තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2012 ඔක්තෝබර් 17, බදාදා 14:06

හැඩට කැමති ලියන් විලාසිනියන් කරන විසාකාමාල්ස් විශේෂාංග

ලිව්වේ  ආශිර්වාදිනී හෙට්ටිආරච්චි
අගයන්න
(14 මනාප)
වසර හැත්තෑපහක අභිමානවත් ඉතිහාසයක් ඇති කොළොම්පුරයේ විලාසිතා මන්දිරය රූපලාවණ්‍ය නිපැයුම්, සුවඳ විලවුන් ආභරණ ඇතුළු අනේක විධ දේවලින් සැරසී ගත් මේ මහා මන්දිරය කොළොම්පුර විලාසිතා අග රැජිනයි. වසර 75 ක් අභිමානවත් ලෙස පිටකොටුව කෙළින් වීදියේ අංක 92 දරන ස්ථානයේ අදටත් විරාජමානව සිටින විසාකාමාල්ස් කොයි කවුරුත් හොඳින්ම හඳුනන විලාසිතාගාරයයි.

වසර 75 ක් පුරාවට පවතිනවා යනු එසේ මෙසේ කටයුත්කක් නොවේ. එදා කොණ්ඩ සැරසිලි, විග්, හෙයාර්පින්ස් වැනි දේවලින් ඇරැඹි ඔවුනට තරගකාරිත්වයක් නොතිබුණු තරම්ය. එහෙත් අද එම ඒකාධිකාරිත්වය බිඳී ගොසිනි. ඒ තරගකාරිත්වයට මුහුණ දෙමින් වුවද තවමත් නොම්බර එකේ විලාසිතාගාරය ලෙසින් බැබළේ.

ශ්‍රී ලංකේය අනන්‍යතාවෙන් යුතු දේ මෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවලින් ආනයනය කරන දේ ඊට ඇතුළත්ය. ආරම්භයේදී තනි මහලකින් යුතු වූ විසාකා මාල්ස් අද ඉඩ පහසුකම්වලින් යුතු දෙමහල් ගොඩනැගිල්ලකි.

සුවඳ විලවුන්

නම් දරූ රට රටවල සුවඳ විලවුන් මිලදී ගන්නට ආසා කරන ඔබට මෙහිදී විවිධ මිල ගණන් යටතේ විලවුන් ලබා ගැනීමට අවස්ථාව ඇත.

රූපලාවණ්‍ය නිපැයුම් (කොස්මැටික්)

රුව වඩවන ආලේපන වර්ග එනම් පවුඩර්, බ්ලෂර්, අයිෂැඩෝ, අයි බ්‍රෝ පැන්සල්, මස්කාරා, ලිප්ස්ටික්, ලිප් ලයිනර්, ලිප් බාම්, කියුටෙක්ස්, කියුටෙක්ස් රිමුවර්, නේල් කටර්, බොඩි ස්ප්‍රේ, ඩියෝඩ්රන්ට්, ඩයි වර්ග, ෂැම්පු, කන්ඩිෂනර්, මුහුණේ, බෙල්ලේ, අතේ, කකුලේ යනාදී වශයෙන් සිරුරේ විවිධ තැන් සඳහා වෙන වෙනම ආලේපන වර්ග ඇතුළු අනේක දේ විවිධ වෙළෙඳ නාමයන් යටතේ ලබාගත හැකියි.

කොණ්ඩා සැකසුම් සඳහා

විසාකාමාල්ස් ආයතනය නම් දරා සිටිනුයේ කොණ්ඩා සැකසුම් සඳහා අවශ්‍ය උපකරණ එකම වහලක් යටින් ගත හැකි විලාසිතාගාරයක් ලෙසටයි. එක් එක් මුහුණුවල හැඩයට, පැහැයට ගැළපෙන හෙයාර් විග්ස් ඩමිවලට දමා තිබෙන නිසා තෝරාගැනීම පහසුයි.

මාල, වළලු, මුදු, කරාබු

කොස්ටියුම් ජුවලරි හෙවත් ඇඳුමට ගැළපෙන මාලය සහ කරාබු ජෝඩුව විවිධ වර්ණයන්ගෙන්, නොයෙකුත් මෝස්තර වලින් ඇත. මේවා ඩමිවලට පළඳවා ඇති නිසා ඒවාහි සුන්දරත්වය තව තවත් ඉස්මතු වේ. ඔබට තෝරා ගැනීම ද පහසු වේ. වළලු මාස තුනක්, හයක් වැනි කාලයක් සඳහා වගකීම් සහිත කාලසීමාවක් නම් කර ඇති මුත් මේවා වසර දහයක් පමණ කිසිදු වෙනසක් නොමැතිවම පවතින බව පාරිභෝගිකයන් පවසයි.

සැලෝන් උපකරණ

සැලෝන් එකක් ආරම්භ කිරීමට සැලසුම් කරන ඔබට, දැනටමත් සැලෝන් එකක් පවත්වාගෙන යන ඔබට අවශ්‍ය කරන සියලු අංගෝපාංගයන් මෙහිදී ලබා ගත හැකිවේ.

අත් බෑග්

පි‍්‍රය සම්භාෂණ සඳහා වූ අත්බෑග් මෙන්ම කාර්යාලය සඳහා සුදුසු අත්බෑග් ද විවිධ මිල ගණන් යටතේ ඔබේ රුචිකත්වය පරිදි තෝරාගත හැකිවේ.

තෑගි වවුචර්

බිරියගේ, සහෝදරියගේ, යෙහෙළියගේ උපන් දිනයට හෝ වෙනයම් අවස්ථා සඳහා තෑගි දීමට ඔබට විසාකාමාල්ස් හි රු. 500 සිට 4000 දක්වා වූ තෑගි වවුචර ලබාගත හැකිවේ.

ඉදිරියේදී විසාකා මාල්ස්

මේ ඔබට තවත් සුබ ආරංචියකි. ඉදිරියේදී මනාලියන් හැඩ ගැන්වීම, උත්සව අවස්ථා සඳහා සැරසීමට කොණ්ඩා මෝස්තර සැකසීම ආදී සියලුදේ විසාකාමාල්ස්හිදීම කිරීම සිදුවනු ඇත. හදිසියේම සැලෝන් සොය සොයා වෙහෙස නොවී ඒ වෙනුවට විසාකාමාල්ස් වෙතට පැමිණීමට අවස්ථාව ඇත.

යුවතියන් කාන්තාවන් සුරූපී ලලනාවන් කිරීමට අවැසි අංගෝපාංගයන්ගෙන් සැදුම් ලත් විසාකාමාල්ස් හි වර්තමාන අධිපතිත්වය දරනුයේ විශ්වජිත් හෙට්ටිආරච්චි මහතායි. පිය උරුමයෙන් ලද දායාදය පුතු අද එදාටත් වඩා සශ්‍රීකව පවත්වාගෙන යයි. වනමලී හර්ෂි සහ ශ්‍රී කාන්ත් ඩි සිල්වා කළමනාකරුවෝ ලෙසින් ඔහුට අත්වැලක් වෙති. සිව් දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් ඇරැඹි විසාකාමාල්ස් හි වර්තමාන කාර්ය මණ්ඩලය විසිපහක් පමණ වේ.

ඉරිදා සහ වෙළෙඳ නිවාඩු දිනයන් හැර සෙසු දිනවල පෙ.ව. 10.00 සිට සවස 6.30 දක්වා විසාකාමාල්ස් ප්‍රදර්ශනාගාරය ඔබ වෙනුවෙන් විවෘතව පවතී. පාරිභෝගිකයින්ට හැමවිටම ඉහළම සත්කාරය ලබාදීමට කැපවී සිටින ඔබට මෙහිදී වෙළෙඳ සේවිකාවකගෙන් යම් හෝ අසාධාරණයක් සිදුවී නම් එම සේවිකාව පැළඳ සිටින අංකය සමඟින් 0777-738697 යන අංකයට පැමිණිලි කළ හැකිවේ.

දශක දෙක තුනක පමණ සිට පැමිණෙන පාරිභෝගිකයන් අදටත් විසාකාමාල්ස් වෙත පියමනියි. ඒ ඇතැම්විට තම දියණිවරුන්, මිණිපිරියන් සමඟිනි. ඒ විශ්වාසවන්තකම අගයන නිසාය.

ඡායාරූප – නිරෝෂ් පි‍්‍රයංක

11878 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ඔක්තෝබර් 17, බදාදා 15:19
අදහස් එක් කිරීමට ලොග් වෙන්න