපේක්ෂාව වුණේ මේ සියලුම දේ එකම තැනකට ගොනු කිරීමයි. එවිට මංගල උත්සවයක් සංවිධානය කරන අයෙකුට අපගේ ප්‍රදර්ශනය නැරඹුමෙන් පහසුවෙන්ම එම ආයතන සමඟ සම්බන්ධවීමේ අවස්ථාව උදාවෙනවා. ඒ විතරක් නොවෙයි ඒ සඳහා වැයවන මුදල් ගැන දළ ඇස්තමේන්තුවක් සකසා ගන්න අවස්ථාව ලැබෙනවා. මෙහි තවත් විශේත්වයක් තමයි මංගල උත්සව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ, ප්‍රවීණ, පළපුරුදු තරගකාරි ආයතන රාශික්ම පැමිණීම. උදාහරණයක් ලෙස මංගල ඡායාරූප සඳහා ඔබට සුදුසු ශිල්පියා තෝරා ගන්නා විට ඔහු විසින් ගත් ඡායාරූප, ඇල්බම් ආදිය බලනවානේ. එසේ බැලීමෙන් පසු ඒ සඳහා වැයවන මුදල ගැන දැන ගන්නවා. ඉන්පසුව තවත් ඡායාරූප ශිල්පියකු හමුවීම සඳහා අවශ්‍ය නම් තවත් දිනයක් යොදාගෙන විවාහ අපේක්ෂික යුවළ එම ශිල්පියා හමුවෙන්න යන්න වෙනවා. රැකියාවක් කරන යුවළක් නම් මෙය විශාල ගැටලුවක්. නමුත් අපගේ මෙම ප්‍රදර්ශනයට පැමිණියොත් එකම දිනයක මේ සියලුම දෙනා හමුවෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ නිර්මාණ සංසන්දනය කර බලන්නත් අවස්ථාව ලැබෙනවා.”

මේ වන විට තරගකාරි ක්ෂේත්‍රයක් බවට පත්වී ඇති මංගල උත්සව කලාව තුළ ‘විවාහ’ වැඩසටහනේ ඇති විශේෂත්වය පිළිබඳ ඇය සිහිපත් කළේ මෙලෙසිනි.

“මේ වන විට රූපවාහිනී නාලිකා ඔස්සේ මෙවැනි වැඩසටහන් කිහිපයක්ම විකාශය වෙනවා. නමුත් ඒ කිසිම වැඩසටහනක් අපට අභියෝගයක් නොවෙයි. අප සමඟ එක් වී සිටින පිරිස ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන්. උදාහරණයක් ලෙස අප රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් සඳහන් කළොත් ලංකාවේ සිටින ප්‍රවීණතම පිරිසක් මේ වසර ගණනාව පුරාවට රැඳී සිටිනවා. ඒ විතරක් නොවෙයි අපි සෑම විටම දක්ෂයන්ට, නිර්මාණශීලි ශිල්පීන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා ක්ෂේත්‍රයට අලුතින් එක්වන දක්ෂ පිරිසකුත් අප සමඟ මෙම කටයුත්තට දායක වෙනවා. අපේ මේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී කිසිම වැඩසටහනක් අනුකරණය කරන්නේ නැහැ. අපගේ නිෂ්පාදන කණඩායම විසින්ම නිර්මාණය කළ අලුත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම තමයි අපේ අපේක්ෂාව.

මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන්නේ රූපවාහිනියේ දකින, නිර්මාණ, අපගේ වැඩසටහන සතිපතා නරඹන අයට සියැසින්ම දැක ගැනීමට අවස්ථාව උදාකරදීමයි. ඒ වෙනුවෙන් රූපලාවණය ශිල්පීන්ගේ මනාලියන් දැක්මක් ජනවාරි 06 වැනි දින සවස 6.00 පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ සඳහා ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා.

මෙම ප්‍රදර්ශන තමයි මේ වසරේ පවත්වන පළමු මංගල ප්‍රදර්ශනය. සාමාන්‍යයෙන් ඉතා හොඳින් මංගල උත්සවයක් පැවැත්වීමට අපේක්ෂා කරන යුවළකට වසරේ පළමු දින කිපයේදීම මෙම අවස්ථාවට එක්වීමෙන් තම මංගල උත්සවය නිසි අයුරින් සැලසුම් කර ගැනීමට කාලය තිබෙනවා. ඇත්තටම මංගල උත්සවයක් සැලසුම් කිරීමේදී කාලය හරිම වටිනවා. බොහෝ මංගල උත්සව විවිධ අඩුපාඩු මතු වෙන්නේ කල් ඇතුව සැලසුම් නොකිරීමෙන්. වසරේ ආරම්භයේම තමුන් ඒ සඳහා හොඳ ප්‍රවේශයක් ගත්තොත් ඉදිරි කටයුතු ඉතාම පහසුවෙන් සැලසුම් කර ගන්න පුළුවන්. එසේ නොවුණොත් විවිධ හේතු නිසා අපට ඇතැම් දේ ආපස්සට යනවා. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙක් මංගල උත්සවයේ සියලු දේ ඉතාම හොඳින් එකින් එක සැලසුම් කරමින් යනවා. ඔවුනට නොදැනීම උත්සවය අත ළඟටම ඇවිත්.... දැන් තමයි ඔවුන්ට මංගල උත්සවයට ආරාධනා පත්‍ර ගැන මතක් වෙන්නේ. දැන් ඒකට කාලය මදි. පුළුවන් ඉක්මනට ඒ වැඩේ කඩිමුඩියේ කරනවා. අන්තිමට දිනය වැරැදිලා.... එහෙම නැත්නම් දුරකතන අංකයේ ඉලක්කමක් අඩුයි. මේ වගේ ගැටලු.

ඇත්තටම විවාහ උත්සවයක කියන්නේ තමුන්ගේ ජීවිතේ අලුතෙන් ලියන දවස වගෙයි. ඒ පොතේ මුල්ම පරිච්ඡේදය තමයි මංගල උත්සවය. ඇත්තටම මංගල උත්සවය හරියට සැලසුම් නොවුණොත් ඔවුන්ගේ අනෙක් කටයුතු ගැන හිතාගන්න පුළුවන්. ඒ නිසා අපි විවාහවීමට අපේක්ෂා කරන සෑම අයකුටම ආරාධනය කරන්නේ එන්න අපගේ මේ ප්‍රදර්ශනය දැක ගන්න. ඔබ ලංකාවේ කොතැනක සිටියත් මේ ප්‍රදර්ශනය ඉතාම ප්‍රයෝජනවත්. සමහරු හිතයි මෙතැන තිබෙන ප්‍රදර්ශනය කුටි කොළඹ අවට ශිල්පීන්ගේ විතරයි කියලා. මේ ප්‍රදර්ශන කුටි සියල්ලම ගොනු වී තිබෙන්නේ මුළු දිවයිනම ආවරණය වෙන අයුරින් දක්ෂ නිර්මාණ ශිල්පීන්ගේ එකතුවක් ලෙසයි. පසුගිය වසරවල ලංකාවේ සතර දිග්භාගයෙන් මේ ප්‍රදර්ශනය දැක ගැනීමට පැමිණියා. ත්‍රිකුණාමලය, යාපනය, අම්පාර වැනි ප්‍රදේශවල තරුණියන් පවා පැමිණ තිබුණේ මෙයින් අලුත් දෙයක් තමුන්ගේ මංගල දිනයට එක් කර ගැනීමේ අපේක්ෂාවෙන්.

මේ ප්‍රදර්ශනය සංවිධානය කිරීමේදී මට විශාල අත්වැලක් මඟ පෙන්වීමක් ලබා දෙන්නේ අපගේ ආයතනයේ සභාපති සම්පත් ප්‍රියදර්ශන. ඔහු මේ සෑම කටයුත්තක් පිළිබඳ සොයා බලමින් අපේ නිෂ්පාදන කණ්ඩායම සමඟ රැඳී සිටිනවා. ජනවාරි 05 දින සවස 2.00 ට විශේෂ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ආරම්භ වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 06 හා 07 දෙදින පුරා උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

1703 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජනවාරි 02, අඟහරුවාදා 12:19
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Wedding Dream Wedding Dreams »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න