තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

මල් කුමාරයෝ සිරස්තල

2013 ජූලි 02, අඟහරුවාදා 12:45

මෙන්න ඔබට දෙවැනි මනාලිය හැඩ කිරීමට යොදාගත හැකි විලාසිතාවක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(14 මනාප)
දෙවැනි මනාලිය ද විවිධ විලාසිතාවන්ට අනුව හැඩගැන්වීම අද බොහෝවිට දක්නට පුළුවන්. මේ නිසා මනාලියට මෙන්ම දෙවැනි මනාලියට ද විශේෂ තැනක් හිමිවෙනවා. දෙවැනි මනාලියගේ විලාසිතාවන් ගැන ද අප මීට පෙර ඔබට තොරතුරු ගෙන ආවා.

 

මෙන්න ඔබට දෙවැනි මනාලිය හැඩ කිරීමට යොදාගත හැකි තවත් විලාසිතාවක්.

ඉණ සිට එන ඔසරිපොට මේ විලාසිතාවේදී සාරි හැට්ටයේ බ්‍රාකට් කොටසින් පටන් ගැනීම සිදුවේ. ඔබ පසුගිය සතියක දෙවැනි මනාලියට ගත් මිමි අනුවම මූලික පතරොම සකස්කර ගන්න.

ඉන්පසු මූලික පතරොම පෙර පරිදිම අඟල් 1 1/2 ක් පහළට ගන්න. දැන් ඔබ සකස් කරගත් පරිදි උරහිස සිට බ්‍රාකට් දක්වා උස ලකුණු කරගන්න.

මෙහිදී බ්‍රාකට් රේඛාව ස්ට්‍රේට් ලයින් එකක් ආකාරයට ඇඳගන්න. වෙනදා අඳින කවාකාර රේඛාව වෙනුවට ස්ට්‍රේට් ලයින් ඇඳගන්න. දැන් වෙන්කරගත් හැට්ටයේ ඉදිරිපස පතරොම උඩ කොටස අපි මුලින් පාඩමකදී ගත් පරිදි පි‍්‍ර‍්‍රන්සස් ලයින් ආකාරයට ඔපනැලි ඉවත්කර අලවාගන්න.

මෙසේ ඔපනැලි ඉවත්කර ගත් පසු බ්‍රාකට් එකෙන් උඩ කොටස පි‍්‍ර‍්‍රන්සස් ලයින් ආකාරයට සම්බන්ධ කරගන්න. ෆ්‍රන්ට් එක නැම්මට කපාගන්න.

ඉන්පසු සාරි පොට එම උඩ කොටසත් බ්‍රාකට් එකත් අතරට එකතුකර මසාගන්න. හැට්ටය ෂෝල්ඩර් ගැදර් ආකාරයට සකස්කර සාමාන්‍ය ඉන්දියානු අත අල්ලා ගන්න. හැට්ටයේ පිටුපස පසුගිය පාඩමකදී අප කියා දී ඇති සේ Buckle or ring එකක් දමා සකස්කර ගන්න. (3 රූපය)

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මැහුම් නිර්මාණ ශිල්පිනී අරුණී සිල්වා (අරුණි බ්‍රයිඩිල්)

රූ රටා - ටිරොන්

12997 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 ජූලි 02, අඟහරුවාදා 13:01
මේ යටතේ එන අනෙකුත් ලිපි: « දෙවන මනාලියෝ
අදහස් එක් කිරීමට ලොග් වෙන්න