තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ජූනි 29, සිකුරාදා 15:11

අඩු මිලට අලුත්ම තෑගි භාණ්ඩ මිලදී ගන්න

Written by 
අගයන්න
(3 මනාප)
“තිළිණයක්” එහෙමත් නැත්නම් “තෑග්ගක්” කියන්නේ බොහොම සුවිශේෂී දෙයක්. තෑග්ගක් යනුවෙන් තව කෙනකුට දෙන්නේ තමන් සිත තුළ පවතින උතුරා යන ආදරය, සෙනෙහස මෙන්ම බැඳිමයි.

විවිධ මිල ගණන් යටතේ විවිධ විච්චූර්ණ ආයිත්තම්වලින් සූසැදි තෑගි බෝග නම් වෙළෙඳ පොළේ ඕනෑ තරම්. එනමුත් කාලයේ තාලයට මෙන්ම ලබන්නා සතුටු කරන තෑගිභෝග තෝරා ගැනීම නම් ඉතාම වැදගත්. එවැනි තෑගිභෝග පිරි පිටකොටුවේ සවාරියක් යන්නයි මේ සූදානම.

පිටකොටුව දෙවැනි හරස් වීදිය තෑගි සහ නිවෙස් අලංකරණ සැරසිලි මිලදී ගැනීීම සඳහා කදිම තෝතැන්නකි. දේශීය මෙන්ම විදේශීය නිෂ්පාදන තරඟකාරී මිලට ඔබේ සිතැඟි පරිදි තෝරා ගැනීමේ අවස්ථාව මෙහිදී ලැබේ.

තෑගි භාණ්ඩ අතර වැඩිම ඉල්ලුමක් ඇත්තේ පීරිසි කෝප්ප කට්ටල සඳහායි. සාමාන්‍යයෙන් රු. 350 සිට ඉහළට ඒවා අලෙවි කෙරේ. පිට ඔපයට අලංකාර ලෙස නිම වූ පීරිසි කෝප්ප හෝ වීදුරු හිතුමතේ මිලදී ගැනීමෙන් වළකින්න. බොහෝ විට කල්ගතවීමේ දී මේවායේ පතුරු ගැළවී අවලස්සන වන්නට පුළුවන. එමෙන්ම අද වෙළෙඳ පොළේ දැකිය හැකි විසිතුරු මෙලමයින් පිඟන් කෝප්ප තෑගි භාණ්ඩ සඳහා සුදුසු නොවේ. මේවා ඉතා අලංකාර වුවත් ටික කාලයක දී අවපැහැ ගනී.

එමෙන්ම විවිධ හැඩතලයේ වීදුරු සහ කෝප්ප වර්ග ද අද වෙළෙඳ පොළට එක් වී ඇති ආකාරය පෙනෙන්නට තිබෙනවා. මෙවැනි භාණ්ඩ පාවිච්චියට වඩා සුදුසු වන්නේ නිවෙස අලංකාර කිරීම සඳහා විසිතුරු භාණ්ඩ ලෙස තැබීමටයි. එසේ කියන්නේ මෙවැනි භාණ්ඩ සෝදා පිරිසුදු කිරීම අපහසු කටයුත්තක් නිසයි. සාමාන්‍යයෙන් වීදුරුවක් කෝප්පයක් මනා ලෙස සෝදා පවිත්‍ර කර ගැනීම සඳහා අප බොහෝවිට අත යොදා ගන්නවා. එහෙත් විවිධ හැඩතල ඇති බඳුන් මේ ආකාරයට පිරිසුදු කරන්න අපහසු වන අතරම හැඩතල ඇති ස්ථානවල කහට රැඳෙන්නත් ඉඩ තිබෙනවා.

මෙවැනි තෑගි භාණ්ඩ පිළිගැන්වීමෙන් ඇතැම්විට ලබන්නා සතුටු නොවන්නත් පුළුවන්. නිවෙසේ අලංකරණ කටයුතු සඳහා ද මේ දිනවල කාන්තාවන් සූදානම් වෙන්නේ බොහොම උනන්දුවෙන්. අලුත්ම බිත්ති සැරසිල්ලකින් නිවෙස අලංකාර කිරීමටත් ඔබ සිතාගෙන ඇති. වීදුරු හා ඇලුමිනියම් යන දෙවර්ගයෙන්ම බිත්ති සැරසිලි දකින්න පුළුවන්. නමුත් වීදුරුවලට වඩා ත්‍රිමාණ ස්වරූපයක් ගන්නා බිත්ති සැරසිලි අද වඩාත් ජනපි‍්‍රයයි. මේවා රු. 750 සිට ඉහළ මිලකට අලෙවි කෙරෙනවා. මේ නව වසර වෙනුවෙන් එවැනි සැරසිල්ලක් තෑගි කිරීමත් ඉතා වටිනවා.

එමෙන්ම කුඩා ප්‍ර‍්‍රමාණයේ විසිතුරු බඳුන්වලින් දැන් වෙළෙඳපොළ පිරිලා. මෙවැනි තැග්ගකින් හිතවත් අයකු සතුටු කරන්න හරිම පහසුයි. විශේෂයෙන් තරුණ පරපුර අතර අද වැඩි වශයෙන්ම හුවමාරු වන්නේ එතරම් ඵලක් නොවන මෙවැනි තෑගි භාණ්ඩයි.

විශේෂ ස්තුතිය – “රාඩෝ” වෙළෙඳ ආයතනයේ කාර්ය මණ්ඩලයට

15625 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූනි 29, සිකුරාදා 15:18
අදහස් එක් කිරීමට ලොග් වෙන්න