තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 12:19

මුහුණට ගැළපෙන අව් කණ්නාඩි මෙහෙම තෝරමු විශේෂාංග

ලිව්වේ  විදුමිනි නිමේෂා දිසාකරුණා
අගයන්න
(1 මනාපය)
අව් කණ්ණාඩි පැලඳීම වර්තමානයේ වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අතර ප්‍රචලිතයි.

 

සමහරු මේවා පලඳින්නේ හුදෙක්ම විලාසිතාවක් හැටියටයි.

ඒ කොහොම වුණත් අව්කණ්ණාඩි පලඳින්නේ දෑස්වලට නිසා ඒ ගැන අවබෝධයක් ලබා තිබීම හරිම වැදගත්.

අධික හිරු එළියට ඇස් නිරාවරණය වීමෙන් ඇසේ ස්වාභාවික ආරක්ෂණය ගිලිහෙනවා. ඇසේ හා ඒ අවට වඩා සංවේදී ස්නායු සෛල පවතින නිසා අධික හිරුඑළියෙන් ඒවාට දැඩි හානි සිදුවීමට ඉඩකඩ පවතිනවා.

ඇසයට කළුවීම, ඇස අවට සම රළුවීම, ඇස් රතුවීම සිදුවන්නේ අධික හිරුඑළිය ඒ මත පතිත වීම නිසයි. මේ සඳහා ඇති හොඳම විකල්පය වන්නේ අධික හිරු එළියට නිරාවරණය වීමේදී සුදුසු අව්කණ්ණාඩි භාවිත කිරීමයි.

මුහුණේ හැඩය

 

මුහුණේ හැඩයට ගැළපෙන ලෙස අව්කණ්ණාඩි මිලදී ගැනීමට ඔබ සැලකිලිමත් වෙන්න. නොගැළපෙන අව්කණ්ණාඩි ඔබේ මුහුණට ගෙනෙන්නේ අවලස්සනක්.

රවුම් මුහුණකට කොටු හැඩයේ අව් කණ්ණාඩි අපූර්වත්වයක් එක් කරනවා. ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයට මෙන්ම ගැහැනු හා පිරිමින් සඳහා වෙන් වෙන්ව මේ අව්කණ්ණාඩි මිලදී ගන්නත් පුළුවන්.

සමේ පැහැය

 

අව්කණ්ණාඩි කාච කළු, දුඹුරු සහ විවිධ වර්ණයෙන් යුතු වුවත් ලංකාවේ තළෙළු සමක් හිමි අපට වඩාත් ගැළපෙන්නේ දුඹුරු පැහැ කාච සහිත ඒවායි. අව්කණ්ණාඩි රාමුව, ඇඳුමේ වර්ණය හා ගළපන අයත් ඉන්නවා.

රතු, දුඹුරු, කොළ, කහ පැහැ වර්ණවලින් යුතු රාමු බොහෝ දෙනා මෙසේ යොදාගන්නවා. කෙසේ නමුත් ඔබ මිලදී ගන්නා අව්කණ්ණාඩිය මුහුණෙන් වට ප්‍රමාණයට ගැලපෙන ලෙස තෝරාගන්න සැලකිලිමත් වන්න.

අව්කණ්ණාඩි පැළඳීමේදී කණ්ණාඩිය හා ඇසේ කෝණ අතර ඇතිවෙන හිඩැස් පරතරය අවම කරගන්න.

එය එසේ නොවුණහොත් ඒ හිඩැස හා ඇසට අතරින් දුහුවිලි ඇතුළු වී හානිදායක තත්ත්වයක් ඇති විය හැකියි.

එවගේම මුහුණට වඩා විශාල ප්‍රමාණයේ අව් කණ්ණාඩි පැලඳීම සුදුසු වන්නේ නැහැ. දෑස්වල ආරක්ෂාව පිණිස ප්‍රමිතියෙන් යුතු අව් කණ්ණාඩි මිලදී ගැනීමට ඔබ සැම විටම වගබලාගන්න.

 

 

අන්තර්ජාලය ඇසුරින්

1702 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ඔක්තෝබර් 03, අඟහරුවාදා 12:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න